Author: Kesara Athipola

හම්බන්තොට ප්‍රදේශයේ පිහිටි තරු හෝටලයක පැවති විවාහ මංගල සාදයකට සහභාගි වූ 172ක පමණ පිරිසක් විවිධ ආසාත්මිකතාවන් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා. අදාළ සාදයට 280ක පමණ පිරිසක් සහභාගීව ඇති අතර ආසාත්මිකතාවයට ලක් වූ 14 දෙනෙකු දෙබරවැව මූලික රෝහලේත්, 18 දෙනෙකු ලු‍ණුගම්වෙහෙර ප්‍රාදේශීය රෝහලේත්, තවත් 30 දෙනෙකු අම්බලන්තොට රෝහලේත්, කිහිපදෙනෙකු ජාතික රෝහලේත් ප්‍රතිකාර ලබන බව වාර්තා වනවා.

තව කියවන්​න

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න අනතුරකට ලක්ව ඇත. ඔහු ගමන් ගත් මෝටර් රථය අනුරාධපුරයේ, තිරප්පනේ ප්‍රදේශයේ දී ලොරියක ගැටී අනතුර සිදුව ඇති බව සඳහන්. අනතුරින් ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න සුළු තුවාල ලබා ඇති බව පොලිස් ප්‍රකාශකයෙක් සඳහන් කළා.

තව කියවන්​න

හමුදා අභ්‍යාසයක් අතරතුරදී උතුරු කොරියාව විසින් නිෂ්පාදනය කළ නවීන යුද ටැංකියක් පැදවීමට එරට ජනාධිපති කිම් ජොන්ග් අන් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දකුණු කොරියාව සහ අමෙරිකාව පසුගිය දින කිහිපයේදී ඒකාබද්ධ යුද අභ්‍යාසයක් සිදුකර තිබුණා. කෙසේවෙතත් එයට ප්‍රතිචාර ලෙස උතුරු කොරියාව සිය ශක්තිය ප්‍රදර්ශනය කර ඇති බව සඳහන්. නව යුද ටැංකියේ ප්‍රහාරක හැකියාව ගැන උතුරු කොරියානු නායකයා ප්‍රශංසා කළ බවද වාර්තා වේ.

තව කියවන්​න

“ටික්ටොක්” සමාජ මාධ්‍ය යෙදවුම තහනම් කිරීම සඳහා වන පනත් කෙටුම්පත අමෙරිකා එක්සත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කර තිබෙනවා. එම පනත් කෙටුම්පත බහුතර ඡන්දයෙන් සම්මත වී ඇති අතර එය නීතියක් බවට පත්වීම සඳහා සෙනට් සභාවේ අනුමැතිය හිමිවිය යුතු බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. තවදුරටත් එම පනත අනුව “ටික්ටොක්” මව් සමාගමේ අමෙරිකානු ශාඛාව ඉවත් කර ගැනීම සඳහා මාස 6ක කාලයක් ලබාදීමට නියමිතව ඇති බවද වාර්තා වේ.

තව කියවන්​න

ගාල්ල මෙරට ප්‍රධාන සංචාරක නගරය බවට පත් කරන බව, ගාල්ල හෝලුවාගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා. ගාල්ල කොටුව ආශ්‍රිතව පවතින රජයේ කාර්යාල එම ස්ථානවලින් ඉවත් කර සංචාරක ආකර්ෂණය වැඩි කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කර ඇති බව ජනාධිපතිවරයා අවධාරණය කළා. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා විශේෂ වැඩසටහන් රැසක් මේ වන විටත් ක්‍රියාත්මක වන බවයි.

තව කියවන්​න

රටේ ආර්ථිකය පිළිබඳ සත්‍ය අවබෝධ කර නොගෙන, බලය ලබා ගැනීම වෙනුවෙන් ලබාදුන් දේශපාලන පොරොන්දු නිසා රටේ ජනතාවට දැඩි පීඩාවකට ලක්වීමට සිදු වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එම වරද කිරීමට තමා සූදානම් නැති බව අවධාරණය කළ ජනාධිපතිවරයා සත්‍යයට මුහුණ දෙමින් රටට සුබවාදී අනාගතයක් ගොඩනගා ගැනීමට සියලුදෙනා කටයුතු කළයුතු බවද පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ “යුනයිටඩ් යූත් තරුණ එකමුතුව “ තරුණ අපේ අනාගතය” නමින් සංවිධානය කළ සුහද හමුවට එක්වෙමිනි. මෙම හමුව තැප්රොබේන් ඒන්ටර්ටේට්මන්ට්හීදි ඊයේ (12) පැවැත්විණි.

තව කියවන්​න

පාසල් සිසුන්ට විවිධ මාධ්‍ය භාවිතයන් පිළිබඳ ප්‍රායෝගික දැනුම හා අත්දැකීම් ලබාදීමේ අරමුණින් ජනාධිපති මාධ්‍ය අංශය මඟින් ක්‍රියාත්මක කිරීමට නියමිත “Kaleidoscope 2024 Screen media for Gen-Z” මාධ්‍ය වැඩසටහනේ සමාරම්භක උත්සවය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. ජනාධිපති ලේකම් කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යංශය, ජනාධිපති මාධ්‍ය අංශය, රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන, විද්වතුන්, මාධ්‍ය ප්‍රවීණයන් ඇතුළු නියෝජිතයන්ගෙන් සමන්විත උපදේශන මණ්ඩලයක් සමග එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන අතර වැඩසටහන මාර්තු 20 වනදා ආරම්භ කෙරේ.

තව කියවන්​න

නවීන තාක්ෂණය හා නවීන මෙහෙයුම් ක්‍රමවේද සහිත අංගසම්පුර්ණ නව බහුදින ධිවර යාත්‍රාවක් ධීවර කර්මාන්තය සඳහා හඳුන්වා දීමට සැලසුම් කර තිබෙන බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පැවසීය. ලොරෙන්සෝ පුතා – 4 යාත්‍රාවේ සිටි ධීවරයින් ඉතා ඉක්මණින් ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නීතිපතිවරයා හරහා විදේශ කටයුතු අමාත්‍යංශය දැනුවත් කර තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (13) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

තව කියවන්​න

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ වෙළඳ මධ්‍යස්ථානය සඳහා මුල්ගල් තැබීම ඊයේ (12) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සුරතින් සිදුවිය. මෙම අවස්ථාවට සහභාගී වූ ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි මහතා සිය අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට ඩොලර් බිලියන 12ක නව අගයක් එකතු කරන මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව තුළ විශාල සංවර්ධන ඉදිරි පියවරක් වනු ඇති බවයි. මෙම අවස්ථාවට චීන තානාපතිවරයා, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් සහ වරාය නගර ව්‍යාපෘතියේ ඉහළ නිලධාරීන් රැසක් ද සහභාගී විය.

තව කියවන්​න

පාසල්වල 8 වැනි ශ්‍රේණියෙන් ඉහළ ශ්‍රේණි සඳහා වු තොරතුරු තාක්ෂණ විෂය මාලාව සංශෝධනය කර තොරතුරු තාක්ෂණ විෂය ධාරාව සමග කෘතිම බුද්ධිය විෂය ධාරාව හඳුන්වාදෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරයි. එහි නියමු ව්‍යාපෘතිය එළැඹෙන මාර්තු 19 වන දා පාසල් 17ක් සම්බන්ධ කරගනිමින් ආරම්භ කිරීමට නියමිතයි. මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සමග මයික්‍රෝසොෆ්ට් ආයතනය එක්ව සිටින අතර ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව විෂය දැනුම මෙරට දරුවන්ට ලබාදීමට ඒ අනුව හැකිවන බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.

තව කියවන්​න