Author: Kesara Athipola

එංගලන්ත කණ්ඩායමේ ප්‍රබල, තරුණ පිතිකරුවෙක් වන හැරී බෘෘක් එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත්ව ඇති බව වාර්තා වේ. ඔහුගේ මිත්තනියගේ මරණය හේතුවෙන් තරගාවලියෙන් ඉවත්වීමට තීරණය කළ බව නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත. දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් පසුගියදා පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 4කට හැරී බෘෘක් ව මිලදී ගෙන තිබේ. ඔහු වෙනුවට කණ්ඩායමට ඇතුළත් කෙරෙන ක්‍රීඩකයා පිළිබඳ කණ්ඩායම මෙතෙක් නිල වශයෙන් වාර්තා කර නැත.

තව කියවන්​න

දිවයිනේ පවතින උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත් නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන කළේ. මේ අතර පවතින වියළි කාලගුණය හේතුවෙන් ජල සම්පාදන ක්‍රම 15 ක ජල සැපයුමට බාධා මතු වී තිබෙනවා. ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලයේ සංවර්ධන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අනෝජා කලුආරච්චි මහත්මිය පැවසුවේ ගම්පලවත්ත, පුස්සැල්ලාව, කොටගල, පුස්සැල්ල, හැටන් හා ඌරුබොක්ක යන ප්‍රදේශවල මුර ක්‍රමයට ජලය සපයන බවයි. වියළි කාලගුණික තත්ත්වය පවතින කාලසීමාව තුළ ජලය අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් යොදා ගන්නා ලෙස ද ජාතික ජල සම්පාදන හා ජල…

තව කියවන්​න

කෝප් කමිටු සභාපති ධුරය ළදරු පාසල් දරුවෙකුට ලබා දුනහොත් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනට වඩා සේවයක් ඒ දරුවාගෙන් බලාපොරොත්තු විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර පවසයි. මහනුවර 14 දින පැවැති මාධ්‍ය හමුවකදී අදහස් පල කළ මන්ත්‍රීවරයා කියා සිටියේ කිසිදු උගත්කමක් පලපුරුද්දක් නොමැති, කියවීමේ හැකියාව පමණක් ඇති රෝහිත අබේගුණවර්ධන වැනි අයාලේ යන පුද්ගලයෙකු හට මෙවන් වැදගත් පාර්ලිමේන්තු කමිටු සභාපති ධුරය ලබා දීමෙන් සිදුවනුයේ ඒ යටතේ විගණනයට ලක් වන රාජ්‍ය ආයතන සියල්ලද අයාලේ යන බවයි.

තව කියවන්​න

කල්ඉකුත් වූ හෝ තත්ත්වයෙන් බාල ඖෂධ ජනතාවට ලබාදීමට කිසිවිටෙකත් කටයුතු නොකරන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. ඖෂධ බෙදාහැරීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ අඩුපාඩු මේ වන විට මගහරවාගෙන වඩාත් සාර්ථකව සිදුකරන බවයි රමේෂ් පතිරණ මහතා වැඩිදුරටත් සදහන් කළේ. කෙසේ වෙතත් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය චෝදනා කළේ හදිසි මිලදී ගැනීම් යටතේ ආනයනය කළ ඇතැම් ඖෂධ භාවිතයට නුසුදුසු බව සොයාගන්නා විටත් එම ඖෂධවලින් සියයට 90 ක්ම රෝගීන්ට ලබාදී ඇති බවයි. එහි සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා විගණන වාර්තාවක් උපුටා දක්වමින් සදහන් කළේ ඇතැම් ඖෂධ මිලදී ගැනීම සදහා කැබිනට් අනුමැතිය ලබාදීමටත් පෙර තාක්ෂණික ඇගයීම් වාර්තා නිකුත් කර…

තව කියවන්​න

ලෝක ජනගහනයෙන් බිලියන 3.5 කට සහ සංවර්ධනය වෙමින් පවතින රටවල 04 දෙනෙකුගෙන් 03 කට මුඛ රෝග වැළ දී ඇති බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ලෝක බැංකු ව්‍යාපෘතිය මගින් දන්ත සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් කිරීම සදහා රුපියල් මිලියන 3.5 ක් වටිනා මයික්‍රෝ මෝටර්ස් දන්ත (Dental Micromotor) උපකරණ ලබාදීමේ අවස්ථාවට අද (14) එක්වෙමින් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා මෙම කරුණූ පෙන්වා දෙන ලදි. දන්ත මයික්‍රෝ මෝටර්ස් යනු දන්ත සායන සහ ශල්‍යකර්ම සදහා භාවිතා කරනු ලබන විදුලියෙන් ක්‍රියාකරනු ලබන උපකරණයකි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතියට Primary Health…

තව කියවන්​න

පුද්ගලයෙකු මත්කුඩු සමග බොරලැස්ගමුව පිල්ලෑව ප්‍රදේශයේදි පෙරේදා (12) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු යුද හමුදා ලුතිනන්වරයෙකු බවයි පසුව අනාවරණය වී ඇත්තේ. අදාළ පුද්ගලයා හොරයින් මත්කුඩු ලඟ තබා ගැනීමේ චෝදනාව යටතේ මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

තව කියවන්​න

මෙගාවොට් 50ට වැඩි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති දිවයින පුරා සංවර්ධනය කිරීම වෙනුවෙන් වූ ව්‍යාපෘති ආයෝජකයන් කැඳවා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන්, විදුලිබල මණ්ඩලයේ සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් ඊයේ (13) විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ දී පවත්වන ලදී. ඒ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙම සාකච්ඡාවේ දී අවශ්‍ය අනුමැතින් ලබා ගැනීම, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ කාලරාමුව, බාහිර ආයතනවලින් ලබා ගත යුතු බලපත්‍ර සහ අනුමැතියන් හා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී ඇතිවන අභියෝග සම්බන්ධයෙන් දැනුවත් කිරීමත් සහ සාකච්ඡා කිරීමත් සිදු විය. 2030 වනවිට සමස්ත විදුලිබල උත්පාදනයෙන් 70% ක් පුනර්ජනනීය බලශක්තිය මගින් ලබාගැනීමේ රජයේ ප්‍රතිපත්ති සාක්ෂාත් කර ගැනීම සඳහා මෙගාවොට්…

තව කියවන්​න

ජාතික කායික රෝග දිනයට සමගාමීව ශ්‍රී ලංකා කායික රෝග වෛද්‍ය විද්‍යා ආයතනයේ ( Sri Lanka College of Internal Medicine- SLCIM ) පොදු ජන වෙද වෙබ් පිටුව (http://public.slcim.lk/) දියත් කිරීම සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ හා සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ( 13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී සිදු කෙරිණි. වඩාත් නිරවද්‍යවූත් විද්‍යාත්මකවූත් සෞඛ්‍ය තොරතුරු මහජනතාව වෙත ලබා දීම මෙම වෙබ් පිටුවේ අරමුණයි. මහජනතාවගේ සෞඛ්‍ය පිළිබඳ පවතින මිථ්‍යා මත දුරු කර ජනතාවට නිවැරදි අවබෝධයක් ලබා දීමත් මෙමගින් අපේක්ෂා කෙරේ. සිංහල දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම පරිශීලනය කළ හැකි මෙම වෙබ් පිටුවේ නිරෝගී සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතක්…

තව කියවන්​න