Author: Kesara Athipola

පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් ඊයේ (13) පවත්වා තිබෙනවා. මෙම හමුවේදී, ද්විපාර්ශ්වික සබඳතා, දේශපාලන වර්ධනයන් සහ අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන වෙනත් විෂයයන් පිළිබඳ අදහස් හුවමාරු වූ බව වාර්තා වේ.

තව කියවන්​න

මුහුදුකරයට සීමා වී තිබෙන සංචාරක ව්‍යාපාරය රට තුළට ගෙන ඒමෙන් ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කළ හැකි බව හෝලුවාගොඩ “සෙරින් රිවර් පාර්ක්” පරිසර උද්‍යානය ජනතා අයිතියට පවරා දෙමින් ජනපති පවසයි. මුහුදුකරයට සීමා වී තිබෙන සංචාරක ව්‍යාපාරය රට තුළට ගෙන ඒමෙන් ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කළහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ගාල්ල, හෝලුවාගොඩ ඉදි කළ “සෙරින් රිවර් පාර්ක්” පාරිසරික උද්‍යානය ඊයේ (13) පස්වරුවේ ජනතා අයිතියට පවරා දීමෙන් අනතුරුව පැවති උත්සව සභාව අමතමිනි. 2021 වසරේදී ඉදිකිරීම් ඇරඹූණු මෙම උද්‍යානය අක්කර 14ක විශාලත්වයකින් යුතු පුරන්වූ කෙත් යායක ඉදිකර තිබේ.

තව කියවන්​න

හෝමාගම ඩිපෝවට අයත් NSBM සරසවිය දක්වා සිසුන් ප්‍රවාහනය කරමින් තිබූ ලංගම බස් රථයක් අද උදෑසන අනතුරට ලක්ව තිබෙනවා. එම බස් රථය NSBM හරිත සරසවිය ආසන්නයේදී රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව ජයවර්ධනපුර සරසවියේ තාප්ප කොටසක ගැටී නතරවී තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ සරසවි සිසුන් පිරිසක් ගමන් කර ඇති නමුත් අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ.

තව කියවන්​න

ශ්‍රී ලංකාව පසුගිය කාලයේ විවිධ අවස්ථාවන්වලදී විදේශී රටවල් සමඟ වෙළඳ ගිවිසුම් ගිවිසුම් අත්සන් කර ඇතත්, ගිවිසුම් අත්සන් කළ වෙනත් රටවලට සුගතියක් වූවා පමණක් බවත්, ශ්‍රී ලංකාවට එයින් සැලකිය යුතු ප්‍රයෝජනයක් සැලසී නොමැති බවත්, පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසනවා. අද පේරාදෙණියේදී මේ පිළිබඳව අදහස් දක්වමින් එතුමන් මේ බව ප්‍රකාශ කළා. එමෙන්ම පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී නිසි පරිදි අවධානයකින් යුතුව කටයුතු කළ යුතු බවත්, එසේ නොවුනහොත් බැංකු පද්ධතියට ද අහිතකර තත්ත්වයන් බලපෑ හැකි බැවින් බැංකු පද්ධතියක් ආරක්ෂා කර ගනිමින් සුලූ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ආරක්ෂා කර ගනිමින් කටයුතු කිරීම විධිමත් අධ්‍යයනයකින් තොරව කටයුතු…

තව කියවන්​න

කථානායකවරයාට එරෙහි විශ්වාස භංගය ලබන 19 සහ 20 දෙදින විවාදයට ගැනීමට මීට සුළු මොහොතකට පෙර අවසන් වු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදි තීරණය වී තිබේ. ඊට අදාළ ඡන්ද විමසීම 20 වැනිදා සවස 4.30ට පැවැත්වීමට නියමිතය.

තව කියවන්​න

ගංජා විනෝදාත්මක භාවිතය නීතිගත කළ ආසියාවේ පළමු රට බවට 2022 වර්ෂයේදී පත්වූ තායිලන්තය එම තීරණය නැවත වෙනස් කරමින් වෛද්‍ය අවශ්‍යතා සඳහා පමණක් භාවිත කළ හැකි ලෙස සීමා පැනවීමකට රජය සූදානම් වන බව මාධ්‍ය වාර්තා කරනවා. රජය නව තීරණයක් ගැනීමට හේතුව විනෝදාත්මක ගංජා භාවිතය සඳහා නීති ලිහිල් කිරීමෙන් පසු ගංජා භාවිතය 10 ගුණයකින් ඉහළ ගොස් ඇති බවට සමීක්ෂණයකින් අනාවරණය වීම නිසා බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

කැනඩාවේ, ඔටාවාහි දී ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකික පවුලේ සාමාජිකයින් හය දෙනාගේ අවසන් කටයුතු කැනඩාවේ දී සිදු කරන බව ඥාතීන් සඳහන් කර තිබේ. එම සිදුවීමේ දී තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටින 34 හැවිරිදි ධනුෂ්ක වික්‍රමසිංහ නැමැත්තාගේ පියා සහ සහෝදරයා අවසන් කටයුතු සිදු කෙරෙන අවස්ථාවට ශ්‍රී ලංකාවේ සිට සහභාගී වනු ඇති බව සඳහන්. කෙසේ නමුත් අවසන් කටයුතු සිදු කෙරෙන දිනයක් මේ දක්වා දන්වා නොමැති බව වාර්තා වේ.

තව කියවන්​න

උත්සව සමයේ මෙරට අත්‍යඅවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ඉහල යාම රජයක් ලෙස පාලනය කිරීමට වෙළඳ ඇමතිට සැලසුමක් තිබිය යුතු බවත්, එය පාලනය කිරීමට භාණ්ඩ වෙනත් රටවලින් ගෙන්වීමේදී එයින්ද ජාවාරම් කිරීම හා කොමිස් ගැසීම රජය මැදිහත්ව නවතා දැමිය යුතු බවත්, සමගි ජන බලවේගයේ මැදවච්චිය ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. ඊයේ(13) රාත්‍රියේ මැදවච්චිය සමගිජන බලවේගයේ පක්ෂ කාර්යාලයේදී මාධ්‍ය වෙත් අදහස් දක්වමින් ඒ මහතා එසේ කීහ.

තව කියවන්​න