- පාකිස්තානයට ජාත්‍යන්තර පාපන්දු තහනමක්
- පළමු ආනයනික වාහන නැව 25 වැනිදායින් පසු දිවයිනට
- 09 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල ඇරඹෙයි
- බ්‍රසීලයේදී කුඩා ගුවන් යානයක් කඩා වැටෙයි
- නුවරඑළියට මල්තුහීන
- රොටුඹ උපාලිගෙන් ප්‍රශ්න කිරීමට දින 7ක රැඳවුම් නියෝග ගනී
- වැසි රහිත කාලගුණ තත්ත්වයක්
- පොලිසියේ ඉහළ තනතුරු කිහිපයකට ස්ථාන මාරු
Author: Kesara Athipola
ලිබියාවෙන් ගමන් ආරම්භ කළ සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් 60 දෙනෙකු මියගොස් තිබේ. මෙම බෝට්ටුවේ එන්ජිම ක්‍රියාවිරහිත වීම හේතුවෙන් පෙරළී ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. කෙසේ වෙතත් මෙහි සිටි තවත් විසිදෙනෙකු පමණ දිවි ගළවාගෙන තිබෙනවා.
පොළොන්නරුව හබරණ ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයකින් සේවය ලබා ගැනීමට පැමිණි විදේශීය රටක කාන්තාවක් ලිංගික අතරවරයකට ලක් වූ බවට පොළොන්නරුව සංචාරක පොලිසියට පැමිණිලි ලැබී ඇතැයි පොලිසියේ ප්‍රකාශකයකු පැවසීය. එම ආයුර්වේද මධ්‍යස්ථානයේ පුද්ගලයකු අතින් ඉකුත් අටවන දා මෙසේ ලිංගික ආතවරයකට ලක් වූව කියන මෙම කාන්තාව එංගලන්ත ජාතික හැට දෙක හැවිරිදි කාන්තාවක් බව එම ප්‍රකාශකයා පැවසීය. සිදුවීම සම්බන්ධයෙන් හබරණ පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
අද දිනයේදීත් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව තිබේ. හුණුපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ සංඥා පද්ධතියේ හටගත් දෝෂයක් නිසා මෙලෙස ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවී ඇති බව වාර්තා වේ.
ජපානයේ ෆුකුෂිමා හිදී රික්ටර් මාපකයේ 5.8ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් සිදුව ඇති බව වාර්තා වේ. භූ කම්පනය ෆුකුෂිමා ප්‍රාන්තයේ වෙරළට ඔබ්බෙන් සිදුවී ඇති බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පවසයි. සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති අතර හානිය පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.
මිනිස් ජීවිතවලට අනතුරුදායක යැයි හඳුනාගෙන ඇති සුනඛ වර්ග 23ක් සුරතල් සතුන් ලෙස ඇති කිරීම, අභිජනනය කිරීම සහ විකිණීම තහනම් කරමින් ඉන්දියාවේ මධ්‍යම රජය විසින් ප්‍රාන්ත සියල්ල වෙත නියෝගයක් නිකුත් කර තිබේ. එමෙන්ම දැනටමත් සුරතල් සතුන් ලෙස මෙම ලැයිස්තුවට අයත් සුනඛ වර්ග සිටීනම් එම සුනඛයින්ගෙන් තවදුරටත් බෝවීම වැළැක්වීම සඳහා අවශ්‍ය ප්‍රතිකාර සිදුකළ යුතු බවදට නියෝග කර ඇති බව සඳහන්. තහනම් කර ඇති සුනඛ විශේෂ පහත දැක්වේ, Pitbull Terrier, Tosa Inu, American Staffordshire Terrier, Fila Brasileiro, Dogo Argentino, American Bulldog, Boerboel Kangal, Central Asian Shepherd Dog,Caucasian Shepherd Dog, South Russian Shepherd Dog, Tornjak, Sarplaninac, Japanese Tosa, Akita, Mastiffs, Terriers, Rhodesian Ridgeback, Wolf…
නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක, කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් රචිත “ජන අරගලයේ දෝංකාරය” ග්‍රන්ථය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
අද (15) සිට වී මිල දී ගැනීම සඳහා දිස්ත්‍රික්ක 09ක ගබඩා 12ක් විවෘතව තැබේ. තවත් ගබඩා 100ක් වී ලැබෙන කවර අවස්ථාවක වුවත් මිල දී ගැනීමට සූදානම් කර ඇත. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් කළ ඉල්ලිමක් පරීදි ගරු ජනාධිපතිතුමන් විසින් මෙවර මහ කන්නයේ වී මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලයට රුපියල් මිලියන 500ක මුදලක් ලබා දී තිබේ. ඒ අනුව හෙට සිට වී මිල දී ගැනීම සඳහා හම්බන්තොට, මොණරාගල, අම්පාර, ත්‍රිකුණාමලය, මඩකලපුව, කුරුණෑගල, වව්නියාව, කිලිනොච්චිය හා අනුරාධපුර යන දිස්ත්‍රික්ක 09හි වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා 12ක් විවෘතව තැබීමට තීරණය කර ඇත. ඒ අනුව කච්චිගල් ආර, වීරවිල, දෙහිගහලන්ද, යෝධකන්ඩිය,…
2022 සහ 2023 යන වර්ෂවල දී සංශෝධිත නව පනත් 107ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකිවූ බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පැවසීය. 2023 වර්ෂයේදී රැදවියන්ගේ ශ්‍රම දායකත්වයෙන් කෘෂිකර්ම සහ කර්මාන්ත අංශය මඟින් රුපියල් මිලියන 116ක් උපයා ගැනීමට හැකියාව ලැබී තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
ඉදිකිරීම් ක්ෂේත්රයේ මතුව ඇති ගැටලු නිසි ලෙස අධ්‍යයනය කර, පවතින ආර්ථික තත්ත්වය හමුවේ එම ගැටලුවලට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට විද්වත් කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඉදිකිරීම් ක්ෂේත්රයේ නියුතු කර්මාන්තකරුවන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දීය. මුදල් අමාත්‍යාංශයේ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම්වරුන් ඇතුළත්වන පරිදි ක්ෂේත්රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විතව මෙම විද්වත් කමිටුව පත් කිරීමට පියවර ගන්නා බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. එමෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු අවසන් වීමත් සමඟ ලබන වසර වන විට සියලු ක්ෂේත්රවල කර්මාන්තකරුවන් ධෛර්යමත් වන අන්දමේ සහන ලැබෙනු ඇති බව ද ජනාධිපති රනිල්…
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව මාර්තු 19 අඟහරුවාදා සහ 20 බදාදා යන දෙදින විවාදයට ගැනීමට අද (14) කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් හංස අබේරත්න මහතා පැවසීය. මේ අනුව මාර්තු 19 වැනි අඟහරුවාදා පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා ද 20 වැනි බදාදා පෙ.ව 9.30 සිට ප.ව 4.30 දක්වාද විවාදය පැවැත්වීමට නියමිතව ඇත. එසේම විවාදයේ දෙවැනි දිනය වන 20 වැනිදා ප.ව 4.30 ට පමණ විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට ද මෙහි දී තීරණය වූ බව වැඩබලන මහලේකම්වරයා පැවසීය. මාර්තු 21 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව 9.30 – ප.ව 10.30…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222