Author: Kesara Athipola

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එළඹෙන ඇමරිකානු ජනාධිපතිවරණය ජයගනු ඇතැයි තමන් නොසිතන බව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් පවසනවා. රූපවාහිනී සාකච්ඡාවකට එක් වෙමින් ඔහු කියා සිටියේ ට්‍රම්ප්ට යුක්‍රේන යුද්ධය අවසාන කිරීම පිළිබඳ ඔහුගේ අපේක්ෂාවන් ඉටු කරන්නට සිදු නොවනු ඇති බවයි.

තව කියවන්​න

ජනාධිපතිවරණය දින තුනක් මුළුල්ලේ පවත්වන රුසියාවේ ජනාධිපතිවරණය අද ඇරඹෙනවා. මේ වනවිට ද එරට ඈත පෙරදිග ප්‍රදේශයන් හි ඡන්ද පොළවල් විවෘත බවයි වාර්තා වන්නේ. එක්සත් රුසියාව පක් ෂයේ සහය ලබන ස්වාධීන අපේක්ෂකයකු ලෙස සැලකෙන ජනාධිපති ව්ලදිමීර් ව්ලදිමිරෝවිච් පූතින්, කොමියුනිස්ට් පක්ෂ අපේක්ෂක නිකොලායි මිහායිලවිච් හරිතෝනෆ්, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ලියොනිද් එදුවාර්දවිච් ස්ලුත්ස්කි සහ නව ජනතාව පක්ෂයේ ව්ලදිමීර් අන්ද්‍රයේවිච් දවාන්කෆ් යන සිවුදෙනා මැතිවරණය සඳහා අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්ව ඇත. කෙසේ වෙතත් මෙම ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂා කළ ලිබරල්වාදී යයි සැලකෙන අපේක්ෂකයන් කිහිපදෙනකුටම එම අවස්ථාව හිමි නොවීම ආන්දෝලනාත්මක කරුණක් වුණා.

තව කියවන්​න

එකල භීෂණ සමයේ තම පියා ඝාතනය කිරීමට පැමිණි ඝාතකයා අද අනුර කුමාර දිසානායක මහතාගේ වේදිකාවේ සිටින බව සමගි ජන බලවේගය ජන හමුවක් අමතමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කළා. තම පියා එකල මහජන පක්ෂයේ සිටින කාලයේ ජනතා විමුක්ති පෙරමුණ විසින් එම පක්ෂයේ බොහෝ දෙනෙක් ඝාතනය කළ බව ඇය සදහන් කළා. ඝාතකයන් පැමිණ වෙඩි තබන්නට උත්සාහ කරද්දි තම සීයා එම ඝාතකයන් සමග පොරබැද ඝාතකයන්ගේ තුවක්කුවෙන් වෙඩි තබා ඝාතකයා ඝාතනය කළ බව ඇය පැවසුවා. එදා එම ඝාතනය සඳහා පැමිණි ප්‍රධානියා අද අනුර කුමාර දිසානායක මහතාගේ වේදිකාවේ සිටින බව පැවසූ ඇය, නුදුරේදීම එම නම් ගම් සමග තමන් සියල්ල හෙළිදරව් කරන බවද…

තව කියවන්​න

ශ්‍රී ලංකා නාවික හමුදාව, අද දින (15) අළුයම් කාලයේ කරෙයිනගර් කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් පහළොස් දෙනෙකු (15) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩ පවත්වා දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, අද දින (15) අළුයම් කාලයේ මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් උතුරු නාවික විධානය මඟින්…

තව කියවන්​න

අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයක්, ලංගම බස් රථයක ගැටිමෙන් අද (15) දින අනතුරක් සිදු වි ඇති බව නොර්වුඩ් පොලිසිය පවසනවා. අද දින උදැසන 6.30 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් පොලිස් ස්ථානය ඉදිරිපිටදීය. බගවන්තලාව සිට වටවල දක්වා ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් පිරිසක් රැගෙන, අධික වේගයෙන් ධාවනය කර ඇති පෞද්ගලික බස් රථයේ වේගය පාලනය කරගත නොහැකිව හැටන් සිට බගවන්තලාව දක්වා ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වෙමින් තිබු ලංගම බස් රථයේ පසුපස ගැටීමෙන් මෙම අනතුර සිදු වි ඇත. අනතුරෙන් බස් රථ දෙකේ ගමන් මගින් කිසිවෙකුට තුවාල සිදු වි නොමැති අතර, අනතුරෙන් බස් රථ දෙකටම…

තව කියවන්​න

කැළණිය – හුණුපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ සංඥා පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන්, අද (15) පෙරවරුවේ ප්‍රධාන මාර්ගයේ සිදුවූ දුම්රිය ප්‍රමාදය මේ වනවිට යථා තත්වයට පත් කර ඇති බව දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළා. මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ කොළඹට දෙසට ධාවනය වූ දුම්රිය කිහිපයක් ප්‍රමාද වී තිබුණා.

තව කියවන්​න

පසුගිය දිනවලදී දකුණු පළාතේ වෙඩි තබා සිදු කළ ඝාතන හා අදාළව කෙරෙන විමර්ශනවලදී පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ යම් දුර්වලතාවක් වන බවට අනාවරණය වුවහොත් එම නිලධාරීන්ට එරෙහිව විනයානුකුල පියවර ගන්නා බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. පොලිස්පතිවරයා පෙරේදා (13) ගාල්ල සහ ඇල්පිටිය පොලිස් කොට්ඨාශවල ජ්‍යෙෂ්ඨ නිලධාරින් හමුවී සාකච්ඡාවක් පවත්වා තිබුණි. එහිදී පොලිස්පතිවරයා ප්‍රකාශ කළේ පසුගිය දිනවල ඇල්පිටිය, පිටිගල සහ අම්බලන්ගොඩ යන ප්‍රදේශවල සිදුවූ ඝාතන වලට අදාළව සිදු කෙරෙන විමර්ශනවලදී පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ යම් දුර්වලතාවයක් තිබුණේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවයි.

තව කියවන්​න