Author: Kesara Athipola

පුරප්පාඩුව පවතින ග්‍රාමසේවා වසම් 2002ක් වෙනුවෙන් ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ මේ දිනවල පැවැත්වෙන බවත් එළඹෙන අප්‍රේල් මාසය අවසන් වීමට පෙර ඔවුන් සේවයේ පිහිටුවීමට කටයුතු කරන බවත් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රට ගොඩනඟන වැඩ පිළිවෙල ඔස්සේ තවත් වසර දෙකක් හෝ ඉදිරියට ගමන් කිරීමට හැකි වුවහොත් බිඳවැටුණු ආර්ථිකය ගොඩනඟමින් සංවර්ධිත රටක් නිර්මාණය කළ හැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (15) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

තව කියවන්​න

ප්‍රවීණ චිත්‍ර ශිල්පීන් දෙපළක් වන ඉරෝමි විජේවර්ධන සහ වින්ස්ටන් සුලුදාගොඩ යන මහත්ම මහත්මීන්‌ විසින් කොළඹ 07, ලයනල් වෙන්ඩට් කලාගාරයේ සංවිධානය කර තිබූ චිත්‍ර ප්‍රදර්ශන නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (14) පස්වරුවේ එක්විය. ඉරෝමි විජේවර්ධන මහත්මියගේ කලා දිවියට වසර 50ක් සපිරීම නිමිත්තෙන් ‘Celebration of women’ යන තේමාව ඔස්සේ චිත්‍ර ප්‍රදර්ශනය සංවිධානය කර තිබු අතර දෙස් විදෙස් චිත්‍ර ප්‍රදර්ශන පවත්වනු ලබන වින්ස්ටන් සුලුදාගොඩ මහතා තම 34 වන චිත්‍ර ප්‍රදර්ශනය ලෙස ‘භාවනාවක ශාන්තිය’ තේමාව යටතේ සිය චිත්‍ර ප්‍රදර්ශනය සංවිධානය කර තිබිණි. වසර 46ක් පුරා සිතුවම් කලා කේෂ්ත්‍රයේ නිරතව සිටින වින්ස්ටන් මහතා විදෙස් රටවල් රැසක සිය සිතුවම් සහිත ප්‍රදර්ශන පවත්වා තිබීම විශේෂත්වයකි. එදිනෙදා…

තව කියවන්​න

ඉතිහාසයේ සිට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින පුළුල් වෙළෙඳ සහ ආර්ථික සබඳතා දෙරටටම ප්‍රතිලාභ හිමිවන පරිදි යළි කඩිනමින් ශක්තිමත් කර ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවේ 76 වන නිදහස් දිනය සහ ඉන්දියාවේ 75 වන ජනරජ දිනය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා-ඉන්දියා සමාජය (Sri Lanka India Society) විසින් ඊයේ (14) කොළඹදී සංවිධානය කර තිබූ විශේෂ සැමරුම් උත්සවයට එක් වෙමිනි.

තව කියවන්​න

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය සමඟ එක්ව ක්‍රියාත්මක කරනු ලබන දුම්රිය මගීන්ගේ සහ රජයේ සේවකයන්ගේ දුම්රිය ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කිරීම යටතේ ශ්‍රී ලංකාවේ පළමුවරට විද්‍යුත් ප්‍රවේශපත්‍ර සහ විද්‍යුත් දුම්රිය බලපත්‍ර ක්‍රමය හඳුන්වාදීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථාන පරිශ්‍රයේදී සිදුවිය. මෙම නව ක්‍රමවේදය යටතේ සාමාන්‍ය දුම්රිය මගීන්ට සහ සංචාරකයින්ට නව විද්‍යුත් ප්‍රවේශපත්‍ර ක්‍රමය භාවිතයෙන් ඉතාමත් පහසුවෙන් මාර්ගගත ක්‍රමය යටතේ තම ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට හැකියාව ලැබේ. එහිදී මගීන්ට දුම්රිය ප්‍රවේශ පත්‍රය මාර්ගගත ක්‍රමයට වෙන්කරවා ගැනීමෙන් අනතුරුව දුරකථනය වෙත ලැබෙන QR සංකේතය සහිත විද්‍යුත් ටිකට්පත සාමාන්‍ය දුම්රිය…

තව කියවන්​න

ඉතිහාසයේ සිට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින පුළුල් වෙළෙඳ සහ ආර්ථික සබඳතා දෙරටටම ප්‍රතිලාභ හිමිවන පරිදි යළි කඩිනමින් ශක්තිමත් කර ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවේ 76 වන නිදහස් දිනය සහ ඉන්දියාවේ 75 වන ජනරජ දිනය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා-ඉන්දියා සමාජය (Sri Lanka India Society) විසින් ඊයේ (14) කොළඹදී සංවිධානය කර තිබූ විශේෂ සැමරුම් උත්සවයට එක් වෙමිනි. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහභාගි වූ අතර විශේෂ ආරාධිතයා ලෙස ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා එක් විය. ජනාධිපති…

තව කියවන්​න

ප්‍රාණ ඇපකරුවන් සහ සිරකරුවන් හුවමාරු කරගැනීම වෙනුවෙන් හමාස් සංවිධානය ඇමරිකාව ඇතුලු මැදිහත්කරුවන් වෙත සටන් විරාම යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. මෙහිදී පලස්තීන සිරකරුවන්ට නිදහස ලබාගැනීම සඳහා ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමටයි හමාස් සංවිධානය යෝජනා කර තිබෙන්නේ. කෙසේ වෙතත් මේ පිළිබඳව තවමත් ඊශ්‍රායලය ඇතුලු මැදිහත්කරුවන් අවසන් ප්‍රකාශයක් නිකුත් කර නොමැති අතර, හමාස් සංවිධානය යථාර්ථවාදී නොවන ඉල්ලීම් සිදුකරන බවට ඔවුන් චෝදනා කරනවා.

තව කියවන්​න

ලෝක පාරිභෝගික දිනය මාර්තු 15 අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් දිවයින පුරා සෑම දිස්ත්‍රික්කයකම ජනතාව දැනුවත් කිරීම් සිදුවෙනවා. ඒ අනුව කොළඹ පාරිභෝගික අධිකාරියේ නිලධාරින් පිරිසක් අද පෙරවරුවේ නාරාහෙන්පිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පරිශ්‍රයේදී ජනතාව දැනුවත් කරා.

තව කියවන්​න

මිනුවන්ගොඩ බෝගස අසලදී ඊයේ සවස 06.30 ට පමණ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් එක් පුද්ගලයෙකු මිනුවන්ගොඩ රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් රෝහලට මාරු යවා ඇත. ගැටුමට හේතුව වී ඇත්තේ පහර කෑ පුද්ගලයාගේ දරුවා සෙල්ලම් කරන විට බෝලය වෙනත් වෙළඳ සලක වැදුනු අවස්ථාවේ එහි හිමිකරු “මිනුවන්ගොඩ ඔරලෝසු කණුවේ එල්ලනවා” යැයි කියා තර්ජනය කර තිබේ. තර්ජනයට ලක්වූ දරුවාගේ මව එම පුද්ගලයාගෙන් සිද්ධිය පිළිබඳ විමසූ අවස්ථාවේ ඇයටද සෙරෙප්පුවකින් ඔහු පහරදී ඇත. දරුවාගේ මවට පහර දෙනු දුටු දරුවාගේ පියා එය බේරීමට ගිය විට තවත් පුද්ගලයින් හතර දෙනකු ඔහුගේ පපු ප්‍රදේශයට සහ ඔලුවට පහරදී ඇත. ඉන්පසු පහර කෑ පුද්ගලයා මිනුවන්ගොඩ…

තව කියවන්​න

ජනවාරි මාසයේදී ඇමරිකානු බලධාරීන් සහ ඉරානය අතර රහස් සාකච්ඡා පැවැත්වුණ බව ප්‍රකට ෆයිනෑන්‍ෂල් ටයිම්ස් පුවත්පත වාර්තාකරනවා. ඕමානයේ මැදිහත්වීමෙන් පවත්වන ලද මෙම සාකච්ඡාවලදී ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙල පිළිබඳව ද අදහස් හුවමාරු වී ඇති අතර වඩාත්ම වැදගත් අවධානය යොමුව ඇත්තේ රතු මුහුදේ හූති ප්‍රහාරයන් පිළිබඳව බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න