Author: Kesara Athipola

දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි මෙම හමුව සිදුවු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ඊයේ දිවයිනට පැමිණ තිබුණා. ඔවුන් ජනාධිපති ලේකම් ඇතුළු රජයේ නියෝජිතයින් සමග ද සාකච්ඡා කර තිබෙනවා.

තව කියවන්​න

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස හිටපු නාවික හමුදාපති අද්මිරාල් සිරිමෙවන් සරත්චන්ද්‍ර මහතා පත්කර තිබෙනවා. ඒ අනුව ඔහු ඊයේ නව ධුරයේ වැඩභාර ගනු ලැබුවා. 1982 වර්ෂයේ කැඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවට එක්වු ඔහු 2015 වසරේදී නාවික හමුදාවේ කාර්ය මණ්ඩල ප්‍රධානී ධුරයට පත්වුණා. සිරිමෙවන් සරත්චන්ද්‍ර රණසිංහ මහතා වීරවික්‍රම විභූෂණ, රණවික්‍රම පදක්කම, විශිෂ්ඨ සේවා විභූෂණ සහ උත්තමසේවා පදක්කම් ලාභියෙක්ද වනවා.

තව කියවන්​න

මහ මැතිවරණයෙන් පසු ශක්තිමක් විපක්ෂයක් ගොඩනැගීමට නායකත්වය ලබා දෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පවසනවා. ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උදය ගම්මන්පිල මහතා මේ බව ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ ආණ්ඩුව ගෙනයන සාධනීය කටයුතුවලදී රජයට සහය ලබා දියයුතු බවයි.

තව කියවන්​න

2024 මහ මැතිවරණයට අදාළව නාම යෝජනා භාර ගැනීම අද ආරම්භවනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ අද සිට ලබන 11 වනදා මධ්‍යම රාත්‍රි 12 දක්වා නාම යෝජනා භාර ගැනීම සිදුකරන බවයි. නාම යෝජනා භාර ගැනීමේ කටයුතු සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් විසින් සිදුකරන බවයි සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ.

තව කියවන්​න

පොලිස්පති මහජන දිනය යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර තිබෙනවා. එ අනුව ඔක්තෝබර් මස 11 වනදා සිට පොලිස් මහජන දිනය පැවැත්වෙන බවයි පොලිස් මුලස්ථානය නිවේදනය කළේ. පොලිස් ස්ථාන හා විවිධ විමර්ශන අංශ මගින් තම පැමිණිලි සදහා අපේක්ෂිත සහයන් ලබා ගැනීමට නොහැකි වු අයට ඒ සදහා සෘජුවම පොලිස්පති ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් විසින් කඩිනම් විසදුම් ලබා දීම පොලිස් මහජන දිනයේ අරමුණයි. රජයේ නිවාඩු දිනයක් නොවන සෑම සිකුරාදා දිනයකම වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් මහජන දිනය පැවැත්වෙනු ඇති.

තව කියවන්​න

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. දකුණු සහ බස්නාහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබනවා.

තව කියවන්​න

ප්‍රභල සූර්ය ගිනි දැල්ලක් පෘථිවියට මුහුණලා ඇති සූර්යය කලාපය වන Sun Spot 3842 නම් කලාපයෙන් නිකුත් වී තිබෙනවා. මෙය X9.0 අගයක් සහිත අති විශාල ගිනි දැල්ලක් වන අතර වත්මන් සූර්ය චක්‍රයේ ප්‍රබලම සූර්ය ගිනි දැල්ල මෙය වන බවයි වි පවසන්නේ. ඒ අනුව තව පැය 72ක් තුළ දී නැවතත් රතු ආවුරෝරා දැක ගත හැකිවනු ඇති බවද සඳහන්. එමෙන්ම 2017 පසුව නිකුත් වූ විශාලතම සූර්ය ගිනිදැල්ල ද මෙය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

තව කියවන්​න

ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, හමාස් සංවිධානයේ එම නගරය භාර ප්‍රධානීයා ද ප්‍රහාරයෙන් මිය ගොස් ඇති බවයි. මේ අතර ඊශ්‍රායලය විසින් ලෙබනනයේ බේරූට්හි පිහිටි හිස්බුල්ලා සංවිධානයේ බුද්ධි අංශ මධ්‍යස්ථානයකට ද ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. එල්ල කළ ප්‍රහාරවලින් ලෙබනනයේ දහකට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

තව කියවන්​න

ඉන්දීය විදේශ කටයුතු ඇමති එස්. ජයශංකර් මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. එහිදී දෙරට අතර ද්විපර්ශවීය සාකච්ඡා පැවැත්වීමට නියමිත්ව් ඇති අතර නව ජනාධිපතිවරයෙකු පත්වීමෙන් අනතුරුව මෙරටට පැමිණෙන පළමු රාජ්‍යත්‍රාන්ත්‍රිකයා මොහු වනවා. ජනාධිපතිවරයා චීනය සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්ති හා ශ්‍රී ලංකාව අදානි සමාගම සමග සිදුකරන සුළං බල විදුලි ව්‍යාපෘති පිළිබඳ දරන ස්ථාවරය ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙහිදී සාකච්ඡාව කිරීමට සුදානම් බව ව සදහන්.

තව කියවන්​න

එළවළු මිල අඩු වීම නිසා එළවළු ගොවියන් අසරණ භාවයට පත්ව ඇතැයි ගොවියන් පවසනවා. සිය අස්වනු විකුණා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවයි ගොවීන් පවසන්නේ. ඔවුන් වැඩි දුරටත් පවසන්නේ එළවලු අඩු මිලකට විකිණීම හේතුවෙන් ඔවුන් ඉතා අසරණ තත්වයකට පත් ව ඇති බවයි.

තව කියවන්​න