Author: Kesara Athipola

ශ්‍රි ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයේ 07 වන වාර්ෂික අධ්‍යයන සැසිවාරය – 2024 (Sri Lanka college of Military Medicine the Inauguration Ceremony of the 7th Annual Academic Sessions) සමාරම්භක උත්සවය ඊයේ (15) වැලිසර නාවික වෙිව් එන් ලේක් “Wave N’ Lake Navy Hall”  ශාලාවේ දී පැවැත්විනි. හමුදා වෛද්‍ය  විද්‍යාවේ විශිෂ්ටත්වයට විවිධත්වය ඇතුළත් කිරීම “Diversity and Inclusion Towards Excellence in Military Medicine” යන්න තේමා කර ගනිමින් පැවැති මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයින් ලෙස සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) යන මහත්වරුන් එක්ව සිටියහ. මෙහිදී ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලය විසින් පසුගිය කාලය පුරාවට ක්‍රියාත්මක කරන…

තව කියවන්​න

උතුර සහ නැගෙනහිර දමිළ ජනතාව වෙනුවෙන් එකසිය හත “107” ක්ෂණික ඇමතුම් අංකය හඳුන්වා දී තිබෙනවා. ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙම ක්ෂණික ඇමතුම් අංකය හඳුන්වා දී ඇති බවයි වාර්තා වන්නේ. මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් අද වවුනියාවේදී මෙය හඳුන්වා දී ඇති බව වාර්තා වේ.

තව කියවන්​න

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්‍රිතව මතුව ඇති ගැටළුවලට විසඳුම් ලබා දෙමින් එම ක්ෂේත්‍රයේ නිරතවූවන්ට සහන ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මේ මොහොතේ බදු ප්‍රතිපත්තියේ වෙනසක් සිදු කළ නොහැකි නමුත් මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ශක්තිමත් කිරීම වෙනුවෙන් සුදුසු ක්‍රමවේදයක් සකස් කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම දායකත්වයෙන් මෙම ගැටළු විසඳා ගැනීමට අදාළ යෝජනාවලියක් සකස් කර සති දෙකක් ඇතුළත ලබා දෙන ලෙස ද නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ නිරතවූවන් සමඟ ඊයේ (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ය. මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට බලපා…

තව කියවන්​න

“ජනාධිපති පරිසර සම්මාන – 2024” වැඩසටහනෙහි අයඳුම්පත් කැඳවීමේ අවසන් දිනය 2024 මාර්තු 31 වෙනිදා දක්වා දිගු කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කර තිබේ. අයඳුම්කරුවන්ගේ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඔ ඇත. එබැවින් එදිනට පෙර අයඳුම්පත් යොමු කරන මෙන් මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලා සිටී. “කර්මාන්ත, ව්‍යාපාර හා ව්‍යාපෘති අංශය” සහ “ආයතන, ජනමාධ්‍ය හා සමාජ අංශය” යන ප්‍රධාන අංශ දෙක යටතේ මේ සඳහා අයඳුම් කළ හැකිය. ඒ අනුව “කර්මාන්ත, ව්‍යාපාර හා ව්‍යාපෘති අංශය” යටතේ අනු අංශ දහසය(16) කි. ඝන අපද්‍රව්‍ය නැවත ලබා ගැනීමේ/ ප්‍රතිචක්‍රීකරණ/ බැහැර කිරීමේ හෝ සැකසීමේ කර්මාන්ත, රසායනික නිෂ්පාදන කර්මාන්ත, වාහන සේවා ස්ථාන, ආහාරපාන නිෂ්පාදන කර්මාන්ත, හෝටල්, රෙදිපිළි පිරි සැකසුම්…

තව කියවන්​න

නුදුරු කාලයේදී පොලිස් මූලස්ථානය ලෙස භාවිතා කිරීමට නියමිත, දශක දෙකකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය ස්ථාපිතව තිබූ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ අක්කර 03 ක පමණ භූමි ප්‍රමාණයක පිහිටි මහල් 12 කින් සමන්විත ගොඩනැඟිල්ල ඊයේ (15) ශ්‍රි ලංකා පොලිසිය වෙත නිල වශයෙන් භාර දීම සිදු කරන ලදී. භාර දීම සහ භාර ගැනීමට අදාල ලේඛන ගුවන් හමුදාවේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) එයාර් වයිස් මාර්ෂල් මනෝජ් කැප්පෙටිපොළ මහතා සහ පොලිස් මූලස්ථානයේ මූලස්ථාන පරිපාලන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කැළුම් තිලකරත්න මහතා විසින් අත්සන් කිරීමෙන් අනතුරුව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අතර හුවමාරු කර ගැනුණි. ආරක්ෂක ලේකම් ජනරාල් කමල්…

තව කියවන්​න

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී. සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ

තව කියවන්​න

• “අස්වැසුම” සඳහා රුපියල් බිලියන 183ක්. • “උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීම වෙනුවෙන් රුපියල් බිලියන 02ක්. • විමධ්‍යගත අය වැය වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 11,250ක්. • “කඳුකර දශකය” වෙනුවෙන් රුපියල් බිලියන 10ක්. • කෘෂි නවීකරණ වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 2,500ක් වෙන් කෙරේ. • සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම නවීන කෘෂි ආර්ථිකයක් ඇති කරනවා. • ශ්‍රම බලකාය තුළ කාන්තා නියෝජනය ඉහළ නැංවීමට සැලසුම් – දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රදේශීය ලේකම්වරු සමඟ පැවති හමුවේ දී ජනපති අවධාරණය කරයි. සංවර්ධන කටයුතු සඳහා රජය ලබා දෙන මුදල් නිසි ලෙස වැය කරමින් ජනතාවට එම ප්‍රතිලාභ ලබා දීමටත්, එමඟින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමටත් කැපවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ…

තව කියවන්​න

2021/2022  අධ්‍යයන වර්ෂයේ උසස් පෙළ විභාග ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්‍ෂණලාභීන් ඇතුළත් කර ගැනීමට අදාළ අයදුම්පත් කැඳවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ඒ අනුව මීට අදාළ ගැසට් නිවේදනය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 2376 දරන 2024.03.15 වන සිකුරාදා ගැසට් පත්‍රයේ පළ කර තිබේ. මාර්ගගත ක්‍රමය (Online)  ඔස්සේ මේ සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ යුතු අතර අයදුම්පත් අතරින් සුදුස්සන් තෝරා ගැනීම ද මාර්ගගත ක්‍රමය ඔස්සේ ම මෙවර සිදු කරනු ලබයි. 2024.03.15 දින දහවල් 12.00න් පසුව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මේ සඳහා අයදුම් කළ හැකි අතර අයදුම්  කිරීමේ කාල සීමාව 2024.04.05 දිනයෙන් අවසන් වේ. 2024.03.15 දින දහවල් 12.00ට පෙර ඇතුළත් කර…

තව කියවන්​න

මෙරට ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා හමුවී තිබෙනවා. ශ්‍රි ලංකා, ඉන්දියා සබඳතා ශක්තිමත් කර ගැනීම සහ පොලිස් පුහුණු වැඩසටහන් සඳහා ඉන්දියාවේ සහයෝගය ලබාගැනීම ඇතුළු ද්වීපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති බව වාර්තා වනවා. ඉන්දියාව ශ්‍රී ලංකාවේ මිතුරු රටක් ලෙස සැමවිටම කටයුතු කරන බව ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

තව කියවන්​න

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන පුහුණුකරු ලෙස පාකිස්තානයේ හිටපු වේගපන්දු යවන ක්‍රීඩක අකීබ් ජාවෙඩ් පත්කර ඇති බව වාර්තා වේ. 2024 ICC පිරිමි T20 ලෝක කුසලාන තරගාවලිය අවසන් වන තෙක් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇති බව වාර්තා වෙයි.

තව කියවන්​න