- වසර 27කට පසු දිල්ලියේ බලය මෝදිගේ පක්ෂයට
- නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
- මුල් දින 05 තුල සංචාරකයින් 44,000ක් දිවයිනට
- පාරිභෝගික අධිකාරියෙන් මේ වන විට සහල් වැටලීම් 2,000 ක්
- විදුලි බිල පනත සංශෝධනයට අදාලව මහජන අදහස් ලබා ගැනීමේ කාලය දීර්ඝ කෙරේ
- කලාපීය ආරක්ෂාව ගැන ඉන්දියාවෙන් ලංකාවට සහතිකයක්
- ඇලස්කාවේ අතුරුදන් වූ ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
- පාරිභෝගික අධිකාරියේ සහල් වැටලීම් අඛණ්ඩව
Author: Kesara Athipola
යාපනය, තොල්පුරම් නැගෙනහිර ප්‍රදේශයේ මාර්ගයක් අසළ තිබී කාන්තා මළ සිරුරක් තිබි ඊයේ (17) සොයාගත් බව යාපනය වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ සෙල්වනිදි කදිර්වේල් නමැති 49 හැවිරිදි කාන්තාවගේ මළ සිරුරක් එලෙස සොයාගත් බවයි. ඇයගේ සිරුරේ පහරදීම් තුවාල දැක ගැනීමට හැකි බවත්, ඝාතනය සම්බන්ධයෙන් සැකපිට මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසීය. සැකකරු මත්පැන් පානය කොට ඇති අතර, එහිදි ඇති වු බහින්බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුව කාන්තාවට පහරදී ඇති බව මුලිකව නිරීක්ෂණය වන බවද පොලිසිය සඳහන් කරයි. මියගිය කාන්තාවගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යාපනය රෝහල් මෘත ශරීරාගාරය වෙත යොමුකොට ඇති අතරල සිද්ධිය සම්බන්ධයෙන් වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
13,000කට අධික ළමුන් පිරිසක් ගාසා තීරයේ පවතින යුද ගැටුම් හේතුවෙන් මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරනවා. තවත් ළමුන් දහස් ගණනක් ප්‍රහාර හේතුවෙන් තුවාල ලබා ඇති අතර ළමුන් වැඩි පිරිසක් දැඩි මන්දපෝෂණ තත්ත්වයට පත්ව ඇති බව එම සංවිධානය පෙන්වා දෙයි. ඊශ්‍රායලය හමාස් යුද ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ මිලියන 2.3කට අධික ජනතාවක් පීඩාවට පත්ව ඇත.
ශ්‍රී ලංකා – බංග්ලාදේශ තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (18) පෙරවරු 9.30ට චිතගොංහී දී ආරම්භ වීමට නියමිතය. ශ්‍රි ලංකා කණ්ඩායම කාසියේ වාසිය දිනාගත් අතර නායක කුසල් මෙන්ඩිස් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර ඇත.
වැලිගම මිරිස්ස වෙරළ තීරයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයකු ඝාතනය කර තිබෙනවා. මිරිස්ස – සීක්‍රටි බිච් හෝටලය අසළ වෙරළ තීරයේ බිම් කොටසක් සම්බන්ධව ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් එම ඝාතනය සිදුව ඇති බව සඳහන්. එම ප්‍රදේශයේම පදිංචි තවත් සංචාරක ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ පුත්‍රයකු විසින් මෙම ඝාතනය සිදු කර ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මිරිස්ස, පෙම් උයන්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයෙක්.
උතුරු මැද පළාත් ආණ්ඩුකාර ධුරයෙහි වැඩ බැලීම සඳහා වයඹ ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පත් කර තිබෙනවා. උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා විදේශගත වීම හේතුවෙන් ඔහු නැවත දිවයිනට පැමිණෙන තෙක් ආණ්ඩුකාර ධුරයෙහි වැඩ බැලීමට ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මෙලෙස පත් කර ඇත.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස රජරට විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති ලෙස කටයුතු කළ මහාචාර්ය තුසිත මැන්දිස් මහතා පත් කර තිබේ. ඒ මහතා පසුගියදා (14) කොළඹ 7, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේදී නව තනතුරේ රාජකාරි ආරම්භ කරනු ලැබූවා.
මෙරට සිටිය යුතු ක්ෂය රෝගීන්ගේ සංඛ්‍යාව 14,000ක් පමණ වුවද, දැනට හඳුනාගෙන ඇති සංඛ්‍යාව 9,000ක් පමණ බව ජාතික ක්ෂය රෝග මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ප්‍රමිතා ශාන්තිලතා මහත්මිය පවසනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තුවලට අනුව හඳුනා නොගත් ක්ෂය රෝගීන් 4,000ක් 5,000ක් පමණ මෙරට සමාජය තුළ සිටින බව ද ඇය ප්‍රකාශ කළා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් ඇය මේ බව ඊයේ (13) පැවසුවා. මේ මස 24 වැනිදාට ලෝක ක්ෂය රෝග දිනය යෙදී ඇති අතර, “ඔව් අපට ක්ෂය රෝගය තුරන් කළ හැකී” යන්න මෙවර ලෝක ක්ෂය රෝග දිනයේ තේමාවයි.
ගාසා තීරයේ රෆා නගරයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඊශ්‍රායලය විසින් සැළසුමක් සකස් කර ඇති බව වාර්ත වනවා. හමාස් සංවිධානය සමග සාකච්ඡා කර ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීම සඳහා දූත පිරිසක් කටාර් වෙත යැවීමටද සැළසුම් කර ඇති බවයි සඳහන් කළේ. ඊශ්‍රායල විසින් ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කිරීමත් සමග පලස්තීනුවන් මිලියනයකට අධික පිරිසක් රෆා නගරයට එකරැස්වී සිටින බව වර්තාවනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222