Author: Kesara Athipola

එළඹෙන ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා සම්බන්ධයෙන් මෙම සතියේ සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රෝහිත අබේගුණවර්ධන මහතා මෙම අදහස් පළ කළා.

තව කියවන්​න

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය මේ වන විට චිතගොංහී දී පැවැත්වෙනවා. ශ්‍රි ලංකා කණ්ඩායම කාසියේ වාසිය දිනාගත් අතර නායක කුසල් මෙන්ඩිස් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කරා. ඒ අනුව පන්දුවට පහර දෙන ශ්‍රි ලංකා කණ්ඩායම වේ වන විට පන්දුවාර 20 ක් අවසානයේ කඩුළු 4 ක් දැවී ලකුණු 90 ක් රැස් කරගෙන සිටිනවා.

තව කියවන්​න

කටුනායක ප්‍රදේශයට මත්ද්‍රව්‍ය සැපයීම සහ බෙදාහැරීම සිදු කරන ප්‍රධාන ජාවාරම්කරු සිදු කළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 25 කට වඩා අධික මත්ද්‍රව්‍ය තොගයක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සදහන් කළේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාඇල – කණුවන ප්‍රදේශයේ පදිංචිව සිටින 47 හැවිරිදි පුද්ගලයෙක්.

තව කියවන්​න

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තමාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබදව ඡන්ද විමසීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවට වාර්තා වනවා. මෙහිදි දේශපාලනඥයින් තමන්ට සිදුකළ බලපෑම් සහ මෑතකාලීන සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් හෙළිදරව් කිරීමක් සිදුකිරීමට නියමිත බවටයි දේශපාලන ආරංචිමාර්ග සදහන් කළේ. ස්ථාවර නියෝග යටතේ විවාදයකට සහභාගි විය නොහැකි බැවින් විශේෂ ප්‍රකාශයක් හමුවේ අදාළ කරුණු හෙළිදරව් කරන බවට ද එම ආරංචිමාර්ග සදහන් කළා. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව හෙට සහ අනිද්දා යන දෙදින තුළ විවාදයට ගැනීමට නියමිත අතර එහි ඡන්ද විමසීම 20 වන දා පස්වරුවේදී පැවැත්වීමට නියමිතයි. මේ අතර කතානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවීම සදහා පක්ෂ විපක්ෂ…

තව කියවන්​න

රටේ බංකොලොත්භාවයට ජාතික ජනබලවේගය පක්ෂයද ප්‍රධාන හේතුවක් බව සමගි ජනබලවේගය පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා. මීගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.

තව කියවන්​න

ජනාධිපතිවරණයකට පෙර මහ මැතිවරණයක් පැවැත්වීම මේ වන විට පොදු ජන පෙරමුණ පක්ෂයේ අවශ්‍යතාවක් වී ඇති බවට ජාතික ජනබලවේගය පවසනවා. එහි ජාතින විධායක සභික නලින්ද ජයතිස්ස මහතා වාද්දුව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් මේ සම්බන්ධයෙන් අදහස් පල කළා.

තව කියවන්​න

සුඛෝපභෝගී මගී නෞකාවක් වන ඇම්බියන්ස් නෞකාව අද (18) උදෑසන කොළඹ වරායට පැමිණ තිබෙනවා. තායිලන්තයේ පුකෙට් නුවර සිටයි මෙම නෞකාව පැමිණ ඇත්තේ මගීන් 1,131 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 565 දෙනෙකු සමගින්. මෙම නෞකාවේ සිටින මගීන් කොළඹ, මහනුවර සහ ගාල්ල යන නගරවල සංචාරය කිරීමට නියමිතයි.

තව කියවන්​න

මාලිගාවත්ත සහ මරදාන පොලිස් බල ප්‍රදේශවල ධාවනය වන බස් රථ, මෝටර් රථ, යතුරු පැදි, විශේෂ සෝදිසි කිරීම් වලට ලක්වුණා. ඒ යුක්තිය මෙහෙයුමට සමගාමීවයි. දුර ගමන් සේවා බස් රථද, කොළඹට ඇතුළු වන බස් රථද, මෙසේ පරීක්ෂාවට ලක් කෙරුණා. පොලිසිය විසින් රාත්‍රී කාලයෙහි මෙම රථ වාහන පරීක්ෂා සිදු කළා.

තව කියවන්​න

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ විදේශ අරමුදල් මත ක්‍රියාත්මක වන CSIAP (Climate Smart Irrigated Agriculture Project) හෙවත් දේශගුණ සුහුරු වාරි කෘෂිකාර්මික ව්‍යාපෘතියේ කටයුතු මෙම වසරේ අවසන් වීමට නියමිතව තිබුණ ද  එම ව්‍යාපෘතියේ කටයුතු තවත් වසරකින් දීර්ඝ කිරීම සඳහා ඩොලර් මිලියන 25ක මුදලක් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු  බව    කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ  පසුගියදා (16) හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජූල්පල්ලම හා කාවන්තිස්සපුර කෘෂි ව්‍යවසායකත්ව ගම්මානවල තරුණ ගොවීන්ට කෘෂි උපකරණ ලබා දීමේ වැඩසටහනකට එක්වෙමිනි. විශේෂයෙන් දේශගුණික බලපෑම් නිසා පීඩාවට පත්වන දිස්ත්‍රික්කවල කෘෂිකර්ම හා වාරිමාර්ග නඟා සිටුවීම ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක මෙම…

තව කියවන්​න