- වසර 27කට පසු දිල්ලියේ බලය මෝදිගේ පක්ෂයට
- නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
- මුල් දින 05 තුල සංචාරකයින් 44,000ක් දිවයිනට
- පාරිභෝගික අධිකාරියෙන් මේ වන විට සහල් වැටලීම් 2,000 ක්
- විදුලි බිල පනත සංශෝධනයට අදාලව මහජන අදහස් ලබා ගැනීමේ කාලය දීර්ඝ කෙරේ
- කලාපීය ආරක්ෂාව ගැන ඉන්දියාවෙන් ලංකාවට සහතිකයක්
- ඇලස්කාවේ අතුරුදන් වූ ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
- පාරිභෝගික අධිකාරියේ සහල් වැටලීම් අඛණ්ඩව
Author: Kesara Athipola
පවුල් අට ලක්ෂ හැත්තෑ පන්දහසකට සෘජු සහ වක්‍ර ප්‍රතිලාභ හිමිවන උතුරුමැද පළාත් මහ ඇළ ව්‍යාපෘතිය 2026 වසරේ අවසන් කිරීමේ ඉලක්කය වෙත යාම සඳහා එහි ඉදිකිරීම් කඩිනම් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සොයා බැලීම සඳහා වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පසුගියදා (15) අනුරාධපුර පළුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්, මහමීගස් වැව ප්‍රදේශයේ සංචාරයක නිරත වුවාය. ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන මහ මීගස්වැව වැඩ බිම වෙත පැමිණි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, එහි ඉංජිනේරුවන් සමඟ ඉදිකිරීම්වල ප්‍රගතිය සොයා බැලුවාය. උතුරුමැද පළාත් මහ ඇළ ව්‍යාපෘතිය හරහා අනාගතයේ දී ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනයට ඇතිකරන යහපත් සාධනීය බලපෑම අතිශය වැදගත් බව පෙන්වා…
ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම මුලික රෝහලේ ඉදිකෙරුණු නව සිව්මහල් ගොඩනැගිල්ල සහ නියාගම ප්‍රාදේශීය රෝහලේ ඉදිකෙරුණු තෙමහල් ගොඩනැගිල්ලේ පළමු අදියර විවෘත කිරිම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ (18) සිදු කරන ලදී. දකුණු පළාත් සභා ප්‍රතිපාදන සහ ලෝක බැංකු ආධාර යටතේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සත්කාර පද්ධති සවිබලගැන්වීමේ ව්‍යාපෘතිය මගින් උඩුගම මූලික රෝහලේ රුපියල් මිලියන 400 ක වියදමින් මෙම නව සිව් මහල් ගොඩනැගිල්ල ඉදිකර ඇති අතර, ඒ තුල ශල්‍යාගාර 03 ක්, හදිසි ප්‍රතිකාර එ්කකයක් සහ වෛද්‍ය වාට්ටු 02 කින්ද වන අතර 2017 වසරේ මෙහි ඉදිකිරීම් ආරම්භ කර ඇති අතර, රට තුල ඇති වූ…
අක්කර භාගයක මිරිස් වගාවෙන් මාස නවයක් තුළදී රුපියල් මිලියන 12ක ආදායමක් ඉපැයූ අනුරාධපුර තිරප්පනේ පුලියන්කුලම ග්‍රාමයේ තරුණ ගොවි මහතෙකු වු බන්දුල මුණසිංහ මහතා සහ අක්කරයක කොමඩු වගාවෙන් මාස දෙකකින් රුපියල් මිලියන4ක ආදායමක් ඉපැයූ ගල්කුලම ප්‍රදේශයේ පදිංචි බුද්ධික සුදර්ශන තරුණ ගොවි මහතා අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය. සිය අස්වැන්නෙන් කොටසක් රැගෙන මෙලෙස ජනාධිපතිවරයා හමුවූ මෙම තරුණ ගොවි මහතුන් තමන්ට සරුසාර අස්වැන්නක් ලබා ගැනීමට මඟ පෙන්වමින් රජයේ කෘෂිකර්ම නවීකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳ ජනාධිපතිවරයා වෙත සිය ස්තූතිය පිරිනැමීය. බන්දුල මුණසිංහ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි නවීකරණ ව්‍යාපෘතිය විසින් හඳුන්වා දී තිබෙන අධි ඝනත්ව වගා ක්‍රමය භාවිතා…
කොටදෙනියාවේ සිට මීරිගම දෙසට යතුරුපැදියකින් ප්‍රවාහනය කරපු නීති විරෝධී මත්පැන් බෝතල් 50 ක් සමග එක් සැකකරුවකු, මීරිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු කොටදෙනියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත්, මෙම සැකකරු කාලයක් තිස්සේ මෙම ව්‍යාපාරය කරගෙන ගිය බවත්, මීරිගම පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපති B.W ධනංසූරිය මහතා පවසයි. මෙලෙස අත්අඩංගුවට ගත් මත්පැන් වල වටිනාකම රුපියල් 75,000 ට අධික බව රථවාහන අංශයේ ස්ථානාධිපතිතුමා පවසයි. අත්අඩංගුවට ගත් නීති විරෝධී මත්පැන් සහ සැකකරු අත්තනගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව මීරිගම පොලිසිය පවසයි.
මහ බැංකුවේ නිලධාරීන් වැඩි කර ගත් වැටුප් යම් ප්‍රමාණයකින් හෝ අඩු කර ගැනීමට යෝජනා ඉදිරිපත් කරන ලෙස මහ බැංකුවේ ප්‍රධානීන් වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුළු අදාළ පාර්ශ්වවලට දැනුම්දී ඇතැයි වාර්තා වේ. මහ බැංකුවේ නිලධාරීන් වැටුප් සියයට හැත්තෑවකින් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් නිර්දේශ ඇතුළත් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව එළඹෙන (20) වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ අල්-ෂිෆා රෝහල සිය භාරයට ගැනීම සඳහා වැටලීමක් දියත් කර ඇති බව වාර්තා වනවා. මෙය කිසිදු දැනුම්දීමකින් තොරව සිදුකළ මෙහෙයුමක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඔවුන් මීට පෙර එම රෝහල අවට ප්‍රදේශය අත්පත් කරගැනීමට කටයුතු කර තිබූ අතර, එහි ගැටුම් හේතුවෙන් අවතැන් වූ පලස්තීනුවන් විශාල පිරිසක් රැඳී සිටින බව සඳහන්.
උතුරු කොරියාව විසින් පියොන්ග් යැංග් සිට නැගෙනහිර මුහුද දෙසට කෙටි දුර බැලැස්ටික් මිසයිල කිහිපයක් දියත් කර ඇති බව වාර්තා වේ. දකුණු කොරියාවේ සෝල් නුවර වෙත අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් සමුළුවක් සඳහා සහභාගී වීමට පැමිණීමත් සමග එම මිසයිල ප්‍රහාර දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යවසායකයින්ට මූල්‍ය පහසුකම් සදහා වැඩි ප්‍රවේශයක් ලබාදීමට අමෙරිකානු ඩොලර් මිලියන 100 ක ණයක් ආසියානු සංවර්ධන බැංකුව විසින් අනුමත කර තිබෙනවා. එමෙන්ම පවතින ආර්ථික අර්බුදය සහ දේශගුණික විපර්යාස වැනි බාහිර කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම මෙහි අරමුණයි. මෙහිදි කාන්තාවන් විසින් මෙහෙයවන ව්‍යවසායන්, ආර්ථික අංශයට විශාල දායකත්වයක් ලබාදෙන බැවින් ඔවුනට අවශ්‍ය සහය ලබාදීම වැදගත් බවයි ආසියානු සංවර්ධන බැංකුවේ ජේ්‍යෂ්ඨ මූල්‍ය අංශයේ විශේෂඥ මනෝහාරි ගුණවර්ධන මහත්මිය පැවසුවේ.
ගිරිඋල්ල නගර මධ්‍යයේ ගලා බසින මාඔයේ ගිලී ඊයේ (17) පස්වරුවේ තරුණයෙකු අතුරුදන් ව ඇත. මිතුරන් කිහිපදදෙනෙකු සමග මාඔයේ දියනාමින් සිටින අතරවාරයේ මෙම තරුණයා මෙලෙස දියේ ගිලි ඇති බව පොලීසිය පවසයි. තරුණයාගේ සිරුර මීගමුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව කළ සෝදිසියකදී සොයාගෙන ඇත. මෙලෙස මියගොස් ඇත්තේ 24 හැවිරිදි ගලපිටමඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222