Author: Kesara Athipola

2023 උසස්පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදයේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දින විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව අද දිනයේ සිට ලබන 29 වැනිදා දක්වා දිවයිනේ තෝරාගත් මධ්‍යස්ථාන 41කදී එම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ අපේක්ෂකයාගේ ප්‍රවේශ පත්‍රයේ පරීක්ෂණය සඳහා පෙනී සිටිය යුතු දිනය හා ස්ථානය සඳහන්ව ඇති බවයි. එසේම ඊට අදාළ දිනය හා ස්ථානය කිසිදු හේතුවක් මත වෙනස් නොකරන බවද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

තව කියවන්​න

හෙරොයින් ග්‍රෑම් 2.42ක් සිය සන්තකයේ තබා ගනිමින් ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණය විසින් පනවනු ලැබූ ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කර තිබෙනවා. අදාළ විත්තිකරු විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් නිෂ්ප්‍රභ කරමින් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් එම තීන්දුව ලබා දීමටයි කටයුතු කළේ. පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් සිදුකළ වැටලීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබුණා.

තව කියවන්​න

පාර්ලිමේන්තුව අද පෙරවරු 09.30ට රැස්වීමට නියමිතව තිබෙනවා. අද දිනයේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය ආරම්භ වන අතර, එය  හෙට දිනයේත් විවාදයට ගැනීමට නියමිතයි. ඒ අනුව අද දිනයේදී පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වාද, හෙට දිනයේදී පෙ.ව 9.30 සිට ප.ව 4.30 දක්වාද විවාදය පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. එමෙන්ම විවාදයේ දෙවැනි දිනය වන හෙට දිනයේ ප.ව 4.30ට පමණ විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

තව කියවන්​න

පසුගිය සතියට සාපේක්ෂව මේ සතියේ වෙළඳපොලේ රන් මිලෙහි සීඝ්‍ර අඩුවීමක් දක්නට ලැබේ. කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 23,220ක් වන අතර, කැරට් 24 ග්‍රෑම් 8ක මිල රුපියල් 185,750ක් බවයි සඳහන් වන්නේ. කැරට් 22 ග්‍රෑම් 1ක මිල රුපියල් 21,290 ලෙස සටහන් වන අතර කැරට් 21 ග්‍රෑම් 8ක මිල රුපියල් 162,550ක් බවයි සඳහන් වේ.

තව කියවන්​න

මේ වසරේ මේ දක්වා වාර්තා වූ වැඩිම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 38.5 පසුගිය පැය 24 තුළ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත. සාමාන්‍යයෙන් මිනිස් සිරුරේ අභ්‍යන්තර උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 මට්ටමේ පවතින නමුත් ගෙවුණු පැය 24 තුළ කුරුණෑගලින් වාර්තා වූ උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 38යි දශම 5 සාමාන්‍ය සිරුරේ උෂ්ණත්වයත් අභිබවා ගොස් තිබේ.

තව කියවන්​න

බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කර ඇත. ධනංජය සිල්වාගේ නායකත්වයෙන් යුතු එම සංචිතය පහතින් දැක්වේ.

තව කියවන්​න

පසුගිය සෙනසුරාදා අරාබි මුහුදේදී සෝමාලියානු ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විසින් ඉරාන ධීවර යාත්‍රාවක් පැහැරගැනීමේ සිද්ධියක් හේතුවෙන් අරාබි මුහුදේ ධීවර කටයුතුවල නිරත නොවන ලෙස ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ධීවරයින්ට දැනුම් දී ඇත. මේ වනවිට කොල්ලකරුවන් පිරිසක් ඉරාන යාත්‍රාවක් රැගෙන අදාළ මුහුදු ප්‍රදේශයට පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා ප්‍රකාශ කළා.

තව කියවන්​න

මොරටුව ඉඳිබැද්ද බැක්වත්ත ප්‍රදේශයේදී 50 හැවිරිදි කාන්තාවක් ගෙළ කපා ඝාතනය කර තිබේ. ඝාතනය සිදුකළ පුද්ගලයා මොරටුමුල්ල පොලිස් ස්ථානය වෙත පැමිණ භාරවී ඇති බවට තොරතුරු වාර්තා වේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇති කාන්තාවගේ සැමියා බන්ධනාගාරගතව සිටියදී මීට මාස කිහිපයකට පෙර අභිරහස් ලෙස මියගොස් ඇත. මෙම ඝාතනය මියගිය සැමියාගේ ඥාතියෙකු විසින් සිදුකරන්නට ඇති බවට පොලීසිය සැකපළ කරයි.

තව කියවන්​න