- වසර 27කට පසු දිල්ලියේ බලය මෝදිගේ පක්ෂයට
- නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
- මුල් දින 05 තුල සංචාරකයින් 44,000ක් දිවයිනට
- පාරිභෝගික අධිකාරියෙන් මේ වන විට සහල් වැටලීම් 2,000 ක්
- විදුලි බිල පනත සංශෝධනයට අදාලව මහජන අදහස් ලබා ගැනීමේ කාලය දීර්ඝ කෙරේ
- කලාපීය ආරක්‍ෂාව ගැන ඉන්දියාවෙන් ලංකාවට සහතිකයක්
- ඇලස්කාවේ අතුරුදන් වූ ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
- පාරිභෝගික අධිකාරියේ සහල් වැටලීම් අඛණ්ඩව
Author: Kesara Athipola
ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා සහ අමෙරිකානු ආරක්ෂක ලේකම් අතර පැවැති දුරකථන සංවාදයකදී ඉන්දීය සාගර කලාපයේ මුහුදු කොල්ලකෑම් වැළැක්වීමේ මෙහෙයුම් සිදු කිරීමේදී ඉන්දීය නාවික හමුදාවේ දායකත්වය සුවිශේෂී බව අමෙරිකාව පෙන්වා දී තිබේ. එහිදී ද්විපාර්ශ්වික හා කලාපීය ආරක්‍ෂාව මෙන්ම ආරක්‍ෂක සහයෝගීතාව පිළිබඳ කරුණු රැසක් සාකච්ඡා කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල පහළ ගොස් තිබේ. ඒ අනුව බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 86.74 දක්වාද වෙස්ට් ටෙක්සාස් (WTI) බොර තෙල් බැරලයක මිල ඩොලර් 82.03ක් ලෙස දැක්වුණි.
මෙම වසරේ ගත වූ කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පන් ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. ඊයේ දිනය වන විට එය සටහන් වූයේ පන් ලක්ෂ තිස් හත්දහස් අටසීය අසූ හතක් ලෙසයි. මාර්තු මාසයේ සති අන්ත දිනවලදී මෙරටට සංචාරකයින් ලක්ෂයකට අධික ප්‍රමාණයක් පැමිණ ඇති බවද සදහන්. සංචාරක අමාත්‍යංශය පවසන්නේ මෙම වර්ධනය මෙරට සංචාරක කර්මාන්තයේ නව ගම්‍යතාවයක් පෙන්නුම් කරන බවයි. කොවිඩ් වසංගතයෙන් පසුව දිවයිනට මාසය දෙකහමාරක කාලයක් තුළ මිලියන භාගයක් ඉක්මවා සංචාරකයින් පැමිණීම සුවිශේෂි ජයග්‍රහණයක් බවටයි එම අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටියේ.
1990 හදිසි ඇමතුම් අංකය ඔස්සේ මෙරට ක්‍රියාත්මක සුවසැරිය ගිලන් රථ සේවාව ඩිජිටල් තාක්ෂණය නොමිලේ උපයෝගි කරගනිමින් මිලක් නියම නොකර සේවා සපයන ලොව වඩාත් උසස් ගිලන් රථ සේවාවක් ලෙස ලෝක බැංකුව මගින් හදුන්වා දී තිබෙනවා. ලොව ගිලන් රථ සේවා අතර වේගවත්ම ප්‍රතිචාර දක්වන සේවාවක් බවට සුවසැරිය ගිලන් රථ සේවාව මේ වන විට පත් වී අවසන් බවයි ලෝක බැංකුව වැඩිදුරටත් කියා සිටියේ. ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය නියෝජ්‍ය සභාපති මාටින් රේසර් ලෝක බැංකුවේ නිල වෙබ් අඩවිය වෙත සුවසැරිය පිළිබද වාර්තාවක් ගොනු කර ඇත්තේ දකුණු ආසියාවේ දුප්පත්කම තුරන් කිරීමේ තේමාව යටතේයි.
චීන ආරක්ෂක අමාත්‍යංශය, ඉන්දියාවේ ඊසානදිග ප්‍රාන්තයක් වන අරුනාචාල් ප්‍රදේශ් ප්‍රාන්තයේ අයිතිය සම්බන්ධයෙන් සිදු කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඉන්දියාව සිය විරෝධය දක්වා ඇත. චීනය කර ඇත්තේ “විකාර ප්‍රකාශයක්” බව ඉන්දීය විදෙස් කටයුතු අමාත්‍යංශය පවසයි. අරුනාචාල් ප්‍රදේශ් ප්‍රාන්තය චීන පාලනයේ පවතින දකුණු ටිබේට ය ආසන්නයේ පිහිටා ඇති අතර එය දකුණු ටිබේටයට අයත් බව චීනය පවසනවා.
රජයේ සියලු පාසල් සිසුන් වෙත 2024 වර්ෂයට අදාළ ව පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි ලබාදීම පිණිස අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර ඇත. ඒ අනුව සියලු පාසල් වෙත බෙදාහැරීම පිණිස පාසල් පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි දිවයිනේ සියලු ම කොට්ඨාස අධ්‍යාපන කාර්යාල වෙත මේ වනවිටත් ලබා දී අවසන් ව ඇත. මෙතෙක් පාසල් පෙළ පොත් සහ නිල ඇදුම් රෙදි නොලද කිසියම් පාසලක් වෙතොත් ඒ පිළිබද පහත දුරකථන/ෆැක්ස්/ඊමේල් මගින් වහාම දැනුම් දෙන මෙන් අධ්‍යාපන අමාත්‍යාංශය අදාළ විදුහල්පතිවරුන් වෙත දන්වා සිටියි. පෙළ පොත් සඳහා – දුරකථන අංක – 0112784815/0112785306 ෆැක්ස් – 0112784815 විද්‍යුත් ලිපිනය [email protected] නිල ඇඳුම් රෙදි සඳහා – දුරකථන අංක -…
දිවයිනේ වැඩිම තේ මිල මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා. අමු තේ දළු කිලෝග්‍රෑමයක් සදහා මාතර දිස්ත්‍රික්කයේ තේ කම්හල් විසින් රුපියල් 285ක් ගෙවා ඇති බව තේ මණ්ඩලය ප්‍රකාශ කළා.
බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත්, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද දිනයේදී සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල අද දිනයේදී ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තු සඳහන් කළේ. සබරගමුව සහ මධ්‍යම යන පළාත්වලත්, ගාල්ල සහ කළුතර යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222