Author: Kesara Athipola

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඒ කාණ්ඩයේ පෙරමුණ ගන්නට නවසීලන්ත කාන්තා කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ ඉන්දීය කණ්ඩායම සමග පැවැති තරගය ලකුණු 58කින් ජයගනිමින්. එම කාණ්ඩයේ දෙවන ස්ථානය හිමිව ඇත්තේ පාකිස්ථාන කණ්ඩායමටයි. ඔවුන් මුහුණ දුන් පළමු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්කළා. ඒ කාණ්ඩයේ තෙවන ස්ථානය ශ්‍රී ලංකාවට සහ සිව්වන ස්ථානය ඉන්දීය කාන්තා කණ්ඩායමට හිමිව තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසාලන තරගාවලියේ මුහුණ දෙන දෙවන තරගය අද පස්වරු 03.30ට ආරම්භ වීමට නියමිතයි.

තව කියවන්​න

මහ මැතිවරණයට අදාළව නාම යෝජනා භාර ගැනීම සෙනසුරාදා සහ ඉරිදා දිනවලදී සිදු නොකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ අදාළ දින හැර ලබන 11 වනදා මධ්‍යහන 12 දක්වා මහ මැතිවරණයේ නාම යෝජනා භාර ගැනීම සිදුකරන බවයි. මේ අතර මහ මැතිවරණය සදහා ස්වාධීන කණ්ඩායම් 87ක් මේ වන විට ඇප මුදල් තැන්පත් කර ඇති බව ද සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළා.

තව කියවන්​න

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වැනි සමාලෝචනය දිවයිනට පැමිණ සිටින අයි.එම්.එෆ් කණ්ඩායමේ සංචාරය නිමවීමෙන් පසුවූ ප්‍රකාශයට පත්කරන බව එහි ප්‍රකාශිකා ජුලී කොසැක් පවසනවා. ජනාධිපතිවරයා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවැනි දිනටත් ඊයේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. මෙම දෙවැනි සාකච්ඡාවේදී අයි.එම්.එෆ් වැඩසටහනේ ඉලක්ක සපුරා ගන්නා අතරම ජනතාව මත පැටවෙන පීඩනය ඉවත් කෙරෙන විකල්ප මාර්ග සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය යහපත් හා සුහදශීලි වටපිටාවක් දෙපාර්ශ්වය අතර මෙම සාකච්ඡාවලදී මනාව ගොඩනැගුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

තව කියවන්​න

නිල සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය, ආචාර්ය එස් ජයශංකර් මහතා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. ඔහුගේ නිල සංචාරය තුළදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හමුවී සාකච්ඡා කර තිබුණා. එමෙන්ම ඉන්දීය විදේශ අමාත්‍යවරයා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සමගි ජන බලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද හමුවී තිබෙනවා. මීට අමතර විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ එස් ජයශන්කර් මහතා අතර හමුවක් ද ඊයේ සිදුවුණා. නව ජනාධිපතිවරයෙකු පත්වීමෙන් අනතුරුව මෙරටට පැමිණි පළමු රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයා වන්නේ ආචාර්ය එස් ජයශන්කර් මහතායි.

තව කියවන්​න

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී රැස් වූ පක්ෂ මධ්‍යම කාරක සභාව මෙම තීරණයට එළැඹි බවයි. ඒ අනුව ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගිම සිය අපේක්ෂාව බව ද නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළා.

තව කියවන්​න

පාස්කු ප්‍රහාරයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. සිය දේශපාලන ජීවිතය පිළිබද රචිත ස්වයං චරිතාපදාන කෘතිය කොළඹදී ජනගත කිරීමේ අවස්ථාවට එක්වෙමින් මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළා. ආචාර්ය ගංගා රාජිණි දිසානායක මහත්මිය විසින් සම්පාදනය කළ මෙම කෘතිය නම් කර ඇත්තේ සිහිනය – නොනිමිය , ස්වයං ස්මරණිය නිල චරිතාපදනය ලෙසයි. මේ එම කෘතිය ජනගත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වු හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා.

තව කියවන්​න

ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සහිත දරුවන් මේ දිනවල වාර්තාවන බැවින් එම රෝග ලක්ෂණ සහිත දරුවන්ට මුඛ ආවරණ පළඳවන ලෙස සෞඛ්‍ය අංශ මව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම අත්, පා මුඛ රෝගය සහිත දරුවන්ද මේ දිනවල වාර්තා වන බැවින් නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරිම තුළින් දරුවන් ආරක්ෂා කරගත හැකි බවයි ළමාරෝග විශේෂඥ වෛද්‍ය දිපාල් පෙරේරා මහතා පෙන්වා දෙයන්නේ.

තව කියවන්​න

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ. කොරියානු එක්සීම් බැංකුවේ නිලධාරීන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාව ජනාධිපති කාර්යාලයේදී ඊයේ හමුවූ අවස්ථාවේදී මෙම එකඟතාවය පළ කර තිබෙනවා ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිඳ වැටුණු අවස්ථාවේදී කොරියානු එක්සීම් බැංකුව ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබා දුන් මූල්‍ය සහාය 2022 -2024 වසර වලදී අත්හිටුවා තිබූ අතර, එම සංවර්ධන ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක කිරීම සඳහා සහන පොලී ණය ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව කොරියානු එක්සීම් බැංකුවේ නියෝජිතයන් ජනාධිපති ලේකම්වරයා හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රී ලංකා රජයේ ආර්ථික වශයෙන් ඵලදායී වැඩසටහන් සඳහාද ඉදිරියේදී මූල්‍ය සහාය ලබාදීමට බලාපොරොත්තු…

තව කියවන්​න

2024 විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරගයෙන් පාකිස්තානය හමුවේ ලකුණු 31ක පරාජයක් ලැබීමට ඊයේ සිදු වුනා කාණ්ඩයේ තරගයක් ලෙස මෙම තරගය සාජාහිදී පැවැත්වුනා . කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානු කාන්තා කණ්ඩායම පන්දුවාර 20 තුළදී සියලු දෙනා දැවී ලකුණු 116ක් රැස්කිරීමට සමත් වවුනා පාකිස්තානු කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 117ක ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පන්දුවාර 20 තුළදී කඩුලු 9ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 85ක් පමණි. විශ්මි ගුණරත්න සමගින් චමරි අතපත්තු ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ අතර, ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 9ක් පමණක් එක්කරද්දී චමරි දැවී ගියා ඉන් අනතුරුව…

තව කියවන්​න

මෙක්සිකෝ හමුදා සෙබළුන් සිදුකළ වෙඩි තැබීමකින් සංක්‍රමණිකයන් හය දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. මෙක්සිකෝවේ දකුණු දිග ප්‍රදේශයේ අනවසර සංක්‍රමණිකයන් 33 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ගමන්ගත් වාහනයකට හමුදා සෙබළුන් විසින් වෙඩි තබා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. එසේ වෙඩි වැදුණු තවත් සංක්‍රමණිකයන් 10 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව ද සඳහන් වනවා. මෙම සංක්‍රමණිකයන් ගමන් ගත් වාහනය අධික වේගයෙන් ධාවනය කිරීම හේතුවෙන් මුර සංචාරයක නිරතව සිටි හමුදා භට පිරිසක් විසින් ඊට වෙඩි තැබූ බවයි ආරක්ෂක අංශ පවසන්නේ වෙඩි තැබීම පිලිබඳ මේ වනවිට පරීක්ෂණයක් පැවැත්වෙන අතර වෙඩි තැබූ සෙබළු රාජකාරිවලින් ඉවත්කිරීමට මෙක්සිකෝවේ ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා බේරුණු මගීන්…

තව කියවන්​න