- හෙද හෙදියන් 3500ක් අලුතෙන් සේවයට
- අද සිට සතොස ගබඩා 06 ක්
- කැරිබියන් දූපත්වල ප්‍රබල භූකම්පනයක්
- සුන්දර වෙරළ තීරයක් නිර්මාණය කිරීමේ සමාරම්භක වැඩසටහන අද
- කැරිබියන් සහ කේමන් දූපත් වලට ප්‍රබල සුනාමි අනතුරු ඇගවීමක්
- දියේ ගිලී තරුණයෙක් අතුරුදන්
- වසර 27කට පසු දිල්ලියේ බලය මෝදිගේ පක්ෂයට
- නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
Author: Kesara Athipola
පාකිස්තානයේ ඉස්ලාමාබාද්, ලාහෝර් සහ ඒ අවට ප්‍රදේශවල අද (20) අලුයම රික්ටර් මාපාංක 5.5ක භූමිකම්පාවක් සිදුව තිබෙනවා. එමෙන්ම එරට භූකම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානය වාර්තා සඳහන් කළේ පසුගිය මාසයේ පාකිස්තානයට රික්ටර් මාපාංක 4.7ක භූකම්පනයක් සිදුවූ බවයි. ජනවාරි මාසයේදී රික්ටර් මාපාංක 4.3ක සහ රික්ටර් මාපාංක 6.0ක භූකම්පනයන් පාකිස්තානයේ සිදුව ඇති බවද විදෙස් වාර්තා සඳහන් කළා.
ඉන්දියාවේ බැංගලෝර් නුවර බලා ඊයේ අලුයම පිටත්ව ගිය ශ්‍රී ලංකන් ගුවන් යානයක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් යළි කටුනායක ගුවන්තොටුපළ වෙත ගොඩබස්සවා තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.173 දරණ ඒ 320 ඒයාර් බස් වර්ගයේ ගුවන් යානයක් අද අ`ඵයම 1.10 ට පමණ පිටත්ව ගොස් තිබූ අතර යානයේ සමතුලිතතාවය පවත්වාගෙන යන පද්ධතියේ කාර්මික දෝෂයක් හේතුවෙන් විනාඩි 40 කට පසුව යළි කටුනායක ගුවන්තොටුපලට අදාළ යානය ගොඩබස්වා ඇති බව සදහන්. හදිසි ගොඩබැස්සවීමක් යැයි ප්‍රකාශ කරමින් එය ගොඩබස්සවා තිබූ අතර ඒ වන විට එහි මගීන් 85 දෙනෙකු ගමන් කර තිබුණා. ඉන් අනතුරුව මගීන් වෙනත් විකල්ප ගුවන් යානා මගින් ඉන්දියාවේ බැංගලෝර් නුවර ගුවන් තොටුපල වෙත යොමු කිරීමට…
මෙරට පාසල්වල 6 ශ්‍රේණියෙන් ඉහළ සිසුවියන් සදහා සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමට අප්‍රේල් මාසෙය් සිට වවුචර් පතක් නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා තීරණය කර තිබෙනවා. එමෙන්ම කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා සදහා බදු පැනවීම සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ දින රජයෙන් විමසා සිටියා.
දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් යාපා මහතාගේ අත්සනින් යුතුව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ දකුණු පළාතේ පාසල් ගුරුවරුන්ට, තමා උගන්වන පාසලේ දරුවන් වෙත මුදල් අය කර පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින්. දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා ඉකුත් ජනවාරි මාසයේදී, දකුණු පළාතේ පාසල්වල ගුරුවරුන්ට තම පාසලේ ඉගෙනුම ලබන සිසුන්ගෙන් මුදල් අය කරමින් උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමට පියවර ගන්නා බව සඳහන් කළා. ඒ අනුව මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බව සඳහන්.
කෝප් කමිටුව හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සේවය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාව තේරීම් කාරක සභාව විසින් නම් කළ බව නියෝජ්‍ය කථානායකවරයා අද උදෑසන පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. කෙසේවෙතත් එම අවස්ථාවේ දී නැගී සිටි වසන්ත යාපා බණ්ඩාර මහතා නියෝජ්‍ය කථානායකවරයාට කියා සිටියේ තමා එම ධුරයෙන් ඉල්ලා අස්වෙන බවත්, ඉල්ලා අස්වීම ලිඛිතව ලබාදීමට කටයුතු කරන බවත්ය. කෝප් කමිටුවේ සාමාජිකත්වය දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 8 දෙනෙකු මේ වනවිට ඉල්ලා අස්වී ඇත.
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව බංග්ලාදේශ පිතිකරු මුෂ්ෆිකර් රහීම්ට අහිමි වී තිබෙනවා. ඒ, ඔහුගේ දකුණු මාපටැඟිල්ලෙහි සිදුව ඇති අස්ථි බිදී යාමක් හේතුවෙන්. ශ්‍රී ලංකාව සමග පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී කඩුලු රකිමින් සිටියදීයි පන්දුවක් අතේ වැදීමෙන් රහීම් මෙම ආබාධයට ලක්වුණේ.
දිවයිනේ දකුණු අර්ධයේ පවතින වියළි කාලගුණයේ තාවකාලික වෙනසක් අද දිනයෙන් පසු අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත් නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් අද දිනයේ අපේක්ෂා කරන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු වැඩිදුරටත් සඳහන් කළා.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම සිය නමෙහි සුළු සංශෝදනයක් සිදු කර තිබෙනවා. මෙතෙක් එම කණ්ඩායම රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් යනුවෙන් හදුන්වනු ලැබූ නමුත්, ඉදිරියේ දී එම කණ්ඩායම රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු නමින් හැදින්වීමට නියමිතයි. එනම් බැංගලෝර් වෙනුවට එම නගරයේ නිල නාමය වන බැංගලූරු යන නම ඉදිරියේ දී ඔවුන් භාවිතා කරන බවයි කණ්ඩායමේ පාලනාධිකාරිය දන්වා ඇත්තේ.
පිටිගල, ගුරුවෙල හන්දිය ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අධාර අනුබල දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 11 වැනිදා සිදු කළ මෙම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයන් තිදෙනෙකු බරපතල තුවාල ලැබුවා. ඒ අනුව සිදු කළ විමර්ශන වලදී ඇල්පිටිය, කහදුව ප්‍රදේශයේදී මෙම පුද්ගලයා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 250ක් සමග අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරු 31 හැවිරිදි කහදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් පිටිගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222