Author: Kesara Athipola

බංග්ලාදේශ තරග සංචාරයේ දී පාදයක ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංකට එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා. ඒ අනුව ඔහු වෙනුවට 2024 අයි.පී.එල් තරගාවලිය සදහා දකුණු අප්‍රිකානු යොවුන් වේග පන්දු යවන්නෙකු වන ක්වේනා මාපාකා මුම්බායි සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ. 17 හැවිරිදි වමත් වේග පන්දු යවන්නෙකු වන ඔහු නිමා වූ අයි.සී.සී වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ද දකුණු අප්‍රිකා කණ්ඩායම නියෝජනය කළා. කඩුලු 21 ක් දවා ගත් ඔහු එම තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා. ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මුදලකටයි ඔහු මුම්බායි සංචිතය සමග…

තව කියවන්​න

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සමග ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරන් සාකච්ඡා පවත්වා තිබෙනවා. විපක්ෂනායකවරයා මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ ලක්ෂ 220ක මෙරට ජනතාවගේ ගැටළුවලට විසඳුම් ලබාදිය යුතු බවයි. එම සාකච්ඡාවට ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයින් නියෝජනය කරමින් පිරිසක්ද එක්ව සිටියා. මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් වෙත විපක්ෂයේ නියෝජිතයින් පෙන්වා දුන්නේ ගන්නා සෑම පියවරක්ම රට බංකොළොත්භාවයෙන් මුදා ගැනීමටත් ආයෝජන සවිමත් කිරීමටත් ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත් හේතු විය යුතු බවයි. රටෙන් හරි අඩකට ආසන්න පිරිසක් දුප්පත් වී ඇති තත්ත්වයක් තුළ කුටුම්භවල ආදායම් මට්ටම…

තව කියවන්​න

හයිටි රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කළේ ශ්‍රී ලාංකිකයින් සේවය කරන සමාගම් සමග නිරන්තරයෙන් සම්බන්ධ වී සිටින බවයි. හයිටි රාජ්‍යයේ අවිගත් කල්ලි විසින් එරට අගනුවර ප්‍රචණ්ඩව හැසිරෙමින් සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. ඒ අනුවයි විදේශ කටයුතු අමාත්‍යංශය මගින් මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ. අදාළ නිවේදනය මගින් විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කළේ මේ වන විට එරට වෙසෙන ශ්‍රී ලාංකකින් ආරක්ෂිතව සිටින බවයි.

තව කියවන්​න

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා , කුරුණෑගල මුලස්ථාන පොලිස් ස්ථානය හදිසි පරීක්ෂාවකට ලක්කර තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍යංශය සදහන් කළේ පොලිස්පතිවරයා විසින් නිලධාරීන්ගේ සුභ සාධන ගැටළු සම්බන්ධයෙන් මෙහිදී විමසීමට ලක්කළ බවයි. කුඹුක්ගැටේ පොලිස් ස්ථානයේ පැවති උත්සවයකට සහභාගීවිමෙන් අනතුරුවයි පොලිස්පතිවරයා කුරුණෑගල මුලස්ථාන පොලිස් ස්ථානයට පැමිණ ඇත්තේ. මෙවැනි හදිසි පරීක්ෂා කිරීම් සදහා ඉදිරියේදී  තමන් පැමිණෙන බව ද පොලිස්පතිවරයා උසස් පොලිස් නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.

තව කියවන්​න

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විස්වාසභංග යෝජනාව පිළිබද විවාදයේ අවසන් දිනය අදයි. කතානායකවරයාට එරෙහිව විස්වාසභංග යෝජනාව සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් ගෙනඑනු ලැබුවා. ඒ අනුව ඊට අදාළ විවාදය අද තෙවැනි දිනටත් පැවැත්වෙන අතර අද පස්වරු 04.30ට පමණ ඊට අදාළ විමසීම පැවැත්වෙනු ඇති.

තව කියවන්​න

අපනයන ආර්ථිකයක් කරා රට කඩිනමින් පරිවර්තනය කිරීම සිය අපේක්ෂාව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඊට අදාළ නව නීතියක් අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි ජනාධිපතිවරයා සදහන් කළේ. කෑගල්ල ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. රටේ ආර්ථිකය ඉදිරියට ගෙනයාමේ අරමුණ ඇතිව රජයේ මුල්‍ය පාලනය සදහා ද නීතියක් ගෙන එන බවයි රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේ. මේ අතර ජනාධිපතිවරයා දිවංගත ගාමිණි දිසානායක මහතාගේ 82 වන ජන්ම දින සැමරුම් උත්සවයට ද ඊයේ පස්වරුවේ එක්වුණා. එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ රට නවීන කෘෂි ආර්ථිකයක් කරා ගෙන යන ගමනේදී මහවැලි ව්‍යාපාරයෙන් අතහැරුණු මහවැලි ඒ සහ බී කලාප කඩිනමින් සංවර්ධනය කර…

තව කියවන්​න

ඇස්වැසුම ප්‍රතිලාභින් 14,000ක් සවිබල ගැනීම සදහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක බව සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා පවසනවා. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. පශු සම්පත් අමාත්‍යංශය මගින් කළුතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමින් ගම් කුකුළු ගොවිපොළ ව්‍යාපෘති 10,000ක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි අනුප පස්කුවල් මහතා සදහන් කළේ. තල් , කිතුල් සහ පොල් වැනි බෝග සදහා ප්‍රමිතිගත රා බලපත්‍ර ලබාදීමට කටයුතු කරන බවත් කෘතිම නිෂ්පාදන වෙනුවට ස්වාභාවික මධ්‍යසාර නිපදවා දෙස් විදෙස් අලෙවිය සදහා මුදා හැරීමට පියවර ගන්නා බවත් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා සදහන් කළා.

තව කියවන්​න

නවසීලන්ත රජය ඊ – දුම්වැටි භාවිතය තහනම් කර ඇති අතර අවුරුදු 18ට අඩු ළමයින්ට මේවා විකිණීමට සිදු කළහොත් දඩ අය කිරීමට රජය තීරණය කර ඇත. ලොව පුරා රටවල් රැසක් ඊ – දුම්වැටි භාවිතය මේ වන විට තහනම් කරමින් පවතී.

තව කියවන්​න

විදුලි පාරිභෝගිකයන්ට ලංකා විදුලි බල මණ්ඩලයෙන් මෙතෙක් මාසිකව නිකුත් කල බිල්පත වෙනුවට ඉලෙට්‍රොනික බිල්පතක් නිකුත් කිරිමට විදුලි බල මණ්ඩලය පියවර ගෙන ඇත. එම ඉලෙට්‍රොනික ‍යන්ත්‍රයට විදුලි පාරිභෝගිකයාගේ ගිණුම් අංකය සහ භාවිතා කර ඇති විදුලි ඒකක ගණන මනු කියවන්නා විසින් ඇතුලත් කිරිමෙන් පසු එම මසට අය විය යුතු සම්පුර්ණ මුදල සහ හිඟ මුදලක් ඇත්නම් එයද සටහන් වී බිල්පත මුද්‍රණය වන බවයි මනු කියවන්නා කියා සිටියේ. විදුලි පාරිභෝගිකයාට ක්‍රමයට බිල්පතක් ලබාදීමේදී මාර්ග ගත ක්‍රමයට බිල්පත් ගෙවා ඇත්නම් එම බිල්පත් ද නව බිල්පතින් අඩු වී එම ගෙවීමද මෙම බිල්පත මගින් විදුලි පාරිභෝගිකයාට දැන ගැනීමට හැකියාව ලැබෙන බවද මනු කියවන්නා කියා සිටියි. එසේ විදුලි…

තව කියවන්​න

පැහැදිලි සාධාරණ විසදුමක් ලැබෙන තෙක් වැටුප් වැඩිකිරීම කල්දමන ලෙස රජයේ මුදල් පිළිබද පාර්ලිමේන්තු කාරක සභාව ශ්‍රී ලංකා මහ බැංකුවට අද නිර්දේශ කළා. ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබද පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

තව කියවන්​න