- අගමැතිනිය සහ IMF විධායක අධ්‍යක්ෂක අතර හමුවක්
- ලබන සිකුරාදා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක්
- අම්පාරේ වගා හානි වන්දිය අද ගොවි ගිණුම්වලට
- ඔස්ට්‍රෙලියාවට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි
- රුපියල් 36,000 ක් අල්ලස් ගත් තාක්ෂණ නිලධාරියෙක් අවුරුදු 56කට හිරේ
- සමන් දේවාලයේ නිලවරණය වළකා අතුරු නියෝගයක්
- 2025 වසරට විදේශ රැකියා 340,000ක ප්‍රමාණයක්
- වෛද්‍ය පරිපාලකයන්ගේ විද්වත් සංගමයට නව සභාපතිවරයෙක්
Author: Kesara Athipola
ශ්‍රී ලංකා බංගලාදේශ ටෙස්ට් තරගයේ පළමු තරගය හෙට ආරම්භ වීමට නියමිතයි. මේ අනුව හෙට උදෑසන 9.30 ට තරගය ආරම්භ වනු ඇති. මේ අනුව කණ්ඩායමේ නායකත්වය ධනංජය ද සිල්වා විසින් දරණ අතර එහි උපනායකයා ලෙස කටයුතු කරන්නේ කුසල් මෙන්ඩිස්. මෙම ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් පසුගියදා ප්‍රකාශයට පත් කළා.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඊයේ (20ද) සවස කැනඩාව බලා පිටත්ව ගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ. ඒ කැනඩාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයින් අමතන ජනහමු කිහිපයකට සහභාගි වීම සඳහා බව සඳහන්. ජාතික ජන බලවේගයේ කැනඩා කමිටුව විසින් ජනහමු කිහිපයක් සංවිධානය කර ඇත. එහිදී ප්‍රධාන ජනහමු දෙකෙන් පළමුවැන්න 23 වැනිදා සෙනසුරාදා දින පස්වරු 3.00ට කැනඩාවේ ටොරොන්ටෝ අගනුවරදී සහ දෙවැන්න 24 වැනිදා ඉරිදා දින පස්වරු 2.30ට වැන්කුවර් නගරයේ දී පැවැත්වෙන බවයි ජාතික ජන බලවේගය සඳහන් කළේ.
මුදල් නෝට්ටු විකෘති කිරීම හෝ වෙනස් කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ දැන්වීමක් සිදු කර තිබෙනවා. වර්තමානයේ නව ප්‍රවණතාවක් ලෙස දැකිය හැකි මුදල් නෝට්ටු භාවිතයෙන් විසිතුරු භාණ්ඩ සහ තෑගි අයිතම සකස් කිරීමත්, ඊට සමාජ මාධ්‍ය තුළ ලබා දී ඇති ඉහළ ප්‍රවර්ධන දායකත්වයත් සැලකිල්ලට ගනිමින් බව සඳහන්. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් නෝට්ටු සහ කාසි භාවිතය පිළිබඳ සම්මතයන් ඉක්මවා යන්නන් හට දැඩි දඬුවම් හිමිවන බව එම දැන්වීමෙන් දැඩිව අවධාරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති නිවේදනය පහතින්,
මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත්ව ඇති යෝජනා හා අදාළ කටයුතු නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවුනහොත්, ඉදිරියේදී මැතිවරණය ප්‍රමාද වීමේ අවදානමක් පවතින බව පැෆරල් සංවිධානය පෙන්වා දෙනවා. මැතිවරණ ක්‍රමය සංශෝධනය කර කඩිනමින් සීමානිර්ණ කටයුතු අවසන් කළ යුතු බව එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අවධාරණය කළා.
එළිමහනේ සේවය කරන ගැබිණි මව්වරුන්ට අධික උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් වැඩි අවදානමක් පවතින බව සමීක්ෂණයකින් හෙළිව ඇත. මේ බව හෙළිව ඇත්තේ ඉන්දියාවේ චෙන්නායිහි ශ්‍රී රාමචන්ද්‍ර උසස් අධ්‍යාපන හා පර්යේෂණ ආයතනය 2017 ආරම්භ කරන ලද සමීක්ෂණයකින්. එවැනි ගැබිණි මව්වරුන් එම අවදානම හමුවේ සේවය කිරීම තුළ මළ දරු උපත් සහ ගබ්සා වීම් ඇතිවීමේ හැකියාව ඉහළ යනු ඇති බව අනාවරණය වී තිබෙනවා.
අමෙරිකාවේ වොෂිංටන් වෙත ලෝක බැංකුව විසින් සංවිධානය කළ සමුළුවකට සහභාගී වීම සඳහා ගොස් සිටි අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ඊයේ (20) රාත්‍රියේ යළි දිවයිනට පැමිණ තිබෙනවා. කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා නාධිපතිවරයා කළ කැඳවීමකට අනූව මෙලෙස එතුමා පැමිණි බව වාර්තා වෙයි.
යාපනය ඉලවලයි ප්‍රදේශයේ මුහුදු වෙරළේ දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනකු දියේ ගිලී මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ යාපනය ප්‍රදේශයේම පදිංචිව සිටි වයස අවුරුදු 30 සහ 35 යන වයස්වල පසුවන දෙදෙනෙකි. මෘතදේහ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිත අතර ඉලවලයි පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳව අවසාන ඡන්ද විමසීම සඳහා සහභාගී වීමට හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කැඳවාගෙන එන ලෙස වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දී ඇති බව වාර්තාවනවා. බාල බෙහෙත් සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබ සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ සඳහා සහභාගි වීමට කැමති නම් පමණක් එසේ රැගෙන එන ලෙසයි දැනුම් දී ඇත්තේ. කෙසේ වෙතත් පවතින අසනීප තත්වයන් මත පාර්ලිමේන්තු පැමිණීමෙන් වලකින බව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මින් පෙර දැනුම් දී තිබුණා.
සිය භාරයටගත් නීතිවිරෝධී ලන්ච් ෂීට් කිලෝග්‍රෑම් 5,377ක් මධ්‍යම පරිසර අධිකාරියේ අධීක්ෂණයෙන් විනාශ කර ඇත. මධ්‍යම පරිසර අධිකාරිය සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමඟ ඒකාබද්ධව සිදුකළ වැටලීම්වලින් මෙම ලන්ච් ෂීට් සොයාගෙන තිබුණි. පුත්තලමේ පෞද්ගලික සමාගමක දී එම ලන්ච් ෂීට් තොගය විනාශ කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කළේය. නීතිවිරෝධී පොලිතීන් ලන්ච් ෂීට් සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය පැවරූ නඩු දොළහකට අයත්, නඩුභාණ්ඩ ලෙස ගබඩාකර තිබූ නීතිවිරෝධී පොලිතීන් ලන්ච් ෂීට් මෙලෙස විනශ කිරීමට කටයුතු කෙරිණ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222