- අගමැතිනිය සහ IMF විධායක අධ්‍යක්ෂක අතර හමුවක්
- ලබන සිකුරාදා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක්
- අම්පාරේ වගා හානි වන්දිය අද ගොවි ගිණුම්වලට
- ඔස්ට්‍රෙලියාවට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි
- රුපියල් 36,000 ක් අල්ලස් ගත් තාක්ෂණ නිලධාරියෙක් අවුරුදු 56කට හිරේ
- සමන් දේවාලයේ නිලවරණය වළකා අතුරු නියෝගයක්
- 2025 වසරට විදේශ රැකියා 340,000ක ප්‍රමාණයක්
- වෛද්‍ය පරිපාලකයන්ගේ විද්වත් සංගමයට නව සභාපතිවරයෙක්
Author: Kesara Athipola
යුක්රේනයේ අගනගරය වූ කීව් නගරය ඉලක්ක කර ගනිමින් රුසියාව විසින් එල්ල කළ මිසයිල ප්‍රහාර 31කින් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් ඇත. එය සති කිහිපයකින් රුසියාව යුක්රේනයට එල්ල කළ විශාලතම ප්‍රහාරය බවට විදෙස් මාධ්‍ය වාර්තා කළා.
නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කළා. සජීවීව නරඹන්න.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය බංගලාදේශය දිනාගත්තා. ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි. කණ්ඩායමේ ක්‍රීඩකයින් ටෙස්ට් තරගය සඳහා වූ තණතීරුව පිළිබඳ නිසි අවබෝධයකින් පසුවන බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා පවසා තිබුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාද කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී තිබෙනවා. පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුනවර්ධන මහතා එහි සභාපති ධූරයට පත්වීමෙන් අනතුරුව එහි සාමාජික මන්ත්‍රීවරුන් විශාල ප්‍රමාණයක් පසු ගිය දිනවලදී ඉන් ඉවත් වුණා.
කෝප් කමිටු සාමාජිකයින් ඉල්ලා අස්වීම පිළිබද අද පාර්ලිමේන්තුවේදී කතාබහට ලක්වුණා. එහිදි අදහස් දක්වමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා සදහන් කළේ කෝප් කමිටු සාමාජිකයින් ඉල්ලා අස්වන්නේ නම් ඒ වෙනුවෙන් නවක සාමාජිකයින් පත් කළ යුතු බවයි. ඊට පිළිතුරු දුන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා කියා සිටියේ තමන් ද එහි සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමේ සූදානමින් පසුවන බවයි. නමුත් යම් කරුණක් හේතුවෙන් එය මෙතෙක් ප්‍රමාද කරමින් සිටින බවයි ඒ මහතා සදහන් කළේ. එම කතාබහට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ කමිටුවේ සභාපතිවරයා පත්කිරීම ජනාධිපතිවරයාගේ සහ ආණ්ඩු පක්ෂයේ අවශ්‍යතා මත සිදුව ඇති බවයි. මේ අතර ඊට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර…
අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විශ්‍රාම ගැනීමට නියමිත බවට පසුගිය කාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වූ අතර එතුමාට විශ්‍රාම ගැනීමේ අදහසක් නොමැති බව මෙන්ම ජීවිත කාලය පුරාම තනතුරේ රැඳී සිටීමට සැලසුම් කර ඇති බව ඔහුගේ නව ස්වයං චරිතාපදානයේ සඳහන් කර තිබෙනවා. පාප් වහන්සේ මේ වන විට 87 හැවිරිදි වියේ පසුවනවා.
උඩුනුවර, අවුලගල පොලිස් බල ප්‍රදේශයේ බූවැලිකඩ ප්‍රදේශයේ කසල තේ ගබඩා කර තිබූ මධ්‍යස්ථාන හතරක ගම්පොළ විශේෂ කාර්ය බලකා නිලධාරීන් වැටලීමක් සිදු කර තිබෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ කසල තේ ගබඩා කර තිබූ ස්ථාන 4ක්, කසල තේ තොග සමග විශේෂ කාර්ය බලකායේ නිලධාරින් භාරයට ගෙන ඇති අතර හිමිකරුවන්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගත් කසල තේ ප්‍රමාණය කිලෝ 13,000ක් බව සඳහන්.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ නායකත්වයෙන් යුතු නව සන්ධානය ඊයේ (20) එළි දැක්වූවා. දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන 22ක එකතුවෙන් නිර්මාණය කළ “මානුෂීය ජනතා සන්ධානය” නමින්.
ජාත්‍යන්තර වනාන්තර දිනය අදට (21) යෙදී තිබෙනවා. ලොව පිහිටි සියලු වනාන්තර සහ වනාන්තරවලින් පරිභාහිරව පිහිටි වෘක්ෂ සම්පත්වල වැදගත්කම පිළිබඳව ජන සමාජය තුළ පවතින දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සෑම වසරකම මාර්තු 21 වනදා ජාත්‍යන්තර වනාන්තර දිනය ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. මෙවර එයට අදාළ තේමාව “වනාන්තර හා නවෝත්පාදන” යන්නයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222