- අගමැතිනිය සහ IMF විධායක අධ්‍යක්ෂක අතර හමුවක්
- ලබන සිකුරාදා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක්
- අම්පාරේ වගා හානි වන්දිය අද ගොවි ගිණුම්වලට
- ඔස්ට්‍රෙලියාවට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි
- රුපියල් 36,000 ක් අල්ලස් ගත් තාක්ෂණ නිලධාරියෙක් අවුරුදු 56කට හිරේ
- සමන් දේවාලයේ නිලවරණය වළකා අතුරු නියෝගයක්
- 2025 වසරට විදේශ රැකියා 340,000ක ප්‍රමාණයක්
- වෛද්‍ය පරිපාලකයන්ගේ විද්වත් සංගමයට නව සභාපතිවරයෙක්
Author: Kesara Athipola
ගාසා තීරයේ සටන් විරාම ගිවිසුමක් ගැන බලාපොරොත්තු තැබිය හැකි බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පවසනවා. ඒ කටාරයේ පැවති සාකච්ඡාවලට අනුව බව සඳහන්. ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මේ දිනවල මැදපෙරදිග සංචාරයක නිරතවෙමින් සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ඕනෑම මැතිවරණයකට සිය පක්ෂය සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. එමෙන්ම පළමුව පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා අනතුරුව ජනාධිපතිවරණය පැවැත්වීම බැසිල් රාජපක්ෂ මහතාගේ යෝජනාව වී ඇති බවයි හිටපු ජනාධිපතිවරයා අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කළේ.
LNG භාවිතයෙන් එනම් ජීව වායු දෙමුහුන් බැටරි භාවිතයෙන් බලගැන්වෙන ප්‍රථම රථ වාහන ප්‍රවාහන නෞකාව හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP) මාර්තු පළමු සතියේ ළඟාවී තිබේ. ජංගම දොඹකර, බස් රථ වැනි බර වාහන ප්‍රවාහනය කරන ‘ජැස්මින් ලීඩර්’ (Jasmine Leader) නෞකාව, දමාම් සහ මාලදිවයින යන වරායන් වෙත ප්‍රතිනැව්ගත කිරීම සඳහා RORO තොග හම්බන්තොට වරායේ ගොඩ බෑමට නියමිතයි.
මහ කන්නයේ වී මිල දී ගැනීමේ කටයුතු සඳහා මේ වනවිට වී අලෙවි මණ්ඩලය ක්‍රියාත්මක කර තිබේ. වී මිල දී ගැනීමේ කටයුතු සඳහා මහා භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 500ක් සහ ගොවි භාරකාර අරමුදලෙන් රුපියල් මිලියන 500ක් ද වශයෙන් මේ වනවිට රුපියල් මිලියන 1000ක මුදලක් වී අලෙවි මණ්ඩලයට ලැබී ඇත. පසුගිය සඳුදා සිට (18) වී මිල දී ගැනීමේ කටයුතු වී අලෙවි මණ්ඩලය විසින් ආරම්භ කළ අතර වී වගා කරන ලද සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා දෙකක් බැගින් මේ වනවිට විවෘත කර ඇති බව සඳහන්.
ඇෆ්ගනිස්තානයේ කන්දහාර් පළාතේ බැංකුවක් අසළ ඊයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 21 දෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. බෝම්බ පිපිරීම සිදු වී ඇත්තේ ඊයේ උදෑසන කන්දහාර් නගර මධ්‍යයේ පිහිටි බැංකුවක් අසල බවත්, ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු පාර්ශ්වයක් භාර ගෙන නැති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. පිපිරීම සිදුවන අවස්ථාවේදී තලේබාන් සංවිධානයේ සාමාජිකයන් රැසක් සිය වැටුප් ලබා ගැනීම සඳහා බැංකුව අසල රැස් වී සිටි බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තනතුරු 3ක් සඳහා නව පත්කිරීම් කර ඇති බව නිවේදනය කර තිබේ. ඒ අනුව ජාතික වේගපන්දු පුහුණුකරු ලෙස අනූෂ සමරනායක මහත්මා, ක්‍රීඩා ප්‍රවර්ධන පෝෂණවේදී තනතුර සඳහා වෛද්‍ය හෂාන් අමරතුංග මහතා ද, භෞත චිකිත්සක ලෙස ජොනතන් පෝට(ර්) මහතා ද පත්කර තිබේ.
රුපියල ස්ථාවරත්වයට පැමිණීම තුළ මෙරට ආර්ථික තත්ත්වය යහපත් තත්ත්වයකට පරිවර්තනය වනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. එමෙන්ම භාණ්ඩ ආනයනය කිරීමේදී බදු එකතු කිරීමේ ක්‍රියාවලිය සිදුවන්නේ කෙසේ දැයි දිනපතා තමාව දැනුවත් කරන ලෙසට ඒ ඒ අංශ වෙත දැනුම් දී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. මෙමගින් ජනතාවට විනිවිදභාවයකින් යුතුව භාණ්ඩවල මිල ගණන් පිළිබද අවබෝධයක් ලබාගත හැකි බවයි රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් සදහන් කළේ.
හදිසි ඖෂධ මිලදී ගැනීම සම්පූර්ණයෙන් නතර කොට එය ප්‍රසම්පාදන පටිපාටිය ඔස්සේ සිදුකිරීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි. ඖෂධවල ගුණාත්මක බව පිළිබද පූර්ණ වගකීම ඖෂධ අධීකාරියට පවරා දී ඇතැයි ද කී ලේකම්වරයා පිළිකා රෝගීන් සඳහා ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන ඒම සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් මගින් පරීක්ෂණයක් පැවැත්වෙන බව ද කීවේය. ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ මධ්‍යම පළාතේ ගිලන් රථ රියදුරන් සඳහා පැවැති පුහුණු පාඨමාලාව නිමකළ වෘත්තිය රියදුරන් හට සහතික පත් ප්‍රදානය නිමිත්තෙන් මහනුවර ජාතික රෝහලේදී පැවැති උත්සවයට සහභාගී වෙමිනි. සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ඉදිරියේදි බෙදා හරින ඖෂධවල ප්‍රමිතිය සම්බන්ධයෙන් සැකයක් ඇති කර නොගත යුතු බවත්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222