- අදත් පැය එකහමාරක විදුලි කප්පාදුවක්
- CID යේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමට පියවර
- ඩෑන් ප්‍රියසාද් අත් අඩංගුවට
- පරිභෝජනයට නුසුදුසු කඩල පරිප්පු වෙළෙඳ පොළට නිකුත් කිරීමට තැත් කළ පුද්ගලයෙකුට දඩ
- ගංවතුරෙන් හානියට පත්වූ වගාවන් වන්දි ලබාදීම ආරම්භ කෙරේ
- අවුරුදු සමයේ අත්‍යාවශ්‍ය ආහාරවල මිල පාලනයට සැලසුම්
- භාණ්ඩාගාර බිල්පත් වෙන්දිසියක් අද
- අගමැතිනිය සහ IMF විධායක අධ්‍යක්‍ෂ අතර හමුවක්
Author: Kesara Athipola
යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇත්තේ ගතවූ දින රාත්‍රියේ රුසියාව විසින් යුක්‍රේනයට මිසයිල ප්‍රහාර 90ක් හා ඩ්‍රෝන ප්‍රහාර 60ක් පමණ එල්ල කර ඇති බවයි. එමෙන්ම මේ වන විට යුක්‍රේනයේ ප්‍රදේශ රැසක විදුලිය විසන්ධිවීම් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ විදුලි සැපයුම් පද්ධති ඉලක්ක කරගනිමින් රුසියාව විසින් එල්ල කළ මිසයිල ප්‍රහාර හේතුවෙන් බව සඳහන්. යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරයට පමණක් ප්‍රහාර 15ක් එල්ල වී ඇති අතර නගරය පුරා නිවාස 53,000කට විදුලිය විසන්ධි වී ඇති බව බලධාරීන් සඳහන් කර ඇත.
“උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ ජාතික වැඩසටහන මෙම ජූනි මාසය වන විට අවසන් කිරීමට තමා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. කුමන ජන කොටසකට අයත් වූවද සෑම පුරවැසියෙකුගේම සිහිනය ඉඩමක නීත්‍යානුකූල හිමිකම ලබා ගැනීම බව පෙන්වා දුන් ජනාධිතිවරයා එම අයිතිය සියලු දෙනාට හිමි විය යුතු බව තමාගේ ද විශ්වාසය බව අවධාරණය කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (22) පෙරවරුවේ යාපනය ඔට්ටගපුලම් ප්‍රදේශයේදී පැවති උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහනට එක් වෙමිනි. මිලියන 02ක ජනතාවකට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම සඳහා ක්‍රියාත්මක උරුමය වැඩසටහන යටතේ යාපනය ජනතාව වෙනුවෙන් ඉඩම් ඔප්පු 408ක් ලබාදීම…
මෙරට රියදුරු බලපත්‍රය අවශ්‍ය විදේශිකයන්ට අප්‍රේල් 15 වනදා සිට ගුවන් තොටුපළේදීම ඒ සඳහා අයදුම් කර, ගුවන් තොටුපොලෙන් පිටතට පැමිණෙන විට රියදුරු බලපත්‍රය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය. රිය අනතුරු වින්දිතයන්ට අධිකරණ ක්‍රියාමාර්ගයකින් තොරව කඩිනමින් වන්දි ලබා දීමේ වැඩපිළිවෙලද මාර්තු 01 වනදා ආරම්භ කළ බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ අනුව අනතුර සිදු වී වසරක් තුළ අදාළ රක්ෂණ ආයතනයට අයදුම් කිරීමෙන් උපරිමය රුපියල් ලක්ෂ 05ක් දක්වා වන වන්දි මුදල එම රක්ෂණ ආයතනයේ දිවයින පුරා පිහිටි ඕනෑම ශාඛාවකින් ලබා ගැනීමේ හැකියාව ලැබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා…
අප්‍රේල් මස 18 දිනට යෙදී ඇති නැකතට පැළයක් වැඩසටහනට සමගාමීව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ගෙවතු 100,000ක්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ගෙවතු 30,000ක් ද වගා කිරීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අප්‍රේල් මස 18 දින පෙරවරු 10.16ට යෙදෙන ජාතික පැළ සිටුවීමේ නැකතට අවශ්‍ය පැළ ලබා ගැනීම සඳහා පසුගියදා (20) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සිදු කෙරුණු බීජ රෝපණය කිරීමේ වැඩසටහනට සහභාගි වෙමිනි. එහිදී ගෙවතු වගාවන්ට යොදා ගන්නා පැළ මෙන්ම පටක රෝපණ ක්‍රමයට සකස් කරන ලද කෙසෙල් පැළ ද අමාත්‍යවරයා ඇතුළු නිලධාරින්ගේ සහභාගිත්වයෙන් රෝපණය කිරීම් සිදු කෙරිණි. මෙහිදී පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා…
තරුණ ත්‍රීවිල් රථ රියදුරන් තුළ වෘත්තීය දැනුම හා කුසලතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් Painting, Electrician, Plumber, Hair cutting හා Carpenter යන ක්ෂේත්‍රයන් ඉලක්කගත කරමින් වෘත්තීය පුහුණු වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය බලාපොරොත්තු වේ. ඒ අනුව, මෙහි ප්‍රථම අදියර ලෙස ගම්පහ, කොළඹ, හම්බන්තොට හා ගාල්ල දිස්ත්‍රික්කවල වැඩසටහන් පැවැත්වීමට බලාපොරොත්තු වන අතර පළමු කණ්ඩායමේ වැඩසටහන 2024 මාර්තු 31 දිනට පෙර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. මේ සඳහා අදාළ අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය හා කර්මාන්ත අමාත්‍යාංශයේ විදාතා ඒකකය අතර පසුගියදා (19) අත්සන් කෙරිණි. ඒ සදහා කර්මාන්ත අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජයසමරා ගුණරත්න මිය, අතිරේක ලේකම්…
ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යය පෞරාණික චාරිත්‍රානුකූලව පවත්වා ගැනීම සඳහා එහි නර්ථන කණ්ඩායම්, පෙරහැරේ ගමන් ගන්නා පිරිස් සහ දායකත්වය දක්වන ආයතන සතු කාර්යයභාරය නිශ්චිත කොට ගැසට් මගින් ප්‍රකාශ කිරීමට රජය තීරණය කොට තිබේ. පෙරහැර විවෘති කිරිම, විවිධ අංග ඇතුල් කිරීම ආදිය මෙමගින් වැළැක්වෙන අතර සම්ප්‍රදාය රැක ගැනීමේ අරමුණින් මෙම ගැසට් කිරීම අපේක්ෂාවක් යැයි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කරයි. ඉකුත් වර්ෂයේ ඇසළ පෙරහැර මංගල්‍ය නිමාවට පත් බව සඳහන් පෙරහැර සන්දේශය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාර දෙන අවස්ථාවේදී දියවඩන නිලමේවරයා කළ ඉල්ලීමක් අනුව මෙම නව වැඩපිළිවෙල ක්‍රියාත්මක වේ. මේ සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී දළදා…
හයිටි රාජ්‍යය මේ වන විට අරාජික තත්ත්වයකට ඇද වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අඛණ්ඩව සිදුවන ආයුධ සන්නද්ධ කල්ලිවල ගැටුම් සහ වෙඩි තැබීම් හේතුවෙන් බවයි සඳහන් වන්නේ. යුද ගැටුම් හේතුවෙන් එරට දැඩි ආහාර සහ ඉන්ධන හිඟයක් ද මතු වී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරන අතර එරට පෝර්ටු ප්‍රින්ස් අගනුවර ප්‍රභූවරුන් පදිංචිව සිටින ප්‍රදේශ රැසක් අත්පත් කරගැනීමට ආයුධ සන්නද්ධ කණ්ඩායම් උත්සාහ කරමින් සිටින බව ද වාර්තා වේ.
සංවිධානාත්මක අපරාධවල සහ ඔවුන් භාවිත කරනු ලබන ගිනිඅවි සම්බන්ධයෙන් තොරතුරු දෙන පුද්ගලයන්ට මුදල් ත්‍යාග ලබාදීමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිතීඥ නිහාල් තල්දූව මහතා පවසනවා. ඒ අනුව T56 ගිනිඅවියක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය තොරතුරු ලබාදෙන අයෙකුට රුපියල් ලක්ෂ 05ක මුදලක් දීමට තීරණය කර ඇති බව සඳහන්.
දණ්ඩනීති සංග්‍රහයේ සංශෝධන පනතේ ගැටළු සහගත තැන් කිහිපයක් තිබෙන බැවින් ඒවා වෙනස් කිරීමට කටයුතු කළයුතු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අනුව ලිංගික සේවනය සඳහා ගැහැණු ළමුන්ගේ වයස අවුරුදු 16 සිට අවුරුදු 14 දක්වා අඩු කිරීම සහ බාලවයස්කාර පිරිමි වරදකරුවෙකු අවුරුදු 22ට අඩුනම් දඩුවම් ලිහිල් කිරීම යන කරුණු මෙම සංශෝධනයේ ඇතුලත් බවයි ඔහු පෙන්වා දෙන්නේ. පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශයක් කරමින් විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළා. මේ පිළිබඳ අධිකරණ අමාත්‍යයරයාගේ අවධානය යොමු කර පියවරක් ගන්නා බව ඊට ප්‍රතිචාර දක්වමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222