Author: Kesara Athipola

කර්මාන්ත අමාත්‍යාංශය , අධ්‍යාපන අමාත්‍යංශය සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව දීපව්‍යාප්ත පාසල් කරන ලද ” පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව කව” ජාතික වැඩසටහනෙහි පාසල් කර්මාන්ත ව්‍යවසායක පදක්කම් අභිෂේකාභිමාන මංගල්‍යය කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (22) නෙළුම් පොකුණ රගහලේදී පැවැත්විණි. මේ අවස්ථාව සදහා එක්වෙමින් කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සදහන් කර සිටියේ මේ වන විට මෙම ව්‍යවසායකත්ව කව සමග පාසල් 365ක 500 කට අධික පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව කව තුළ සිසු දරුදැරියන් 12,300 කට අධිකව එක්ව සිටින…

තව කියවන්​න

ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් 12% කට එකම දතක්වත් නැති බවත්, එය විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන බවත්, දත් ආරක්ෂා කර ගැනීම, මුඛ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම පිළිබදව දැනුවත්කිරීම පෙර පාසලේ සිටම ආරම්භ විය යුතු බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා මේ බව අවධාරණය කරන ලද්දේ “සතුටු මුවයි-සුවැති සිරුරයි” යන්න තේමා කර ගනිමින් ලෝක මුඛ සෞඛ්‍ය දිනය වෙනුවෙන් ඊයේ (22) ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදී පැවති විශේෂ උත්සවයකට සහභාගි වෙමිණි. ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමීව සෞඛ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය, යුනිලීවර් සමාගම එක්ව සංවිධානය කරන ලද මෙම විශේෂ දන්ත කදවුර මගින් ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් 2000…

තව කියවන්​න

එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාවකින් ගෝලීය ජනගහනයෙන් බිලියන 2.2ක් දරුණු ජල හිඟයකට මුහුණ දී සිටින බව අනාවරණ වී තිබේ. මෙම ජල හිඟය ලොව පුරා ගැටුම් උත්සන්න වීමට හේතුවක් විය හැකි බව එක්සත් ජාතීන් අවධාරණය කර තිබේ. එමෙන්ම එම වාර්තාවේ වැඩි දුරටත් දක්වා ඇත්තේ ලෝක ජනගහනයෙන් බිලියන 3.5ක පිරිසකට ආරක්ෂිත සනීපාරක්ෂණ පහසුකම් සපයා ගැනීමේ හැකියාව ද නොමැති බවයි.

තව කියවන්​න

2024 පෙබරවාරි මාසයේ වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය ජනවාරි මාසයට සාපේක්ෂව 1.3% ක වැඩිවීමක් ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කරනවා. එය ඇමෙරිකානු ඩොලර් මිලියන 983.7ක් බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා.

තව කියවන්​න

ලොව පළමු වරට මොළයට චිප් එකක් සාර්ථකව සවි කිරීමේ සැත්කමට ලක්වූ පුද්ගලයා තම මනසින් ඔන්ලයින් චෙස් ක්‍රීඩාවේ නිරත වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එලෙස චිප් එක සවි කර තිබුණේ කිමිදීමට යාමේදී සිදු වූ අනතුරකින් උරහිසට පහළින් අංශභාග තත්ත්වයට පත්ව සිටින 29 හැවිරිදි අයෙකුටය. බිලියනපති ව්‍යාපාරික ඉලෝන් මස්ක් විසින් ආරම්භ කළ නියුරාලින්ක් ආයතනය හරහා පළමු වරට සාර්ථක ලෙස මිනිස් මොළයට චිප් එකක් සවි කිරීම පසුගිය ජනවාරි මාසයේ සිදු කර තිබිණි.

තව කියවන්​න

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ (22) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 298.99ක් ලෙස පහළ ගොස් ඇති බව සඳහන්. කෙසේවෙතත් එහි විකුණුම් මිල රුපියල් 308.69ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.

තව කියවන්​න

කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ සිවිල් නඩු ගොනුවක් බලහත්කාරයෙන් රෙජිස්ටාර්වරයාගෙන් උදුරාගෙන එහි තිබූ ලේඛන 2ක් ඉරා සපා කෑ නීතිඥවරියගේ නීතිඥ කටයුතු අදාළ නඩුව අවසන් වන තෙක් අත්හිටුවා තිබෙනවා. ඒ මෙම නඩුව අද පළමු වරට ශ්‍රේෂ්ඨාධිකරණයේදී, අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුක ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගත් අවස්ථාවේදීයී. අදාළ නීතිඥවරිය ලේඛන සපා කන ආකාරය ඇසින් දුටු සාක්ෂි සහ වීඩියෝවක් ද ඇති බව පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරුන් අධිරණයට සඳහන් කර තිබුණා. එලෙස ඇය විසින් අධිකරණයේදී මෙලෙස සපා කා තිබුණේ ඇය විසින්ම සකස් කර තිබූ කූඨ ලේඛන 2ක් බවද සඳහන්.

තව කියවන්​න

කොළඹ, මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ මාධ්‍ය සාකච්ඡාවකට බාධා කළ බාහිර පුද්ගලයින් සිව් දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මාධ්‍ය සාකච්ඡාව අතරතුර බාහිරින් පැමිණි පිරිසක් මාධ්‍ය සාකච්ඡාවට බාධා කිරීමෙන් අනතුරුව මාධ්‍ය සාකච්ඡාව සංවිධානය කර තිබූ නිලධාරීන් පොලිසිය කැඳවා තිබුණි. පොලිසියේ පැමිණීමෙන් කලබලයට පත්වූ බාධා කළ පිරිස එම ස්ථානයෙන් පලාගිය අතර ඔවුන්ව හඹා ගොස් ඉන් සිව් දෙනෙක්ව අත්අඩංගුවට ගැනීමට කුරුඳුවත්ත පොලීසියේ නිලධාරීන් සමත් විය.

තව කියවන්​න