- දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
- කතානායක ස්විට්සර්ලන්ත තානාපති හමුවෙයි
- ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධකරුවන් තිදෙනෙකු අද දිවයිනට
- රුසියානු හමුදාවට එක් වූ ලාංකිකයන් 59 ක් ජීවිතක්ෂයට
- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
Author: Kesara Athipola
සරුංගල් යවමින් සිටි අවුරුදු 12 සහ 13 යන වයස්වල පසුවන පාසල් සිසුන් දෙදෙනෙකු විදුලිසැර වැදී බරපතල පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. බණ්ඩාරගම -අටලුගම ප්‍රදේශයේ පදිංචි සිසුන් දෙදෙනෙකු මෙලෙස තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් එක් දරුවෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මෙම දරුවන් දෙදෙනා සරුංගලයක් යැවීමට ගොස් මාර්ගයේ ඉහලින් ගමන් ගන්නා අධිබලැති විදුලි රැහැනක රැදීම හේතුවෙන් එම සරුංගලය ලබා ගැනීම සඳහා එක් දරුවෙකු පදිංචි නිවසේ දෙමහල් නිවස සහිත ගොඩනැගිල්ලේ කොන්ක්‍රීට් වහලයට නැග තිබෙනවා. පසුව ඇලුමිනියම් පටියක ආධාරයෙන් එය ගැනීමට උත්සහ කිරීමේදී අධිබලැති විදුලි රැහැනෙන් විදුලිසැර…
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබාදී තිබූ ජනාධිපති ආරක්ෂක කොට්ඨාශයේ ආරක්ෂාව ඊයේ සිට වත්මන් ජනාධිපතිවරයා වෙත අනියුත්ක කර තිබෙනවා. ඒ අනුව, රනිල් වික්‍රමසිංහට හිටපු ජනාධිපති ආරක්ෂක කොට්ඨාශයේ ආරක්ෂාව හිමිවන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේ. ජනාධිපතිවරයෙකු ධූරය දරණ කාල සීමාව තුළ ඔහුට හෝ ඇයට එම ආරක්ෂාව සලසනු ලබන්නේ ජනාධිපති ආරක්ෂක කොට්ඨාශය මගින්. එහෙත් ධූරයෙන් විශ්‍රාම යාමෙන් පසු එම ආරක්ෂාව හිටපු ජනාධිපති ආරක්ෂක කොට්ඨාශයට පැවරෙනවා.
පකිස්ථානයේ කරච්චි ජාත්‍යන්තර ගුවන් තොටුපළ අසල ඊයේ සිදු වූ පිපිරීමකින් චීන ජාතිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එමෙන්ම තවත් පිරිසක් තුවාල ලබා ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. පකිස්ථානයේ චීන තානාපති කාර්යාලය පැවසුවේ, එරට වේලාවෙන් රාත්‍රී 11ට පමණ මෙම පිපිරීම සිදු වූ බවයි. එමෙන්ම මෙතෙක් සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව තවමත් අපැහැදිලි බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. එරට සින්ද් පළාතේ විදුලිබල ව්‍යාපෘතියක සේවය කරමින් සිටි චීන ඉංජිනේරුවන්ගේ රථ පෙළක් ඉලක්ක කර මෙම පිපිරීම සිදුව ඇති බවයි තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.
මොනරාගල කොළඹ පාරේ වරුණගම යුද හමුදා කඳවුර ඉදිරිපිට බිහිසුණු රිය අනතුරක් සිදුව තිබෙනවා. ලොරි රථයක් සහ කැබ් රථයක් එකවරම වරුණගම යුද හමුදා කඳවුරේ තාප්පය කඩාගෙන ගොස් එකට ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ. අනතුරෙන් එම වාහනවල රියදුරන් දෙදෙනා බරපතල තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. එක් තුවාලකරුවෙක් යුද හමුදා රථයකින් සහ අනෙක් තුවාලකරු සුවසැරිය ගිලන් රථයකින් වැල්ලවාය රෝහලට රැගෙන ගොස් තිබෙනවා. විරුද්ධ දෙසින් පැමිණි බස් රථයකට ඉඩ ලබා දීමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුව තිබෙන බවයි පොලිසිය පවසන්නේ.
ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයින්ට ලබාදී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතරොම් තාවකාලිකව රජයට භාර ගැනීමට තීරණය කර තිබෙනවා. ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ සමාලෝචනය කිරීමෙන් පසුව නැවත ලබාදීම සලකා බැලීමට යටත්ව මේ පියවර ගෙන ඇති බවයි. ගිනි අවි සහ ඒ සඳහා නිකුත් කර ඇති පතරොම් නොවැම්බර් 07 වන දිනට පෙර ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැලිසර පිහිටි රජයේ වානිජ පුපුරණ ද්‍රව්‍ය ගබඩාව වෙත භාර දෙන ලෙස සියලුම බලපත්‍රලාභීන්ට දැනුම්දී ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ. එලෙස භාරදීමෙන් පසුව නිකුත් කරන භාරගැනීමේ කුවිතාන්සියේ පිටපතක් ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධාන ගේට්ටුව අසළ ස්ථාපිත කර ඇති සිවිල් ආරක්ෂක හා සංවර්ධන අංශයේ ලිපි භාරගැනීමේ කවුලුවට භාර…
ලබන ජනවාරි මාසයේ සිට යළි වාහන ආනයනය කිරීමට හැකියාව ලැබෙනු ඇති බවට විශ්වාස කරන බව ලංකා වාහන ආනනයනකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ කියා සිටියේ ඒ සදහා මහ බැංකුව මේ වන විටත් මුදල් වෙන් කර ඇති බවයි.
පිටකොටුව රෙක්ලමේෂන් මාර්ගයේ දී පුද්ගලයෙකුට අද අලුයම තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. පිටකොටුව පොලිසිය සදහන් කළේ, අවුරුදු 33ක් වයසැති පුද්ගලයෙකු මෙලෙස ඝාතනය කර ඇති අතර ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වීනැති බවයි මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය කොළඹ ජාතික රෝහල වෙත ගෙන ගොස් තිබෙනවා.
විස්සයි විස්ස කාන්තා ලෝක කුසාලන තරගාවලියේ කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහි තරගයේ ජය දකුණු අප්‍රිකාණු කණ්ඩායමට හිමිවුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 118ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ දකුණු අප්‍රිකාණු කාන්තා කණ්ඩායම පන්දුවාර 17 යි පන්දු 5ක් තුළ කිසිවෙකු නොදැවී ලකුණු 119ක් ලබා තරගය ජය ගනු ලැබුවා.
සබරගමුව විශ්වවිද්‍යාලයේ කඩයිම් ලකුණු පිළිබද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම විශ්වවිද්‍යාලයේ ආහාර, ව්‍යාපාර කළමණාකරන පාඨමාලාවේ කඩයිම් ලකුණුවල කිසිදු ගැටළුවක් නොමැති බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ. අදාළ පාඨමාලාවේ කඩඉම් ලකුණුවල ගැටළුවක් ඇති බවට පළවන වාර්තා අසත්‍ය බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සදහන් කළේ.
අල්ලස් චෝදනාවකට අදාළව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස් රථ තුනක අයිතිය පැවරීම සදහා රුපියල් ලක්ෂ 03ක අල්ලස් මුදලක් ලබා ගැනීමේදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම සදහන් කළා. මෝටර් රථ ප්‍රවාහන දොපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු , ලිපිකරුවෙකු සහ තැරැව්කරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222