Author: Kesara Athipola

කැනඩාවේ ප්‍රධාන නගර දෙකක් වන Toronto සහ Vancouver නගරවලදී මාර්තු 23 සහ 24 දිනයන්වලදී පැවැත්වෙන ශ්‍රී ලාංකික ජනහමුවලට සහ තවත් සුහද හමු කිහිපයක් සඳහා සහභාගී වීමට ගිය ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක හට ගුවන්තොටුපළේදී පිළිගැනීම සඳහාඋත්සවයක් සංවිධානය කර තිබිනි.

තව කියවන්​න

ගාසා තීරයේ ගැටු­ම්ව­ලින් විප­තට පත් වූවන් වෙනු­වෙන් සහන සැල­සී­මට ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ අද­හ­සක් අනුව ගාසාහි ළමා අර­මු­දල (Children of Gaza Fund) ආරම්භ කෙරුනා. ඒ සඳහා නැඟෙ­න­හිර පළාත් ආණ්ඩු­කාර සෙන්දිල් තොණ්ඩ­මන් මහතා රුපි­යල් ලක්ෂ 5ක මුද­ලක් පෙරේදා (21) පරි­ත්‍යාග කර තිබේ.

තව කියවන්​න

තමා පිළිකා රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබාගන්නා බව විශේෂ වීඩියෝ පණිවුඩයක් ඊයේ(22) නිකුත් කරමින් වේල්සයේ කුමරිය වන කේට් මිඩ්ල්ටන් පවසනවා. ටික කලක සිට මහජනයාගෙන් දුරස්ථව සිටි ඇය සඳහන් කළේ, පිළිකා රෝග හඳුනා ගැනීම සඳහා වන රසායනික චිකිත්සාවකට භාජනය වීමෙන් අනතුරුව ඒ බව හඳුනා ගත් බවයි.

තව කියවන්​න

මුහුදු මට්ටම 2022 වසරේ සිට 2023 වසර දක්වා අඟල් 0.3කින් පමණ ඉහළ ගොස් ඇති බව නාසා ආයතනය පවසනවා. ඒ දේශගුණය සහ ප්‍රබල එල් නිනෝ තත්ත්වයන් හේතුවෙන් බවයි වාර්තා කරන්නේ. 1993 වසරේ සිට 2023 දක්වා ගෝලීය සාමාන්‍ය මුහුදු මට්ටම අඟල් 4ක් පමණ ඉහළ ගොස් ඇති බවයි චන්ද්‍රිකා දත්ත මත පදනම්ව එම ආයතනය සිදු කළ විශ්ලේෂණයකින් පෙන්වා දෙන්නේ.

තව කියවන්​න

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2024 මාර්තු මස 22 වන දින සවස් කාලයේ කිලිනොච්චිය, උරුත්තිරපුරම් ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් හතකට (07) අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි. ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් වෙත්තලකේනි නාවික ස්ථානගත කිරීම, කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව උරුත්තිරපුරම් ප්‍රදේශයේ සිදුකල මෙම ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශය ඔස්සේ ගමන් ගත් සැකකටයුතු පුද්ගලයෙකු පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී අලෙවි කිරීම සඳහා රැගෙන යමින් තිබූ පාර්සල් හතරක (04) අසුරන ලද කේරළ ගංජා කිලෝ 07 යි ග්‍රෑම් 025 ක පමණ ප්‍රමාණයක් සමඟ එම සැකකරු…

තව කියවන්​න

පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන් කවුරුද්දැයි තමන් දන්නා බවට මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ මහනුවරදී ප්‍රකාශ කර තිබුණා. අදාළ ප්‍රකාශය සිදුකළේ මීට සති කිහිපයකට පෙර තමන්ට ලැබුණු තොරතුරකට අනුව බවයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සදහන් කළේ.

තව කියවන්​න

“උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ ජාතික වැඩසටහන මෙම ජූනි මාසය වන විට අවසන් කිරීමට තමා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. කුමන ජන කොටසකට අයත් වූවද සෑම පුරවැසියෙකුගේම සිහිනය ඉඩමක නීත්‍යානුකූල හිමිකම ලබා ගැනීම බව පෙන්වා දුන් ජනාධිතිවරයා එම අයිතිය සියලු දෙනාට හිමි විය යුතු බව තමාගේ ද විශ්වාසය බව අවධාරණය කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (22) පෙරවරුවේ යාපනය ඔට්ටගපුලම් ප්‍රදේශයේදී පැවති උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහනට එක් වෙමිනි.

තව කියවන්​න

නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු-මැද සහ උතුරු පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිරසහ සබරගමුවපළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි. මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැක. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

තව කියවන්​න