Author: Kesara Athipola

රට ගොඩනැගීමට නම් දක්ෂ නායකයෙකු සහ දක්ෂ කණ්ඩායමක් සිටිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා. සමගි ජනබලවේගයේ දෙහිවල ආසන බලමණ්ඩලය සංවිධානය කළ වැඩසටහනකට එක්වෙමිනුයි ඒ මහතා මෙම අදහස් පළ කළේ.

තව කියවන්​න

Project Management Institute (PMI) යනු ව්‍යාපෘති කළමනාකරණ වෘත්තිය ඉදිරියට ගෙන යාමට කැපවී සිටින ව්‍යාපෘති කළමනාකරණයේ ගෝලීය අධිකාරියයි. ලොව පුරා මිලියන 2.9 කට අධික වෘත්තිකයන්ගේ සාමාජිකත්වය සහිතව ව්‍යාපෘති, වැඩසටහන් සහ portfolio management සඳහා ප්‍රමුඛතම වෘත්තීය සංවිධානය ලෙස PMI පුළුල් ලෙස පිළිගැනේ. 1969 දී පිහිටුවන ලද PMI, ගෝලීය උපදේශනය, සහයෝගීතාවය, අධ්‍යාපනය සහ පර්යේෂණ හරහා ලොව පුරා සිටින වෘත්තිකයන්ට වටිනා සේවාවන් සපයයි. ගෝලීය වශයෙන් පිළිගත් ප්‍රමිතීන්, සහතික කිරීම්, සම්පත්, මෙවලම්, අධ්‍යයන පර්යේෂණ, ප්‍රකාශන, වෘත්තීය සංවර්ධන පාඨමාලා සහ ජාලකරණ අවස්ථා ලබා දීමෙන්, අපි වෘත්තීන්වල දියුණුව, ආයතනික සාර්ථකත්වය වැඩි දියුණු කිරීම සහ ව්‍යාපෘති කළමනාකරණ වෘත්තියේ තවදුරටත් වර්ධනය සඳහා දායක වෙමු. PMI ආරම්භයේ සිටම ලොව පුරා…

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා වන යාන්ත්‍රණයක් සකස් කිරීම පිළිබඳ සම්මන්ත්‍රණයක් කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගෝල් ෆේස් හෝටලයේදී පැවැත්විණ. මෙම යාන්ත්‍රණය රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය මෙන්ම පාරිභෝගිකයාගේද ඒකාබද්ධ සහයෝගීතාවයෙන් සකස් කිරීමට සැලසුම් කර තිබෙයි. මේ සඳහා මූල්‍යමය දායකත්වය යුරෝපා සංගමය ලබා දෙන අතර තාක්ෂණික සහය හා සම්බන්ධීකරණය එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය (UNIDO) හා ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සිදු කරයි. කර්මාන්ත අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම යාන්ත්‍රණය සකස් කිරීමේ මූලික හවුල්කරුවන් වන අතර කාර්මික සංවර්ධන මණ්ඩලය, පාරිභෝගික අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, වෙළෙඳ අමාත්‍යාංශය, විශ්ව විද්‍යාල, ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව, පුද්ගලික…

තව කියවන්​න

නෙදර්ලන්ත රජයේ සහන ණය යටතේ රුපියල් බිලියන 04ක වියදමින් පේදුරු තුඩුව මූලික රෝහල සංවර්ධනයට. මෙරට පුහුණු වෛද්‍යවරුන් හෝ හෙදියන් 100 දෙනෙකු අතුරින් 30 – 40ත් අතර ප්‍රමාණයක් රට හැර යාම සිදුවන බවත්, එය අඛණ්ඩව සිදුවීම රටට යහපත් තත්ත්වයක් නොවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ලොව ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ඇති මෙරට සෞඛ්‍ය සේවාව තවදුරටත් ඉහළ නංවමින් එය රටේ ආර්ථිකයට ප්‍රශස්ත අයුරින් දායක කර ගැනීම සියලු දෙනාගේ වගකීම බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ නෙදර්ලන්ත රජයේ DRIVE සහන ණය ක්‍රමය යටතේ ඉදිකරන ලද පේදුරු තුඩුව මූලික රෝහලේ “හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය”…

තව කියවන්​න

මෙරට ආර්ථික ප්‍රකෘතිය උදාකරගත හැක්කේ නව ආර්ථික ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළක් තුළින් පමණක් බවත්, පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අප අත්විඳී පිඩාවන් මතු පරපුරට උරුම වීමට ඉඩ නොතබා රජයේ වැඩපිළිවෙළට සහාය ලබාදීම සියලුදෙනාගේ වගකීම බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එසේම තමා භාරගත්තේ අනෙකුත් දේශපාලනඥයන් භාර ගැනීමට අකමැති වු රටක් බව සිහිපත් කළ ජනාධිපතිවරයා ඔවුන් තම දේශපාලන අනාගතය පිළිබඳ සිතද්දි තමා සිතුවේ රටේ අනාගතය පිළිබඳව බවද කියා සිටියේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ “යුනයිටඩ් යුත් තරුණ එකමුතුව” විසින් “තරුණ අපේ අනාගතය” මැයෙන් පසුගියදා (23) පොළොන්නරුවේ දී සංවිධානය කර තිබූ සුහද කථා බහට එක් වෙමිනි. “ජනපති සමඟ කථාබහක්” නමින් පැවැත්වුණු…

තව කියවන්​න

චීන සමූහාණ්ඩුවේ ආධාර යටතේ තෝරා ගත් රෝහල් 13 ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට අනුව සමන්තුරේ මුලික රෝහලේ රුපියල් මිලියන 850 ක වියදමින් ඉදිකෙරෙන තෙමහල් ගොඩනැගිලි සංකීර්ණයේ වැඩ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවති. සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පසුගියදා (23) නැගෙනහිර පළාතේ, අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ මුලික රෝහලේ ඉදිවෙන මෙම ගොඩනැගිලි සංකීර්ණය නිරික්ෂණයට ලක් කරන ලදි. මෙහිදී රෝහල් සංවර්ධන කමිටු රැස්වීම ද පවත්වන ලදි. මෙහිදී සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කියා සිටියේ ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් සම්පුර්ණයෙන් නිම කර…

තව කියවන්​න

විදේශ රටවල රැකියාවල නියැලෙන ශ්‍රමිකයින් හා වෘත්තිකයින්ට කිසියම් අවදානමක් හෝ අකටයුත්තක් වන්නේ නම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ අනුබද්ධ ආයතන එකවර දැනුවත් කිරීමේ හැකියාව සහිත ඩිජිටල්කරණ ක්‍රියාවලියකට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවත් නුදුරේදීම එය ආරම්භ කරන අතර එමගින් විදේශ රැකියා ක්ෂේත්‍රය නව ලෝකයට ගැලපෙන පරිදි ඩිජිටල්කරණය කිරීමට මග පෑදෙනු ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පසුගියදා (23) අවධාරණය කළේය. විදේශගත ශ්‍රමිකයින් සඳහා දැනටමත් සිය පැමිණිලි සහ ගැටලු දැනුම් දීම සඳහා සේවය කරන රාජ්‍යයේ තානාපති කාර්යාලවල අංක දී තිබෙන නමුත්, තමන් කී ඩිජිටල්කරණ හඳුන්වා දීමත් සමග සමස්ත පද්ධතියම වෙනස් වන බව අමාත්‍යවරයා පැවසුවේ ‘ජයගමු…

තව කියවන්​න

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය විසින් රුපියල් මිලියන 356ක වියදමින් වව්නියාව පාලමොටෙයි ප්‍රදේශයේ ඉදිකළ වියළි මිරිස් සැකසුම් හා ඇසුරුම් මධ්‍යස්ථානය පසුගියදා (23) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් විවෘත විය. මෙම රුපියල් මිලියන 356ක මුදල වැයකර තිබෙන්නේ අක්කර 150ක මිරිස් වගාව, ඊට අවශ්‍ය උපාංග මෙන්ම මෙම සැකසුම් මධ්‍යස්ථානයේ සියලුම යන්ත්‍රසූත්‍ර උපකරණ හා සම්පූර්ණ ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා ය. වගාව සඳහා ගොවීන් 300කට අවශ්‍යය සියලු උපකරණ ද මෙම මුදල් ප්‍රතිපාදන යටතේ ලබා දී ඇත. මේම සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ශ්‍රී ලංකා රජය, ලෝක බැංකුව හා යුරෝපා සංගමය විසින් ලබා දී තිබේ. මෙම ප්‍රදේශයේ…

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට බඩඉරිඟු, වී, මුං ඇට, කව්පි, තල, කුරක්කන් හා උඳු වැනි බීජ සඳහා යොදාගන්නා ධාන්‍ය ආරක්ෂිතව වියලීම සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය නව බීජ වියලීමේ පද්ධතියක් හඳුන්වා දී තිබේ. මෙම නව බීජ වියලීමේ පද්ධතිය මුළුමනින්ම හිරු එළියෙන් ක්‍රියාත්මක වන අතර එම පද්ධතිය Solar Tunnel Dryer ලෙස හඳුන්වන බව කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ආචාර්ය රෙහාන් විජේකොන් මහතා පවසයි. Solar Tunnel Dryer තාක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලබන්නේ ප්‍රථම වතාවට බවත්, මේ වනවිට මෙම අත්හදා බැලීම් සියයට සියයක්ම සාර්ථකව ඇතැයි ඒ මහතා පවසයි.  මෙම නව සොයා ගැනීම මුළුමනින්ම අප රට සතුවේ.…

තව කියවන්​න

නවීන වෛද්‍ය සේවාවන්ට ගැළපෙන පරිදි නව තාක්ෂණය සමඟ අනුගත වෙමින් මෙරට සෞඛ්‍ය සේවාව තුළ සිදුකළ යුතු පරිවර්තනයන් පිළිබඳ පුළුල් සංවාදයක් සිදු කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. යටත් විජිත යුගයේ සිට ගොඩනගාගත් නිදහස් වෛද්‍ය ක්‍රමයක් ශ්‍රී ලංකාව සතු බවත් එය ලෝකයම පිළිගෙන ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. ඒ අනුව එම අතීත අත්දැකීම්ද සමඟ ගුණාත්මක සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් සෞඛ්‍ය සේවාවක් රට තුළ සහතික කළ යුතු බවද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ පැවති හමුවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළකළේ.

තව කියවන්​න