Author: Kesara Athipola
දකුණු ආසියානු කලාපයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද විශාලතම මාතෘ රෝහල ලෙස සැලකෙන ගාල්ල කරාපිටියේ අභිවනයෙන් ඉදිකරන ලද ජර්මන් – ශ්‍රී ලංකා මිත්‍රත්ව නව කාන්තා රෝහල (ශික්ෂණ) ශ්‍රී ලාංකේය සෞඛ්‍ය පද්ධතියට එක් කිරීම මෙම මස 27 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ හා සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය. අභිනවයෙන් ඉදිකරන ලද ජර්මන් – ශ්‍රී ලංකා මිත්‍රත්ව නව කාන්තා රෝහල මහල් හයකින් සමන්විත වේ. වාට්ටු 14 කින් සමන්විත මෙහි ඇදන් ධාරිතාවය 600 කි. නවීන උපකරණවලින් සමන්විත ශල්‍යාගාර 06 ක්, නව ජන්ම හා දැඩි සත්කාර ඒකක 02 ක් සහ විශේෂිත ළමා ඒකකවලින් දකුණු පළාතේ ඉදිකෙරුණු ප්‍රථම මාතෘ…
ග්‍රාමීය මට්ටමේ පවතින ශ්‍රී ලාංකික ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන ජාතික මට්ටමෙන් ජාත්‍යන්තර වෙළඳපළ දක්වා ගෙන යා හැකි ව්‍යාපාර සන්නාම බවට පත්කිරීම සඳහා ”B500” සන්නාම 500ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනෙහි සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පසුගියදා (22) පැවැත්විණි. මෙම වැඩසටහන යටතේ දිවයිනම ආවරණය වන පරිදි තෝරාගත් ක්ෂුද්‍ර , සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ආහාර පාන, රූපලාවන්‍ය, තේ, ඇඟලුම්, ඇසුරුම්, බතික්, ලී වැනි නිෂ්පාදන රැසක සන්නාම ප්‍රවර්ධනය කිරීම සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය කටයුතු කරයි. මෙම වැඩසටහන තුළින් ග්‍රාමීය මට්ටමේ ව්‍යවසායකයින් හට අපනයන වෙළඳපොළ ආකර්ෂණය කරගත හැකි…
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත් හේතුවෙන් කිසිදු මැතිවරණයක් කල් දැමීමට අපේක්ෂා නොකරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. 1994 සිට ජනාධිපතිවරණවලදි දූෂණයට එරෙහිවීම හා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට පොරොන්දු ලබාදී ඇති නමුත් ඒ කිසිවක් ඉටු නොකළ බව පෙන්වාදුන් අමාත්‍යවරයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දූෂණයට වැට බැඳීම සහ සමානුපාතික මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීම වෙනුවෙන් මේ වනවිටත් සංශෝධන ඉදිරිපත් කර තිබෙන බවද සඳහන් කළේය. අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන්…
දීර්ඝ කාලයක් පාසල් වල ගුරු සහායකයින් ලෙස රාජකාරි ඉටු කළ සුදුසුකම් සපුරා ඇති 136 දෙනෙකු හා ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් 09 දෙනෙකු ගුරු සේවයට බඳවා ගැනීම හා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පල්ලේකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී සිදුවිය. ඒ මධ්‍යම පළාත තුළ දුෂ්කර ප්‍රදේශවල පවතින ගුරු හිඟයට පිළියමක් වශයෙනි. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කය සඳහා පනස් හතර දෙනෙකු (54), නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා හැත්තෑ අට දෙනෙකු (78) හා මාතලේ දිස්ත්‍රික්කය සඳහා හතර දෙනෙකු (04) පත්වීම් මෙදින පත්වීම් ලැබූ අතර, මධ්‍යම පළාත තුළ ගුරු සහයකින් ලෙස 1782දෙනෙකු බඳවාගෙන ඇති අතර මේ වන විට…
හංගේරියාවේ මෝටර් රථ තරගාවලියක් අතරතුර සිදුවූ අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙක් මියගොස් තුවාල ලැබූ තවත් 8 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම අනතුර සිදුව ඇත්තේ මෝටර් රථ තරගාවලියක් අතරතුර ධාවන පථයෙන් ඉවතට විසිවී ගොස් නරඹන්නන් සිටින ස්ථානයක ගැටීමෙන් බව සඳහන්. උතුරු හංගේරියාවේදී පැවැත්වුණු තරගාවලිය අනතුරෙන් පසු අත්හිටුවීමට සංවිධායකයින් පියවර ගෙන ඇත.
කවුරුන් කැමති වුවද අකමැති වුවද රට පත්ව ඇති ඉරණමින් මුදවා ගැනීමට නම් නව පරිවර්තනයක් අවශ්‍ය බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මෙම අදහස් දැක්වීම සිදු කළේ කැනඩාවේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව අමතමින්. එහිදි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ජනාධිපතිවරණය මෙම වසරේ සැප්තැම්බර් 17 ත් ඔක්තෝම්බර් 17 ත් අතර කාලය තුළ පැවැත්වීම ව්‍යවස්ථාවට අනුව අනිවාර්්‍ය බවයි.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සදහා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම යටතේ තවත් අපරාධ කල්ලි සාමාජිකයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සැකකරුවන් මිනුවන්ගොඩ, කෙසෙල්වත්ත, කොළොන්නාව, බොරැල්ල යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබී විදේශ රටක නිෂ්පාදිත අත්බෝම්බයක්, කඩු 5 ක්, අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් මත්ද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222