Author: Kesara Athipola

රුසි­යාවේ මොස්කව් නුවර ප්‍රසංග ශාලා­වට එල්ල වූ ත්‍රස්ත ප්‍රහා­ර­යෙන් ජීවි­ත­ක්ෂ­යට පත්වූ සංඛ්‍යාව 140 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ ප්‍රහා­රය එල්ල වූයේ පසු­ගිය සිකු­රාදා රාත්‍රියේ මොස්කව් නුවර ‘ක්‍රොකස් සිටි හෝල්‘ ශාලාවේ පැවැ­ත්වී­මට නිය­මි­තව තිබූ සංගීත ප්‍රසං­ග­යක් නැරැඹීමට පැමිණි දහස් සංඛ්‍යාත පිරි­සක් ඉලක්ක කර­මිනි.

තව කියවන්​න

මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම සිදු කිරීම ආයතනික ප්‍රධානියකු ලෙස තමන් සතු වගකීමක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාවරයා පවසනවා. මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩිවීම් පිලිබඳ අද පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් මහ බැංකු අධිපතිවරයා මෙම අදහස් පළ කළා. එමෙන්ම වැඩි වූ වැටුප් අඩු කිරීම කෙරෙහි මේ වනවිට වෘත්තිය සංගම් සමග සාකච්ඡා කර ඇති බවත්, ඊට පිළිතුරු ලබා දීමට යම් කාලයක් අවශ්‍ය බවට වෘත්තිය සංගම් දැනුම් දී ඇති බවත් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

තව කියවන්​න

මෙරටින් පොල්වතුර අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසය වනවිට රුපියල් මිලියන 3439ක ආදායමක් ඉපයීමට හැකි වී තිබේ. පොල් සංවර්ධන අධිකාරියේ දත්ත අනුව පසුගිය වසරේ පෙබරවාරි මාසය තුළ පොල්වතුර අපනයනය කිරීම මගින් උපයා ඇති මුදල රුපියල් මිලියන 2705කි. ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පෙබරවාරි මාස වනවිට රුපියල් මිලියන 734ක අපනයන ආදායමේ ඉහළයාමක් පෙන්නුම් කර ඇතැයි පොල් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය රොෂාන් පෙරේරා මහතා පවසයි. ඊයේ (25) කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය විය. මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනසත්ත්ව හානිය නිසා වාර්ෂිකව අහිමිවන පොල්ගෙඩි මිලියන 300ක පමණ…

තව කියවන්​න

චීනයේ කැපීපෙනෙන ආර්ථික වර්ධනය, ඕනෑම අභියෝගයක් ජය ගත හැකි බව මැනැවින් සනාථ කර කරන බව ලෝක බැංකු සභාපති අජේ බංගා මහතා සඳහන් කර තිබේ. “චීනයේ තිරසර සංවර්ධන හැකියාව සහ අපේක්ෂා” යන තේමාවෙන් 24 වැනිදා පැවති, චීන සංවර්ධන සංසදයේ 2024 වාර්ෂික රැස්වීමේ පළමු සම්මන්ත්‍රණයට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

තව කියවන්​න

ඉන්දුනීසියානු තානාපතිනි, Dewi Gustina Tobing මහත්මිය සහ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අතර හමුවක් ඊයේ (25) ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ දී සිදුවිය. හමුදා පුහුණුව, උපායමාර්ගික හවුල්කාරිත්වය සහ ආරක්‍ෂක කටයුතු ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩි දියුණු කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු වී තිබේ.

තව කියවන්​න

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟයක් අද පැවැත්වෙනවා. එහිදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම තරඟ වැදීමට නියමිතයි. මෙම තරඟය මෙරට වේලාවෙන් පස්වරු 7.30ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

තව කියවන්​න