Author: Kesara Athipola

ඩිජිටල් පරිවර්තන නියෝජිතායතනය සහ කෘත්‍රීම බුද්ධිය සඳහා වන මධ්‍යස්ථානය (AI Center) ස්ථාපිත කිරීමට අදාළ නීති මෙම වසරේ මැද භාගය වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. කඩිනම් ඩිජිටල් පරිවර්තනයක් මඟින් මෙරට ආර්ථිකය ඉන්දියානු සාගර කලාපයේ නැගී එන ආර්ථිකයක් බවට පත් කළ හැකි බවට ද ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ ඊයේ (26) පෙරවරුවේ ආරම්භ වු ඩිජිටල් පොදු යටිතල පහසුකම් සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කරමිනි. ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකා රජයේ තාක්ෂණ අමාත්‍යාංශය එක්ව මෙම සමුළුව සංවිධාන කර තිබිණි. සේවා සැපයීම යථාර්ථයක් බවට පත්කිරිම,…

තව කියවන්​න

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙනුවට ස්ථාපිත කිරීමට යෝජිත ජාතික උසස් අධ්‍යාපන සංවර්ධන කොමිසම වෙනුවෙන් හිටපු අගවිනිසුරු කේ, ශ්‍රීපවන් මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කල කමිටුවේ නිරීක්ෂණ ඇතුළත් වාර්තාව ඊයේ (26) දින අමාත්‍යාංශය වෙත ලබාදුන් බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය. අදාළ වාර්තාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ජාතික උසස් අධ්‍යාපන සංවර්ධන කොමිසම පිහිටුවීම මෙම වසර තුළ සිදුකිරීමට හැකි බව ද රාජ්‍ය අමාත්‍යාවරයා සඳහන් කළේය. උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (26) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

තව කියවන්​න

රටක් සංවර්ධනය කරා ගමන් කිරීමට නම් එම රට තුළ සාර්ථක අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක විය යුතු බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කොපමණ සකස් කළත් ඊට අදාළ ලෙස මානව සම්පත කළමනාකරණය නොකළහොත් එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් ප්‍රයෝජනයක් ගත නොහැකි බවද ඒ මහතා පෙන්වා දුන්නේය. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා මෙම අදහස් පළ කළේ මාතර කොටපොල, ඉලුක්පිටිය කණිෂ්ඨ විද්‍යාලයේ සිසුන් වෙනුවෙන් අභිනවයෙන් ඉදිකරන ලද නව දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ උත්සවයට ඊයේ (25) එක්වෙමිනි. කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ 1981 කණ්ඩායමේ…

තව කියවන්​න

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සඳහන් කරනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියාසිටියේ බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

තව කියවන්​න

දේශීය සින­මාවේ මහා කලා මංග­ල්‍යය වන සර­ස­විය සිනමා සම්මාන උලෙළ අනිද්දා (28) පස්වරු 6.00 සිට කොළඹ බණ්ඩා­ර­නා­යක අනු­ස්ම­රණ ජාත්‍යන්තර සම්ම­න්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිතය. වසර 60ක් සපු­රන සර­ස­විය පුව­ත්පත මේ සම්මාන උලෙළ පව­ත්වන්නේ 35 වැනි වර­ටය.

තව කියවන්​න

ජාත්‍ය­න්තර තාරකා විද්‍යා ආය­ත­නය විසින් ඉන්දීය විද්‍යා­ඥ­ය­කුගේ නමින් ග්‍රහ­ක­යක් නම් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇත. තාරකා විද්‍යාව සහ අභ්‍ය­ව­කාශ මෙහෙ­යුම්  පිළි­බඳ ගෝලීය වශ­යෙන් විශිෂ්ට සේවා­වක් ඉටු කර ඇති මහා­චාර්ය ජයන්ත් මූර්ති එම ගෞර­ව­යට පාත්‍ර වූ ඉන්දීය විද්‍යා­ඥයා බව එරට මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කර තිබේ. ප්‍රංශය කේන්ද්‍ර කර­ගත්  ජාත්‍ය­න්තර තාරකා විද්‍යා ආය­ත­නය සෞරග්‍රහ මණ්ඩ­ලයේ කුඩා වස්තූන් නම් කිරීමේ කාර්ය භාරය සිදු කරනු ලබයි. පසු­ගි­යදා  නම් කළ ජයන්ත් මූර්ති ග්‍රාහකය 2005දී අමෙ­රි­කාවේ ඇරි­සෝනාහි කිට් පීක් ජාතික නිරී­ක්ෂ­ණා­ගා­ර­යේදී සොයාගනු ලැබූවකි.

තව කියවන්​න

පසු­ගි­යදා දකුණු චීන මුහු­දේදී චීන වෙර­ළා­ර­ක්ෂක හමුදා යාත්‍රා­ව­කින් පිලි­පීන හමුදා යාත්‍රා­ව­කට ජල ප්‍රහා­ර­යක් එල්ල කර සෙබ­ළුන් තිදෙ­න­කුට තුවාල සිදු කළ බවට චෝදනා කර­මින් බීජිං නුවර සිය රාජ්‍ය­තා­න්ත්‍රික නිල­ධා­රියා යළි කැඳ­වී­මට පිලි­පීන රජය කට­යුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. පිලි­පීන හමුදා යාත්‍ර්‍රාවට මේ ජල ප්‍රහා­රය එල්ල වී ඇත්තේ දකුණු චීන මුහුදේ පිලි­පී­න­යට නාවික සැත­පුම් 105ක් දුරින් යාත්‍රා කර­මින් සිටි­යදී බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කර තිබේ.

තව කියවන්​න