Author: Kesara Athipola
අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට සම්බන්ධ නීතියට ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා විසින් අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වයස අවුරුදු 14ට අඩු ළමයින් සඳහා සමාජ මාධ්‍ය ගිණුම් පවත්වාගෙන යාම නීතියෙන් තහනම් වන අතර අවුරුදු 14ට අඩු ළමුන් සඳහා දැනට පවතින සමාජ මාධ්‍ය ගිණුම් ඉවත් කරන ලෙසද උපදෙස් දී ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
ඉල්ලීම් කිහිපයක් හා සමගාමීව ආර්ථික යුක්තිය ඉටුකර ගැනීම සඳහා සෞඛ්‍ය වෘත්තීය සමිති ලබා දුන් කාලය අදින් (27) අවසන් වී තිබේ. කෙසේවෙතත් එම කාලය තුළ සිය ගැටලුව සඳහා මේ දක්වාත් විසඳුම් ලැබී නොමැති නිසාවෙන් සිය ඉල්ලීම් දිනාගැනීම සඳහා අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීම පිළිබඳව අද කොළඹ දී රැස්වන වෘත්තීය සමිති නායකත්ව මණ්ඩල රැස්වීමේදී තීරණය කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.
චීනය හා ශ්‍රී ලංකාව අතර නව ගිවිසුම් 9ක් අත්සන් තබා තිබෙනවා. චීන අග්‍රාමාත්‍ය ලී ක්වැන්ග් මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ගිවිසුම් අත්සන් කර ඇති බව සඳහන්. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ දින වල චීනයේ සංචාරයක නිරත වන අතර, එහිදී මෙම නව ගිවිසුම් අත්සන් කිරීමට කටයුතු කර තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව අද පස්වරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ, එහි නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන්. මෙම රැස්වීමේදී පක්ෂයේ දැනට පුරප්පාඩුව පවතින ජාතික සංවිධායක ධුරය සහ නියෝජ්‍ය ජාතික සංවිධායක ධුර දෙක සඳහා නව පත් කිරීම් සිදු කිරීමට නියමිත බව සඳහන්. මීට අමතරව ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් ද විධායක සභාවේදී තීරණවලට එළැඹීමට නියමිත බව පොදුජන පෙරමුණ පවසනවා.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟයක් අද පැවැත්වෙනවා. එහිදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තරඟ වැදීමට නියමිතයි. මෙම තරඟය මෙරට වේලාවෙන් පස්වරු 7.30ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.
අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම සම්බන්ධයෙන් ජපන් තානාපති මිසුකොෂි හිදෙඅකි මහතා සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් ඊයේ අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණ. මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එන්. එම්. රණසිංහ මහතා ඇතුළු අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහ ජපන් තානාපති කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් එක්විය.
උතුරු, නැගෙනහිර ප්‍රදේශවල ඇතිවන සීඝ්‍ර ආයෝජන අවශ්‍යතා සපුරාලීම සඳහා නව ආයෝජන කලාප 6ක් පිහිටුවීම සම්බන්ධව ආයෝජන ප්‍රවර්ධන වැඩමුළුවක් කැනඩාවේ ටොරෙන්ටෝ නගරයේ දී පැවැත්විණි. ඒ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙනි. කැනඩාවේ ජීවත් වන ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාව විසින් මෙම හමුව සංවිධාන කර තිබූ අතර එහි දී ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය සම්බන්ධයෙන් ඇති ගැටලු මෙන්ම නව යෝජනා බොහෝමයක් පිළිබඳවත් පුළුල් වශයෙන් සාකච්ඡා කරන ලදි. අවුරුදු 15කට පසු අමාත්‍යවරයෙක් විසින් මෙලෙස සිදු කරන ලද පළමු සංචාරය මෙයයි.
අරගලය මුවාවෙන් ප්‍රචණ්ඩත්වය වැපිරූ පිරිසගෙන් එදා පාර්ලිමේන්තුව, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ ජනාධිපති කාර්යාලය ඇතුළු රාජ්‍ය දේපළ බේරා ගනිමින් රට තුළ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට තමා ගත් පියවර මානව හිමිකම් කඩකිරීමක් ලෙස පෙන්වා දීමට ඇතැමුන් උත්සාහ කළ ද එදා එම පියවර නොගත්තා නම් අද රට තුළ මෙලෙස ආර්ථික ස්ථාවරත්වයක් ගොඩනැගීමට හැකි නොවනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අසීරු සහ අමිහිරි යුගයක් පසු කර රටක් ලෙස ඉදිරියට යන ගමනේදී නීතිය හා සාමය කඩවීමට ඉඩ නොතැබිය යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා සෑම ක්ෂේත්‍රයක් තුළම නීතිය සහ සාමය ආරක්ෂා කිරීමට සියලු පාර්ශ්වයන්ට වගකීමක් පැවරී ඇති බව ද පෙන්වා දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222