Author: Kesara Athipola

ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම පිළිබඳ නවතම දත්ත ඇතුලත් සටහනක් රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එම සටහන පහත දැක්වේ.

තව කියවන්​න

මෙම දිනවල සෑම එළවඵවකම තොග මිල විශාල වශයෙන් පහත වැටී තිබෙනවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මෙම දිනවල විශාල වශයෙන් එළව`ඵ තොග ලැබීම හේතුවෙන් මෙලෙස මිලගණන් පහත වැටී ඇති බවයි ආර්ථික මධ්‍යස්ථානයේ වෙළදුන් සදහන් කළේ. මේ අනුව රුපියල් 350 කට අලෙවි වූ රතු `ඵණූ කිලෝවක් රුපියල් 110 ක මිලකට අලෙවි වන බව සදහන්. එමෙන්ම බෝංචි රුපියල් 120 කටත්, කැරට් රුපියල් 200 ටත්, තත්කාලි රුපියල් 120 කටත්, රාබු 50 කටත්, කැකිරි සහ පිපිඤ්ඤා රුපියල් 30 කටත්, අමුමිරිස් රුපියල් 200 කටත්, මා`ඵමිරිස් රුපියල් 350 කටත් ආදි වශයෙන් මිල ගණන් පහත වැටී තිබෙනවා.

තව කියවන්​න

ශ්‍රී ලංකාව සහ දකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල වන ගාල්ල කරාපිටිය ප්‍රදේශයේ පිහිටි ජර්මන් ශ්‍රී ලංකා මිත්‍රත්ව නව කාන්තා රෝහල අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විවෘත කෙරුණා. ඇදන් 640 ක්, ශල්‍යාගාර 6 ක්, හදිසි ප්‍රතිකාර ඒකක, දැඩි සත්කාර ඒකක, ළමා රෝග ඒකකවලින් යුත් නවීන පහසුකම් සහිතව මෙම රෝහල ඉදිකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ. එමෙන්ම එය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව තුළ කැපී පෙනෙන දියුණුවක් සනිටුහන් කරනු ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් නිවේදනය කළා.

තව කියවන්​න

වෙන් වෙන් වශයෙන් පක්ෂ ලෙස බෙදී සිටින බවට ජනතාව ඉදිරියේ සියඵ දෙනාම ප්‍රකාශ කළද සැවොම එක් කුලකයක් බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ලංකා ඉතිහාසයේ බොරු බෙදීමක් තුළින් ජනතාව රවටා ඔවුන්ගේ ඡන්දය ලබාගත් කිසිවෙක් ජනතාව වෙනුවෙන් පෙනී නොසිටි බවයි ඒ මහතා කැනඩාවේ සිටින සිය ඡන්ද දායකයින් අමතා අදහස් දක්වා සිටියේ.

තව කියවන්​න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහ මැතිවරණයක් ලබා නොදෙන්නේ නම් පාර්ලිමේන්තුවේ 113 ක බහුතරය විසින් මහ මැතිවරණයක් අවශ්‍ය බවට සභාව තුළදී අසුන්වලින් නැගිට ප්‍රකාශ කළහොත් එවිට මහ මැතිවරණයක් ප්‍රථමයෙන් ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවසනවා. එවිට ජනාධිපතිවරයාට මහ මැතිවරණයක් ප්‍රථමයෙන් ලබාදීමට සිදුවන බවයි ඒ මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ. වැඩිදුරටත් අදහස් දක්වමින් එස්.බී.දිසානායක මහතා කියා සිටියේ පාඨලි චම්පික රණවක මහතා ඇතුඵ ඕනෑම පුද්ගලයෙකුට පොදුජන පෙරමුණ සමග එක්නොවී නැවතත් පාර්ලිමේන්තුවට තේරිපත් විය නොහැකි බවයි. මේ අතර කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා කියා සිටියේ මේ වන…

තව කියවන්​න

ශ්‍රී ලංකාව තුළ පවතින පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වහාම වෙනස් විය යුතු බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. පවතින සමානුපාතික ඡන්ද ක්‍රමයට අනුව මැතිවරණයකදී වියදම් කළ හැකි ඡන්ද අපේක්ෂකයාට ජයගත හැකි බවත් වියදම් කළ නොහැකි ඡන්ද අපේෂකයා නියත වශයෙන්ම පරාජයට පත්විය හැකි බවටත් ඒ මහතා කියා සිටියා. මෙහිදි මුදල් ඇති පුද්ගලයෙකුට පාර්ලිමේන්තුවට තේරි පත්වීමට හැකියාව පැවතියද දුක් මහන්සියෙන් මුදල් උපයාගත් පුද්ගලයෙකුට කිසිදිනෙකත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විය නොහැකි බවටයි අධිකරණ අමාත්‍යවරයා සදහන් කළේ. එමෙන්ම, මෙම ඡන්ද ක්‍රමය පදනම් කරගනිමින් ඕනෑම දූෂිත පුද්ගලයෙකුට වුවද මුදල් වියදම් කිරීමෙන් දේශපාලනයට එක්විය හැකි බවයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩිදුරටත් කියා…

තව කියවන්​න

අහසින් හෙළන ලද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය එක් රැස් කිරීමට උත්සාහ කළ පලස්තීනුවන් 18 දෙනෙකු උතුරු ගාසා තීරයේදී මියගොස් තිබෙනවා. මුහුදට බැස ඒවා ලබා ගැනීමට යාමේ දී ගිය 12 දෙනෙකු මෙන්ම ගොඩබිමට පතිතවූ ආධාර ලබා ගැනීමට යාමේදී ඇතිවූ තෙරපීමකින් තවත් 6 දෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇති බවය විදෙස් මාධ්‍ය සඳහන් කළා.

තව කියවන්​න

ශ්‍රී ලාංකික දමිළ ගීතයක් වන “අය්යෝ සාමි” ගීතය ගායනා කරන වින්ඩි ගුණතිලක, දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර පැවති 16 වන එඩිසන් සම්මාන උළෙලේ දී (16 th Edison Awards) 2023 වසරේ ඉදිරිපත් වූ විශිෂ්ඨතම සංවේදී ගීතයට (Best Sensational Song of the Year-2023) හිමි සම්මානය හිමි කර ගෙන ෛඉයේ (26) දින රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ. මෙම සම්මාන උළෙල ජාත්‍යන්තර චිත්‍රපට සහ ගීත ඇගැයීම සදහා පවත්වනු ලබන අතර, මෙම සම්මාන උළෙල ඉකුත් 24 දින ඉන්දියාවේ චෙන්නායි නුවර පවත්වා තිබුණි. මෙම සම්මාන ලබා ගන්නා අවස්ථාවට මෙම ගීතය රචනා කළ පොතුවිල් අස්මින් සහ මෙම ගීතය සදහා සංගීත‍ය නිර්මාණය කළ සනුක වික්‍රමසිංහ ද එක්…

තව කියවන්​න