Author: Kesara Athipola

ගලබොඩ අත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් පනවා තිබූ නඩුවක අධි චෝදනා දෙකටම වරදකරු කරමින්, කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කළේය. 2016 වසරේ කොළඹදී පැවැති ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය මගින් ජාතික හා ආගමික සංහිඳියාවට හානියක් සිදුකිරීම සම්බන්ධයෙන් මෙම නඩුව පවත්වා තිබුණි,

තව කියවන්​න

මුලතිව් දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි ඊයේ (27) සවස වවුනියාව ඕමන්ත ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇති බව ඕමන්ත පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ වවුනියාව දෙස සිට යාපනය දෙසට ගමන්ගත් ටිපර් රථයක්, මුලතිව් සිට වවුනියාව දක්වා සෞඛ්‍ය වෛද්‍ය අධිකාරිවරයා ගමන්ගත් කැබ් රථයේ ගැටී ඇති බවයි. අනතුරින් බරපතල තුවාල ලැබු මුලතිව් දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි වෛද්‍ය කේ. අකිලේන්ද්‍රන් මහතා අදාළ ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව ඇති බව ප්‍රදේශවාසීන් පැවසූහ. වෛද්‍යවරයා මළ සිරුර වවුනියාව රෝහල් මෘත ශරීරාගාරය වෙත යොමුකොට ඇති අතර, ටිපර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය පැවසූහ.

තව කියවන්​න

2024 වසරේ සෙංකඩගල වෙසක් කලාපය මෙවරද අති උත්කර්ශවත් අයුරින් පැවැත්විමට කටයුතු සුදානම් කරන බව  මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ  ලලිත් යූ.ගමගේ මහතා පවසයි. අස්ගිරි මහා විහාර පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි ශාස්ත්‍රපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේගේ අදහසකට අනුව පැවැත්විමට නියමිත වෙසක් කලාපය පිළිබදව සාකච්ඡාවක් 27දා පස්වරුවේ සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි දර්ශනපති පුජ්‍යපාද මහවෙල රතනපාල නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා යටතේ මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදි පැවැත්විණි. මධ්‍යම පළාත් සභාව, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු සියලු රාජ්‍ය ආයතන සහ සංවිධාන එක් ව සංවිධානය කරනු ලබන සෙංකඩගල වෙසක් කලාපය අංශ ගණනාවක් යටතේ පැවැත්විමිට මෙහිදි තිරණය විය. මෙහිදි ආණ්ඩුකාරවරයා කියා සිටියේ පසුගිය වසරේද…

තව කියවන්​න

ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණයේ පුහුණුව සාර්ථකව සම්පූර්ණ කළ නාවිකයන් විසි එක් දෙනෙක් (21) විසිර යාම හා ලාංඡන පැළඳවීම, එම බලඝණයේ අණදෙන නිලධාරි, කපිතාන් ධර්මසිරි හේරත් ගේ ආරාධනයෙන්, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් 2023 මාර්තු 27 ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගනයේ විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී සිදු කෙරිණි. විශේෂ යාත්‍රා බලඝණ පුහුණුව සඳහා ස්වකැමැත්තෙන් අනුයුක්ත වී, 31 වන බඳවා ගැනීමේ පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමට සමත් වූ සාමාජිකයන් වෙත අභිමානවත් විශේෂ යාත්‍රා බලඝණ ලාංඡනය පැළඳවීම සහ මෙම අති දුෂ්කර වූ පුහුණුව තුළ සුවිශේෂි කුසලතා දැක් වූ නාවික පුද්ගලයන් හට කුසලාන ප්‍රදානය කිරීම ප්‍රධාන ආරාධිතයා විසින්…

තව කියවන්​න

එක්සත් ජනරජ පෙරමුණ ප්‍රමුඛ නව සන්ධානයක් නුදුරු දිනයකදීම නිර්මාණය කරන බව එම පෙරමුණේ නායක පාර්ලමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පවසනවා. ඒ අනුව එම සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය තමාට ලබා දුනහොත් එය භාරගන්නා බවයි කොළඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු සදහන් කළේ. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට පක්ෂ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා සුදුසු බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වීරසිංහ මහතා පවසනවා. වී.එෆ්. එම් ගුවන් විදුලියේ අද පෙරවරුවේ පැවති සිද්ධමුල්ල කාලීන වැඩසටහනට දුරකථනයෙන් එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා.

තව කියවන්​න

පාසල් දැරියන්ගේ සෞඛ්‍යාරක්ෂක පුරුදු ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් ලබාගැනීමේ අභියෝගයට මුහුණ දෙමින් සිටින දැරියන් වෙත ඒ සදහා ද අවස්ථා සලසමින් එළඹෙන අලුත් අවුරුද්දෙන් පසු මෙරට පාසල් දැරියන්ට සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සඳහා වවුචරපත් ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. දුෂ්කර, අතිදුෂ්කර, හුදකලා ප්‍රදේශවල සහ හදුනාගත් දරිද්‍රතාව සහිත පාසල්වල ලක්ෂ අ‍ටකට ආසන්න පාසල් දැරියන්ට ඒ අනුව සනීපාරක්ෂක තුවා බෙදාදීම‍ට පියවර ගන්නා බවත්, ඊට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වනවිට අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටක් සඳහන් කළේ ය. මේ සඳහා රජය විසින් වැය කිරීමට අපේක්ෂිත ප්‍රතිපාදනය රුපියල් බිලියනයක් පමණ වන අතර,එක්…

තව කියවන්​න

හරිත නායක වැඩසටහන අධ්‍යාපන විද්‍යාපීඨවලට හදුන්වාදීමේ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතන පරිශ්‍රයේ දී සිදු විය. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ ගුරු ශික්ෂණලාභියා පරිසර වගකීම්වලින් බැඳුනු ජීවන රටාවකට හුරු කිරීම, පරිසර සංවේදී පුද්ගලයෙකු කිරීම හා පරිසර සංරක්ෂණයෙහිලා නියමුවෙකු කිරීම තුළින් පාසල් පරිසර වැඩසටහන් සක්‍රීයව ක්‍රියාත්මක කිරීමට හැකි වීමයි. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සහ රාජ්‍ය නිලධාරීන් එක්ව සිටියහ.

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ ශබ්ද දුෂණය පිළිබඳව පවතින නීති හා රෙගුලාසි සමාලෝචනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව එහි සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා විසින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා වෙත භාරදීම පසුගියදා අධිකරණ අමාත්‍යාංශයේදී සිදු විණි. අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ, පාරින්ද රණසිංහ, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (නීති) නීතිඥ, පියුමන්ති පීරිස්, පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පත්මා අබේකෝන්, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ, මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය සංජය රත්නායක, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ, කමල් ප්‍රියන්ත, අතිරේක නීති සම්පාදක…

තව කියවන්​න

ජනාධිපති ලේකම් කාර්යාලය හා ජාතික තරුණ සේවා සභාව එක්ව සංවිධානය කරනු ලබන ජාතික තරුණ චිත්‍රපට උළෙල දෙවන වරටත් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. එම තරඟය විවෘත, පාසල් සහ අන්තර්ජාතික යන අංශයන් තුනෙන් පැවැත්වෙන අතර තරඟය සඳහා කෙටි චිත්‍රපට භාරගැනීම අප්‍රේල් 01 සිට ජූනි 30 දක්වා සිදුකෙරේ.

තව කියවන්​න