Author: Kesara Athipola

”එස් පාස්” විශේෂ අවසර පත්‍රය මත සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මත පැවති රජයන් සමයේ වසර ගණනාවක් තිස්සේම අධිවේගී මාර්ගය අභාවිතා කොට තිබෙන බව වාර්තා වනවා. නව ජනපති බලයට පත්වීමත් සමඟම මෙම අවභාවිතාවය නතර කිරීමට හැකිවූ බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ පවසන්නේ. පසුගිය කාලයේදී දිනකට වාහන 150-200ත් අතර ප්‍රමාණයක් මුදල් ගෙවීමකින් තොරව දිනකට මෙසේ ගමන් කර තිබෙන බව පැවසෙනවා. ඒ හේතුවෙන් අධිවේගයේ අදායමට ලැබිය යුතු රුපියල් කෝටි ගණනාවක මුල්‍යමය අලාභයක් සිදුවී ඇති බවයි වාර්තා වන්නේ. “එස් පාස්“ හෙවත් ( විශේෂ අවසර පත්‍ර) නොමැතිව ජනාධිපති කාර්යාලයෙන් දුරකථන ඇමතුම් ලබා දෙමින් වෙනත් වාහන සහ ආරක්ෂක අංශයේ වාහන රැසක් අධිවේගී මාර්ගයේ ගමන් කර තිබෙනවා.…

තව කියවන්​න

මෙම වසර අවසන් වීමට පෙර ගෙවිය යුතු හිඟ බදු අයකර ගැනීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවත්, බදු පැහැර හරින්නන් වෙතොත් ඔවුන්ගේ බැංකු ගිණුම් තහනම් කිරීම මෙන්ම දේපොළ පවරාගැනීමටද බලය තිබෙන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් එන්. එම්. එන්. එස්. බී. දිසානායක මහතා ඒ බව සඳහන් කලා . කෙසේ නමුත් බදු අයකරගැනීමට පැමිණෙන නිලධාරීන්ගේ අනන්‍යතාව තහවුරු කරගන්නා ලෙස ජනතාවට දැනුම් දෙන බවත්, හිඟ බදු මුදල් කිසි ලෙසකින් චෙක්පත් මඟින් හෝ මුදල් ලෙස ලබානොදෙන ලෙසත් ඔහු මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියා.

තව කියවන්​න

ලේකම් ධුරයේ ගැටලු පවතින දේශපාලන පක්ෂ හයකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවස්ථාව අහිමි වී තිබෙනවා. මේ අනුව, දේශපාලන පක්ෂ 77 කට මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා අවස්ථාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා. නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා තරග කළ හැකි දේශපාලන පක්ෂ සහ ඒ සඳහා වෙන් කර ඇති සළකුණු  මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ලංකා මහා සභා පක්ෂය, එක්සත් ලංකා පොදු ජන පක්ෂය, ලංකා ජනතා පක්ෂය, ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණ සහ ඊලවර් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යන පක්ෂවලට මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත්විය නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව…

තව කියවන්​න

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටුවාපිටිය දේවස්ථානය වෙත පිවිසියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සඟවාගෙන සිටින වාර්තා දෙක එළිදැක්වීමට යැයි තමා විශ්වාස කළ බව පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. කෙසේ වෙතත් වත්මන් ආණ්ඩුව මෙහෙය වන අනිසි බලවේගය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාදැයි තමාට සැකයක් පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ.උදය ගම්මන්පිල මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළා. කෙසේ වෙතත් පසුගියදා කටුවාපිටිය දේවස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා කියා සිටියේ පාස්කු ප්‍රහාරය හේතුවෙන් වින්දිතයින් බවට පත් ජනතාවට යුක්තිය හා සාධාරණත්වය ඉටු කර දෙන බවයි.

තව කියවන්​න

ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ ටකෆුමි කඩොනෝ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වුණා. මේ අනුව ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා. ශ්‍රී ලංකාවේ ආර්ථිකය දියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මඟින් මෙතෙක් සිදු කරගෙන යන සියලු ගිවිසුම් එලෙසම ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව ද ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ ටකෆුමි කඩොනෝ මහතා මෙහිදී අවධාරණය කර තිබෙනවා. සංචාරක ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් නංවාලීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව තීරණය කර ඇති බවයි…

තව කියවන්​න

අන්තර් නිවර්තන අභිසාරී කලාපය තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති බව බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනයක් මගින් පවසන්නේ. එමෙන්ම, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි ඒ අනුව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

තව කියවන්​න

නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අද දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහ්ත පවසනවා. ඔහු කියා සිටියේ තැපැල් ඡන්ද අයදුම් කිරීමට අදාළ දින කිසිදු හේතුවක් නිසා දිර්ඝ නොකරන බවයි. කෙසේ වෙතත් අද දිනය පුරාම තැපැල් ඡන්ද අයදුම් කිරීමට අවස්ථාව ඇති බවයි මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියේ.

තව කියවන්​න

ගාල්ල බන්ධනාගාරයේ සිර වාට්ටුවල බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික ඒකකය විසින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී රැඳවියන් සන්තකයේ සඟවාගෙන සිටි ජංගම දුරකතන 53ක් සොයා ගැනීමට සමත් වී තිබෙනවා. පසුගිය 06 වැනිදා දවස පුරා මෙම සෝදිසි මෙහෙයුම් සිදුකර ඇති අතර, එම බන්ධනාගාරයෙ ඒ සහ බී සිර වාට්ටුවල තිබී මෙම ජංගම දුරකතන මෙන්ම ඊට අදාල උපාංග රැසක් මෙලෙස සොයාගෙන තිබෙනවා. මෙම ජංගම දුරකතන සිර වාට්ටුවල ඉතා සූක්ෂම ලෙස සඟවා තිබී ඇති අතර, ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතන 07ක් ද එලෙස සොයාගත් දුරකතන අතරට ඇතුළත්.

තව කියවන්​න

අධිකරණයට අපහාස කිරීම පිළිබඳ නඩුකරයකට මුහුණ දී සිටින සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ඇතුළු වගඋත්තරකාර නිලධාරීන් පිරිසක් විදෙස් ගතවීමේ සූදානමක් ඇති බවත්, ඔවුන් විදේශගත වීම වළක්වාලන තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ඉදිරිපත් කර තිබෙනවා. නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් මෙම මෝසම ඉදිරිපත් කර ඇති අතර එහි වග උත්තරකරුවන් ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි, එහි අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන ඒ. එම්. පී. අරම්පත් සහ නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරුන් වූ කේ. ධර්ම සීලන් සහ සී.ජේ.ඒ. විරක්කොඩි යන අය නම් කරනු ලැබ සිටිනවා.

තව කියවන්​න

ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට හමාස් සංවිධානය ප්‍රහාර එල්ල කිරීමෙන් පසු දෙපාර්ශවය අතර ගැටුම් ආරම්භ වූණා. එම යුද්ධයේදී සිවිල් වැසියන් 41,870 කට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුව තිබෙනවා. වසරක සැමරුම් සඳහා දහස් ගණනක් ජනතාව ටෙල්අවිව් වෙත රැස්වී සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

තව කියවන්​න