- අදත් විදුලි කප්පාදුවක්
- ජනපති අද දිවයිනට
- USAID අත්හිටුවීමෙන් රටවල් 50කට බලපෑම්
- පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය හෙට පාර්ලිමේන්තුවට
- රජයේ වී ගබඩා තවමත් හිස්
- නාමල්ට එරෙහි නඩුවකට නීතිපති උපදෙස් විමසයි
- යුක්රේන යුද්ධය අවසන් කිරීමට ට්‍රම්ප් සීරුවෙන්
- අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල්ගි ගිණුම්වලට
Author: Kesara Athipola
අනුරාධපුර ජේතවනාරාම ස්තූපයේ ඇති වී තිබෙන පිපිරුම් ප්‍රසාරණය වීම මැඩපැවැත්වීම සඳහා කෙටි හා දීර්ඝ කාලීන විසඳුම් මේ වන විට ගෙන ඇති බවත්, පිපිරුම් තවදුරටත් වර්ධනය නොවන ආකාරයට සිදු කළ හැකි තාක්ෂණික ක්‍රමවේදයන් ඉදිරියටත් අනුගමනය කර පිපිරුම් පාලනය කිරීමට කටයුතු සිදු කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි. ජේතවනාරාම ස්තූපයේ පිපිරුම්වල වර්තමාන තත්ත්වය පිළිබඳව ජේතවනාරාම ස්තූපයේ සලපතල මළුවේ ඊයේ (02) පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් සකස් කළ වාර්තාවලට අනුව ස්තූපයේ පෙර පැවති පිපිරුම්වල අගයන් හා සැසදීමේදී විශාල වෙනසක් සිදු වී නොමැති බවත්, ස්තූපය පිලිබඳ නිරීක්ෂණ කටයුතු සංස්කෘතික…
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන තිබුණා. නවතම වාර්තා වලට අනුව මෙම භූ කම්පනයෙන් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් ඇති අතට 57 කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා තිබෙනවා. එමෙන්ම දසදහස් සංඛ්‍යාත ජනතාවට විදුලි බලයද මේ වන විට ඇන හිට ඇත. මෙය වසර 25 කට පසු තායිවානයෙන් වාර්තා වූ ප්‍රභලතම භූ කම්පනය බවද සඳහන්. මේ හේතුවෙන් ජපානයට සහ පිලිපීනයට සුනාමි අනතුරු ඇඟවීම්ද නිකුත් කර ඇත.
තායිලන්තයේ පැවැත්වෙන ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියේදී කිලෝග්‍රෑම් 49 බර පන්තියෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට හංසනී ගෝමස් සමත් වී තිබේ. ශ්‍රී ලංකා නියෝජනය ලෙස කිලෝග්‍රෑම් 49 බර පන්තියෙන් තරග වැදුණු ඇය ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 76ක බරක් ඔසවමින් නව ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත්ව ඇත. ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙසද ක්‍රියාත්මක වන ලෝක ශූරතා බර ඉසිලීමේ ශූරතා තරගාවලිය මේ දිනවල තායිලන්තයේ දී පැවැත්වේ.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟයක් අද පැවැත්වෙනවා. එහිදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම තරඟ වැදීමට නියමිතයි. මෙම තරඟය මෙරට වේලාවෙන් පස්වරු 7.30ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.
උසස් තාක්ෂණ අධ්‍යාපන ඩිප්ලෝමාව හැදැරූ 500 දෙනෙකු ඉංග්‍රීසි ගුරුවරුන් ලෙස සේවයට බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. දිවයිනේ පවතින ඉංග්‍රීසි ගුරු හිඟයට පිළියමක් ලෙස මෙම තීරණය ගත් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. 2021 වසරේ පැවති තරග විභාගයේ ප්‍රතිඵල මත එම පිරිස බඳවා ගැනීම සිදු කරනු ලබනවා.
එළඹෙන උත්සව සමය අරමුණු කර ගනිමින් ලංකා සතොස මගින් මහජනතාවට ලබාදෙන අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල අඩු කර තිබේ.
කොළඹ කලාපයේ පිහිටි මුස්ලිම් පාසල්වල තිබෙන ගැටළු පිළිබඳ සොයා බලා ඒවාට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබා දුන්නේ කොළඹ කලාපයේ මුස්ලිම් පාසල් මුහුණ දී තිබෙන ගැටළු පිළිබඳ ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (02) පැවැති සාකච්ඡාවට එක් වෙමිනි. විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා ඇතුළු පාසල් විදුහල්පතිවරුන් සහ මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන සංවිධාන කිහිපයක නියෝජිතයින් මෙම සාකච්ඡාවට එක්ව සිටී අතර කොළඹ කලාපයේ මුස්ලිම් පාසල් මුහුණ දී තිබෙන අභියෝග පිළිබඳව එහිදී ඔවුන් ජනාධිපතිවරයාව දැනුවත් කළහ. ගුරු පුරප්පාඩු, පන්ති කාමර හිඟය සහ ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීම, ඉස්ලාම් දහම…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222