Author: Kesara Athipola

ඊජිප්ත්තුවේ හිටපු ජනාධිපති අබ්දුල් ෆටා අල් සිසී තුන්වැනි වරටත් නව ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඊජිප්තුවේ හමුදාපති සහ ආරක්ෂක ඇමැතිවරයා ලෙස මීට පෙර කටයුතු කර ඇති ඔහු, පළමුවරට ජනාධිපතිවරයා ලෙස 2013 වසරේදී පත්වූ අතර 69 හැවිරිදි අල් සිසී දශකයකට වැඩි කාලයක් පුරා ඊජිප්තුවේ ජනාධිපතිවරයා ලෙස අඛණ්ඩව කටයුතු කරමින් සිටී.

තව කියවන්​න

අමෙරිකාවේ බැල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමෙහි ගැටුණු සිංගප්පූරුවට අයත් භාණ්ඩ නෞකාවේ කාර්ය මණ්ඩලය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ අවසන් වනතුරු එහි රැඳී සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ජෝන් කොන්රඩ් නමැති බලපත්‍රලාභී භාණ්ඩ නෞකා නියමුවාට අමතරව සෙසු කාර්ය මණ්ඩලය ඉන්දීය ජාතිකයන්ගෙන් සමන්විත බව මුලදී වාර්තා වූ නමුත්, එහි ඉන්දීය ජාතිකයන් 20 දෙනකු සහ ශ්‍රී ලාංකික ජාතිකයකු සිටින බව අමෙරිකාවේ වෙරළාරක්ෂක බළකාය පසුව තහවුරු කළ බව BBC පුවත් සේවය වාර්තා කර තිබේ.

තව කියවන්​න

අද වන විට දිවයිනේ ඩෙංගු රෝගීන් වාර්තාවීම පිළිබඳ නවතම වාර්තාවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම වාර්තාව පහතින්.

තව කියවන්​න

මේ වන විට අවශ්‍යව ඇත්තේ නායකයින් පිටුපස හඹා යන කාල වකවානුවක් නොව වැඩපිළිවෙලක් සමග කටයුතු කිරීම පමණක් බව මානුෂීය ජනතා සන්ධානයේ නායක දයාසිරි ජයසේකර මහතා පවසනවා. කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ රටේ පවතින දේශපාලන අස්ථාවරත්වයට මූලික හේතුව වී ඇත්තේ නායකත්වයේ පවතින දුර්වලතා බවටයි ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ. මේ අතර අදාළ අවස්ථාවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය චරිත හේරත් මහතා කියා සිටියේ රටේ පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමට නම් රටට සංකීර්ණ විසදුමක් අවශ්‍ය වනු ඇති බවයි.

තව කියවන්​න

පාසල් දරුවන් දුම්වැටිවලට හුරුවීමට ප්‍රථම බෙහෝ අවස්ථාවල දුම්කොළ භාවිත කිරීම ග්‍රාමීය ප්‍රදේශවල දරුවන්ගෙන් දක්නට ලැබෙන බව අන්තරායකර ඖෂධ ජාතික පාලක මණ්ඩල සභාපති නීතිඥ ශාක්‍ය නානායක්කාර මහතා පවසනවා. කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඒ මහතා කියාසිටියේ දුම්වැටි සහ මධ්‍යසාර සමාගම් විසින් සිදුකරන ලද පෙළඹවීම් හේතුවෙන් දරුවන් බහුල වශයෙන් මත්ද්‍රව්‍ය භාවිතයට පෙළඹ ඇති බවයි. මේ අනුව මත්ද්‍රව්‍යවල පවතින නීරස සහ අනිසි ප්‍රතිඵල පිළිබදව කුඩා කළ සිටම දරුවන්ව දැනුවත් කළ යුතු බවටයි අන්තරායකර ඖෂධ ජාතික පාලක මණ්ඩල සභාපති නීතිඥ ශාක්‍ය නානායක්කාර මහතා පවසා සිටියේ.

තව කියවන්​න

සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම සහ බංගලාදේශය අතර පැවති දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 192 කින් ජග ගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව 2-0 ලෙස තරඟාවලි ජයද ශ්‍රි ලංකාව සතු වනු ඇති.

තව කියවන්​න

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන තිබුණා. මේ හේතුවෙන් ජපානයට සහ පිලිපීනයට සුනාමි අනතුරු ඇඟවීම්ද නිකුත් කර තිබූ අතර ඒ අනුව ජාපනයේ නාගෝ සහ ඔකිනාවා ප්‍රදේශයේ මුහුද අඩි කිහිපයක් පසු පසට පැමිණ ඇති අකාරය දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය හරහා මේ වන විට හුවමාරු වෙමින් පවතිනවා. ඒ අනුව පළමු සුනාමි රළ මිටර් 3 ත් 5ත් අතර උස ප්‍රමාණයක් ගනු ඇති බව සහ තවත් මිනිත්තු 30කින් පමණ පළමු සුනාමි රළ එම වෙරළට පැමිණෙනු ඇති බවටත් සඳහන්.

තව කියවන්​න