Author: Kesara Athipola
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ රහසිගත ප්‍රකාශයක් ලබාදීමට තමන් අකමැති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මියට අද දැනුම් දී තිබෙනවා. නීතීඥ සන්දීප්ත සූරියආරච්චි මහතාගේ මෝසමකට අනුව මෙම නඩුව කැදවූ අවස්ථාවේදියි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා මගින් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ පිළිබඳව දැනුම් දී ඇත්තේ.
මහනුවර දිස්ත්‍රික්කය තුළ මෙම වර්ෂයේදී තැඹිලි ගම්මාන හතරක් ස්ථාපිත කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය කටයුතු යොදා ඇති බව පවසයි. අපනයනය කේන්ද්‍ර කොටගත් තැඹිලි ගම්මාන ස්ථාපිත කිරීමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිම තීරණය යටතේ මහනුවර දිස්ත්‍රික්කය තුළ මෙම ගම්මාන පිහිටුවනු ලැබේ. ඒ අනුව ජම්බුගහපිටිය, පන්විල, මිනිපේ හා හසලක යන ගම්මාන කේන්ද්‍ර කර ගනිමින් මෙම ගම්මාන පිහිටුවන බවත් පොල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ධාරිතාවට ඉහළ නැංවීම මේ යටතේ අපේක්ෂා කරන බවත් පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති මාධවී හේරත් මහත්මිය සඳහන් කර ඇත. ගොවියන්ට ලබා දෙන සහනාධාර ධාරිතාව මේ යටතේ ඉහළ නංවීම සිදුවන බව කී සභාපතිවරිය තැඹිලි ගම්මාන ස්ථාපත කිරීම තුළින් ප්‍රතිලාභීන්ට ඉහළ ආදායමක්…
ඉතිහාසයේ පළමුවරට කාන්තාවක් කොංගෝ ජනරජයේ අගමැති ධුරයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එරට පළමු කාන්තා අගමැති ලෙස, හිටපු සැලසුම් ක්‍රියාත්මක කිරීමේ ඇමැතිවරිය ලෙස කටයුතු කළ ජුඩිත් සුමින්වා කොංගෝ ජනරජයේ ජනාධිපති ෆීලික්ස් ට්ශිසෙකෙඩි විසින් පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා. පසුගිය ජනවාරියේදී දෙවැනි වරටත් ජනාධිපතිවරයා ලෙස පත් වූ ෆීලික්ස් කාන්තාවක අගමැති ධුරයට පත් කිරීමෙන් කොංගෝ ජනරජයේ දැඩි ප්‍රසාදයට ලක් වී ඇතැයි ද වාර්තා වනවා.
ෆින්ලන්තයේ වැන්ටා නුවර ප්‍රාථමික පාසලක වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. එම වෙඩි තැබීමෙන් 12 හැවිරිදි සිසුන් තිදෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඊයේ පෙරවරුවේ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු ද එම පාසලේහිම 12 හැවිරිදි සිසුවකු බව වාර්තා වේ. වියටෝලා පාසල නමැති මෙම පාසලෙහි සිසුන් 800ක් ඉගෙනුම ලබන අතර තුවාල ලැබූ සිසුන් තිදෙනා රෝහල්ගත තිබෙනවා. කෙසේවෙතත් ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව ද වාර්තා වනවා.
යාපනයේ වගා කළ එළවළු අස්වනු ලැබීමත් සමඟ පසුගිය සති කිහිපයේ දී ඉහළ මිල ගණන් පැවැති එළවළු මිල පහළ බැස ඇති බව දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෝ පවසනවා. ඒ අනුව අද දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් දැක්වුනේ පහත ලෙසයි. බණ්ඩක්කා කිලෝවක් – රුපියල් 40 නෝකෝල් කිලෝවක් – රුපියල් 60 පිපිඤ්ඤා කිලෝවක් – රුපියල් 30 රාබු කිලෝවක් – රුපියල් 30 කැරට් කිලෝවක් – රුපියල් 200 ලීක්ස් කිලෝවක් – රුපියල් 200 අමු මිරිස් කිලෝවක් – රුපියල් 180 බෝංචි කිලෝවක් – රුපියල් 80 ගෝවා කිලෝවක් – රුපියල් 100
මැයි මස 21 වැනිදා සිට 27 වැනිදා දක්වා කාලය රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් වෙසක් සතිය ලෙස නම් කිරීමට රජය පියවර ගෙන ඇති බව වාර්තා වේ. ‘අත්තනො ව අවෙක්ඛෙය්‍ය කතානි අකතානි ච (අනුන් කළ දේ ගැන නොව තමන් කළ දේ ගැන විමසිලිමත් වෙමු)’ යන තේමාවෙන් යුතුව, මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට ද සැලසුම් කර ඇත. එහි සමාරම්භක උළෙල මාතලේ ධර්මරාජ පිරිවෙන් පරිශ්‍රයේ දී සහ සමාප්ති උළෙල පල්ලෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මිල්ලවාන ශ්‍රී සුනන්දාරාම විහාරස්ථාන පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිත වේ. රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සැලසුම් කර ඇති වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කිරීමටත්, 2024 මැයි මස 22, 23 හා 24…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222