Author: Kesara Athipola
මත්පෙති සහ ගංජා සමඟ පුද්ගලයෙකු පානදුර හිරණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ක`ඵතර අපරාධ කොට්ඨාශයේ නිලධාරින් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි පොලිසිය සදහන් කළේ. මෙහිදි සැකකරු සන්තකයේ තිබී මත්පෙති 76,796 ක් සහ ගංජා කිලෝග්‍රෑම් 1 ක් වැටලීම කළ නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟයක් අද පැවැත්වෙනවා. එහිදී ගුජරාය් ටයිටන්ස් කණ්ඩායම සහ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම තරඟ වැදීමට නියමිතයි. මෙම තරඟය මෙරට වේලාවෙන් පස්වරු 7.30ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.
වසරේ ගත වූ මුල් මාස 3ක කාලය තුළ ශ්‍රී ලාංකිකයින් 75,000කට ආසන්න පිරිසක් රැකියා සඳහා විදෙස් ගතව ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. එම පිරිසෙන් 39,900ක් පිරිමි ශ්‍රමිකයින් වන අතර 34,599 දෙනෙකු කාන්තා ශ්‍රමිකයින් වන බව සඳහන්. මෙහිදී වැඩිම පිරිසක් රැකියා සඳහා කුවේට් රාජ්‍ය වෙත ගොස් ඇති අතර එම සංඛ්‍යාව 17,793ක් බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවන සැලසුමක් හඳුන්වා දී ඇත. එම සැලසුම පහතින්.
වසර තුනකට පසු මෙම වසරේ දී 4000ක පමණ පිරිසක් ගුරු වෘත්තියට බඳවා ගැනීමට රජය කටයුතු කර ඇති බවත්, රටේ ආර්ථිකය ශක්තිමත් වීමත් සමඟ ඉදිරි වසර වන විට ගුරු පුරප්පාඩු පිරවීම වෙනුවෙන් වැඩි මුදලක් වෙන් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අරලියගහ මන්දිරයේ දී ඊයේ (03) පැවති බස්නාහිර පළාත් උපාධිධාරී ගුරු පත්වීම් ප්‍රදානෝත්සවය අමතමිනි. උපාධිධාරී ගුරුවරුන් 2320කට පත්වීම් ලබා දීම මෙහිදී සිදු කෙරුණු අතර ජනාධිපතිවරයා සංකේතාත්මකව පත්වීම් ප්‍රදානයට එක් විය. අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ චරිතවත් ගුණගරුක අනාගත පරපුරක් බිහි කිරීමේ වගකීම ගුරුවරයාට…
අද කාලගුණය කෘෂිකර්මාන්තයට සම්බන්ධ අමාත්‍යාංශ, ආයතන සහ සංවිධාන ප්‍රතිව්‍යුහගත කිරීම අධීක්ෂණය කිරීම සඳහා ජනාධිපති සහ අගමැති ප්‍රධානත්වයෙන් කෘෂිකාර්මික නවීකරණ සංවිධාන කවුන්සිලයක් පිහිටුවීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. කෘෂි නවීකරණ වැඩපිළිවෙළේදී රාජ්‍ය ආයතන තුළ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම මෙම නව කවුන්සිලය පිහිටුවීමේ අරමුණ බව ද ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (03) පෙරවරුවේ පැවති කෘෂිකර්ම නවීකරණ වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනි. මෙරට කෘෂිකර්ම අංශය නවීකරණ කිරීම වෙනුවෙන් සකස් කළ ප්‍රතිපත්ති රාමුව, ඒ පිළිබඳව පත් කරන ලද විශේෂඥ කමුටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිනී සේනානායක මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථාන වලට මි. මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක. බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු…
රට ගොඩනැගීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව විසින් දියත්කර තිබෙන වත්මන් වැඩපිළිවෙල දශමයකින් හෝ වෙනස් කලහොත් රට යළිත් බරපතල අවධානමකට ලක්වන බව ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කළේය. මෙරට දුප්පත්කම ඉහළ ගොස් ඇති බවට විවිධ වාර්තා පල වුවත්, ආර්ථික වර්ධනය සෘණ 08ක් වූ සහ මුළුමණින්ම බංකොළොත් භාවයට පත්වූ රටක එය අළුත් දෙයක් නොවන බව පෙන්වා දුන් අමත්‍යවරයා සමෘද්ධිය සඳහා වෙන්කල මුදල මෙන් තුන් ගුණයක මුදලක් වෙන්කර අස්වැසුම වැඩසටහන දියත් කර තිබෙන්නේ එම දුප්පත්කමට ඔරොත්තු දිය හැකි සමාජ ආරක්ෂණයක් ඇති කිරීමට බව ද සඳහන් කළේය. ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා…
ලොව දියුණු රටවල කෘත්‍රීම බුද්ධිය හඳුන්වා දීමට පෙර එමගින් උද්ගත විය හැකි අයහපත් ප්‍රතිඵල වලක්වාගැනීමේ පූර්ව සූදානමක් ලෙස අදාළ නීති රීති සම්පාදනය කරන බවත් අප ද ඒ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පාසල් දරුවන් මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුම්වත් කිරීම හරහා මාර්ග අනතුරු සිදු වන්නට පෙර වලක්වා ගැනීමේ අපේක්ෂාවෙන් පළ කර ඇති මාර්ග ආරක්ෂණ පදක්කම් වැඩසටහනට අදාළ ශිෂ්‍ය අත්පොත් හා ගුරු මාර්ගෝපදේශ අත්පොත් මෙන් ම උපදෙස් සංග්‍රහය එළි දැක්වීමේ වැඩසටහනකට එක් වෙමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී ය. දිනකට පාසල් දරුවන් 196,000ක් නගරගත වන අධික ජනඝනත්වයක් සහිත කොළඹ නගරය…
නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට මෙම මස 20 වැනිදා සිට මැයි මස 20 වැනිදා දක්වා පොදු සමා කාලයක් ආරක්ෂක අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව එම පොදු සමා කාලය ඇතුළත නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීමට ද සේවය හැරගිය සාමාජිකයන්ට අවස්ථාව ලබා දී තිබෙනවා. මෙම සමා කාලය අප්‍රේල් මස 02 වන දිනට පෙර නිවාඩු නොමැතිව නොපැමිණ සිටින අය සඳහා පමණක් අදාළ වන බවයි ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222