Author: Kesara Athipola
මෙතෙක් ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත්වී සිටි වෙනිසියුලානු ජාතික හුවාන් විසෙන්ටේ මියගොස් ඇත. වයස අවුරුදු 114ක් සම්පූර්ණ වී සිටියදී ඊයේ දිනයේ ඔහු මියගොස් ඇති ඔහුට දරුවන් 11 දෙනෙකු සහ මුනුබුරු, මිනිබිරියන් 41 දෙනෙකු සිටින බව සඳහන් වේ. 2022 වසරේ පෙබරවාරි 04 වන දින ජීවතුන් අතර සිටින ලොව වයස්ගතම මිනිසා ලෙස ඔහු නම් කර තිබුණි.
මෙරට තුළ රන් මිලෙහි ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ. ඒ අනුව මෙරට වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව ඊයේ දිනයේ කැරට් 22 රන් පවුම රු.177,550.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 193,700.00ක් ලෙස සටහන්ව තිබිණි.
චීනයේ “සී රයිස්“ (sea rice) බිත්තර වී මෙරට ලවණතාව සහිත භූමිවල වගා කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර ඇත. මේ අනුව,මෙරට වෙරළ කලාපය ආශ්‍රිත සහ ලවණතාවය වැඩි භූමි ප්‍රදේශවල මෙම සී රයිස් වගා කිරීමට නියමිත අතර සී රයිස් බිත්තර වී චීනයෙන් ගෙන්වා පර්යේෂණ සිදු කිරීමෙන් අනතුරුව මෙරට අක්කර ලක්ෂ දෙකක භූමි ප්‍රදේශයක සී රයිස් වගා කිරීමට නියමිත බවද සඳහන්.
හදිසි අනතුරු හේතුවෙන් දෛනිකව මෙරටින් මරණ 32-35ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා. එහි බෝ නොවන රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා පැවසුවේ වාර්ෂිකව හදිසි අනතුරු හේතුවෙන් පුද්ගල මරණ දස දහසකට වැඩි සංඛ්‍යාවක් සිදු වන බවයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ රථ වාහන අනතුරු, දියේ ගිලීම්, විෂවීම් ඇතුළු හදිසි අනතුරු හේතුවෙන් එම මරණ සිදුවන බවයි.
පාරිසරික නීතිය බලාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සහාය ලබා දීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සහ මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ කීර්ති ජයසිංහ මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ (03) මධ්‍යම පරිසර අධිකාරියේ දී පැවැත්විණි. මෙහිදී පාරිසරික ගැටලු විසදීම සම්බන්ධයෙන් පොලිස් දෙපාඑර්තමේන්තුව මඟින් නිකුත් කර ඇති චක්‍රෙල්ඛ, පොලිස් ආඥා පනත හා වෙනත් අණ පනත් යටතේ පැවරී ඇති බලතල බලාත්මක කිරීම මෙන්ම ප්‍රජා ඝෝෂා පාලනය, අධීක දුම් සහිත වාහන පරීක්ෂාව ,වාහනවල අධික නලා ශබ්දය පාලනය ,පොලිතීන් මිශ්‍ර කසල විවෘත පරිසරයේ පිලිස්සීම සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියා මාර්ග, භාවිතය තහනම් පොලිතීන් වැටලීම සඳහා සහාය ලබා ගැනීම, නීති විරෝධී කැණීම් මෙන්ම වෙනත් පාරිසරික ගැටලු…
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය – පළමු අදියර සඳහා ඉඩම් අත්පත් කර ගැනීම හේතුවෙන් නිවාස අහිමි වූවන්ට ලබාදුන් ඉඩම් කැබලි සඳහා ඔප්පු ලබාදීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී සිදුකෙරිණි මහර,ගම්පහ, අත්තනගල්ල,දිවුලපිටිය, මිනුවන්ගොඩ,මීරිගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ඉඩම් කැබලි 7881ක් ව්‍යාපෘතිය සඳහා අත්පත් කරගෙන ඇත. ඒ සඳහා වන්දි වශයෙන් ගෙවා ඇති මුදල රුපියල් මිලියන 10,852.03කි. මෙම ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේදී නිවාස අහිමි වූවන් 71 දෙනෙකු වෙත ප්‍රතිස්ථාපන ඉඩම් ලබාදීම වෙනුවෙන් ඔප්පු ලබාදීම මේ යටතේ සිදු විය. එහිදී අම්බනවත්ත ප්‍රතිස්ථාපන ඉඩමේ ඉඩම් කැබලි 31ක්, මොට්ටුන්නවත්ත ප්‍රතිස්ථාපන ඉඩමෙහි ඉඩම් කැබලි 20ක්, පාතකඩවත්ත ප්‍රතිස්ථාපනයේදී මෙහි ඉඩම්…
රටට හිතකර තරගකාරී ආයෝජන අවස්ථා ඇති කරමින් ශක්තිමත් ආර්ථිකයක් බිහිකරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය නංවාලීම සඳහා ආයෝජන මණ්ඩලය යටතේ ඇති සමාගම් සිදු කළ සුවිශේෂී කාර්යභාරය වෙනුවෙන් සිය කෘතඥතාව පිරිනමන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ජනාධිපති කාර්යාලයේදී පසුගියදා (02) පැවැති ආයෝජන මණ්ඩල සම්මාන උළෙල අමතමිනි. ආයෝජන මණ්ඩලයේ 45 වැනි සංවත්සරය නිමිත්තෙන් පළමු වරට මෙම සම්මාන උළෙල සංවිධානය කර තිබු අතර ඍජු විදේශ ආයෝජන සහ අපනයන කාර්ය සාධනය සඳහා සිදු කර ඇති දායකත්වය වෙනුවෙන් ආයෝජන මණ්ඩලය යටතේ පවතින සමාගම් වෙත සම්මාන 30 ක් පිරිනැමීම ජනාධිපතිවරයා…
අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච්.නන්දසේන මහතාගේ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සදහා එම්.ජී.වීරසේන මහතා පත්වීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ මීළඟට සිටින්නේ ඒ මහතා බව සදහන්. හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කේ.එච්. නන්දසේන මහතා අද අ`ඵයම අභාවප්‍රාප්ත වුණා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222