Author: Kesara Athipola
ශ්‍රී ලංකා යුද්ධ හමුදා 15 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම ඊයේ දිනයේ (03) දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. ඒ ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ සාමසාධක රාජකාරීන් සඳහා බවයි සඳහන් වන්නේ. දිවයිනෙන් පිටත්ව ගිය මෙම කණ්ඩායමට විජයබාහු රෙජිමේන්තුව සහ රෙජිමේන්තු කීපයක් නියෝජනය කරමින් නිලධාරීන් 11 දෙනෙක් සහ සෙසුනිලයන් 114 දෙනෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 125 දෙනෙකුගෙන් සමන්විත වී ඇත. මෙම මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරි ලෙස විජයබාහු පාබල රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල් ඩී.කේ.ඩී. විතානගේ ආර්එස්පී කටයුතු කරයි.
විදේශ රැකියා ලබාදෙන බව පවසා ලක්ෂ 30ක මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අද (04) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට බාර වීමට පැමිණ තිබෙනවා. ඉකුත් 02 වැනි දා ඔවුන්ව ආගමන හා විගමන පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය කටයුතු කර තිබුණා.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිධුරයේ වැඩකටයුතු කිරීම වළක්වාලමින් කොළඹ මහාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යොමු කළ පැමිණිල්ලකට අදාළවයි.
ගාසා තීරයේ සංස්කෘතික උරුම ස්ථාන 200 කට වැඩි ප්‍රමාණයක්, ලේඛනාගාර, විශ්ව විද්‍යාල සහ කෞතුකාගාර යුද්ධය ආරම්භ වූ දා සිට සමඟ විනාශ වී ඇති බව වාර්තා වේ. ඊශ්‍රායල හමුදාව විසින් ඓතිහාසික කෞතුක වස්තු සොරාගෙන ගොස් එරට පාර්ලිමේන්තුවේ ප්‍රදර්ශනයට පවා තබා ඇතැයි අල් ජසීරා ප්‍රවෘත්ති සේවය වාර්තා කරන අතර ගාසා තීරයේ උරුමය මෙලෙස විනාශ කිරීම මගින් පලස්තීන ජනතාවට එම භූමිය පිළිබඳ අයිතිය සහ ඉතිහාසය අකාමකා දැමීමක් බවට මත පල වේ.
ජපානයේ හොන්ෂුහි නැගෙනහිර වෙරළ තීරයේ ප්‍රබල භුමිකම්පාවක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. යුරෝපිය මධ්‍ය ධරණි භූ කම්පන මධ්‍යස්ථානය පවසන ආකාරයට එම භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 6.3ක ප්‍රබලත්වයක් සහිත බව සඳහන්.
අවස්ථා රැසකදීම යුක්‍රේනයට යුධ ආධාර ලබාදුන් යුක්‍රේනයට ඩොලර් බිලියන 107ක යුධ ආධාර ලබාදීමට නැවත එම සංවිධානයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව නේටෝ සංවිධානයට අයත් සියලු රටවල් අද (04) රැස්වී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමට නියමිත බවයි වාර්තා වනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222