Author: Kesara Athipola
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ලබන මැයි මස මැද දී පැවැත්වීමේ විභාග කාලසටහන් මේ වන විටත් සකසා අවසන්ව ඇති අතර පවත්වන ලද අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල එම විභාගය පැවැත්වීමට පෙර මැයි මස මුල දී ලබා දීමට උපරිම උත්සාහයක් දරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජාතික විද්‍යා පදනම විසින් සංවිධානය කරන ලද ‘පර්යේෂණ උපාධි අධීක්ෂණය කිරීම’ සඳහා දායක වූ ශ්‍රී ලාංකීය පරියේෂණ උපාධි අධීක්ෂකයන් සම්මානයට පාත්‍ර කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයීය ශ්‍රවණාගාරයේ පැවති සම්මාන උළෙලට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. එසේ ම උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ගේ දීමනා වැඩි කිරීමට අදාළව පත් කරන ලද ඒකාබද්ධ කමිටුවේ…
පරිසර ගැටලු විසඳීමට ශ්‍රී ලංකා පොලීසිය සමඟ ඒකාබද්ධව නව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබේ. ඒ අනුව, එහි මූලික සාකච්ඡාව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති වෙනුර ප්‍රනාන්දු මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පී. බී. හේමන්ත ජයසිංහ මහතා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොලීසියේ සහ මධ්‍යම පරිසර අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ දී පසුගියදා (03) පැවැත්විණි. පාරිසරික ගැටලු කඩිනමින් විසඳීම සහ පරිසර හානි සිදු නොකිරීමට මහජනතාව පෙළඹවීම මගින් ශ්‍රී ලංකාවේ පාරිසරික සුරක්ෂිතභාවය තවදුරටත් තහවුරු කිරීම මෙම නව වැඩසටහනෙහි අරමුණයි. ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක පරිසරයට හානිකර කටයුත්තක් සිදුවන අවස්ථාවක මධ්‍යම පරිසර අධිකාරියට ශ්‍රී…
නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා පුද්ගලයන් වෙත නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා 2024.04.20 දින සිට 2024.05.20 දින දක්වා ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව , 1.මෙම පොදු සමා කාලය තුළ රපෝර්තු කරන අයවළුන් නීත්‍යානූකූලව සේවයෙන් ඉවත් කිරීමට කටයුතු සිදුකරන අතර, යම් අයකුගෙන් අයවිය යුතු මුදලක් ඇත්නම් නීත්‍යානුකූලව ඉවත් කිරීම සඳහා එම මුදල් ඔහු විසින් ගෙවීමට කටයුතු කළ යුතුය. 2. මෙම පොදු සමා කාලය 2024.04.02 දිනට පෙර සිට නිවාඩු නොමැතිව නොපැමිණ සිටින අයවළුන් සඳහා පමණක් අදාළ වේ. 3. නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින දැනට විදේශගතව සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙතද නැවත ඒකකය වෙත…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. වයඹ පළාතේත් මන්නාරම සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ. දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15…
කොළඹ සිට බදුල්ල දක්වා සුඛෝපභෝගී සංචාරක දුම්රියක් අද සිට ධාවනයට එක් කර තිබෙනවා. කොළඹ – බදුල්ල දුම්රිය මාර්ගය ඉදිකර සියවසක් පිරීම නිමිත්තෙන් මෙම විශේෂ දුම්රිය ධාවය කිරීමටයි කටයුතු කර ඇත්තේ. දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී එන්.ජේ ඉඳිපොලගේ මහතා සඳහන් කළේ, නව දුම්රිය දුන්හිඳ ඔඩිසි ලෙස නම් කර ඇති බවයි. මේ අතර, ඇල්ල දෙමෝදර හා බණ්ඩාරවෙල දුම්රිය ස්ථාන අතර තවත් සංචාරක දුම්රියක් අද සිට ධාවනයට එක් කරන බව ද ඔහු ප්‍රකාශ කළා.
ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර තවත් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. මෙම සාකච්ඡාව ඊයේ පස්වරුවේ කොළඹදී පවත්වා ඇති බව සඳහන්. එහිදී ඉදිරි දේශපාලන කටයුතු හා මැතිවරණ සම්බන්ධයෙන් කරුණු ගණනාවක් සාකච්ඡාවට ලක්කර තිබෙනවා. බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර මීට පෙර සාකච්ඡා දෙකක් පැවති අතර එහිදී ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡාවට ලක්කර තිබුණා.
එළඹෙන සිංහල අලුත් අවුරුදු නිවාඩු සමයේදී ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය සේවාවන් අඩුපාඩුවකින් තොරව රට තුළ පවත්වාගෙන යෑමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ. ඒ අනුව ඊට අදාළ රජයේ නිලධාරීන්ට සහ අමාත්‍යාංශ වෙත ජනාධිපතිවරයා මෙලෙස උපදෙස් දී ඇති බව සඳහන්.
බොට්ස්වානා රාජ්‍යයේ ජනාධිපති මොග්වීට්සි මසිසී විසින් ජර්මනියට ඇතුන් විසිදහසක් යවන බවට තර්ජනය කිරීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. බොට්ස්වානා ජනාධිපතිවරයා මේ තර්ජනය සිදු කර ඇත්තේ දඩයම් කරනු ලබන සත්වයන්ගේ සම් ඇතුළු කොටස් ආනයනය සීමා කළ යුතු බවට ජර්මනියේ පාරිසරික ඇමැති මේ වසරේ මුල් භාගයේදී සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් බව විදෙස් වාර්තා සඳහන් කරයි. අප්‍රිකානු ඇතුන්ගේ සම් සහ වෙනත් කොටස් ආනයනය කරන යුරෝපයේ විශාලතම රට වන ජර්මනිය එවැනි සීමාවක් පැනවීමෙන් තම රටෙහි ජනතාවට සාගින්නෙන් මිය යෑමට සිදුවනු ඇති බව බොට්ස්වානා ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වේ.
නැගෙනහිර කොළඹ මුලික රෝහලේ (මුල්ලේරියාව රෝහල) ඉදිකරන ලද දැඩිසත්කාර ඒකකයේ දෙවන අදියර සුව සේවා සත්කාර සඳහා එක් කිරීම ඊයේ (3) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. මෙම අදියරේ ඉදිකිරීම සඳහා මුල්‍යමය දායකත්වය ව්‍යාපාරික දානපති ජී.එස්.විජේසිංහ මහත්මිය දරනු ලැබු අතර ඒ සදහා වැය කෙරුණු මුදල රුපියල් මිලියන 20 කට අධිකය. මෙයට අමතරව දැඩි සත්කාර ඒකක සඳහා භාවිත කරන විශේෂ නවීන වෛද්‍ය උපකරණ තොගයක් ද එතුමිය විසින් රෝහලට භාර දීමට කටයුතු කෙරිණි. එම වෛද්‍ය උපකරණවල වටිනාකම රුපියල් මිලියන10 කට අධීක වේ. නව දැඩි සත්කාර ඒකකයේ ඇදන් ධාරිතාවය 5ක් වන අතර එක් දැඩිසත්කාර ඇදක් බෝවන රෝග වැනි රෝග…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222