Author: Kesara Athipola
බළලුන් 159 දෙනකු සහ සුනඛයන් 7 දෙනකු ඉතා අපිරිසුදු අයුරින්, හිංසා වන ආකාරයෙන් ඇති දැඩි කළ ප්‍රංශ ජාතික යුවළකට එරට අධිකරණයකින් වසරක අත්හිටවූ සිරදඬුවමක් නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එමෙන්ම ඔවුන් හට මින් ඉදිරියට සුරතල් සතුන් ඇති දැඩි කිරීම සම්පූර්ණයෙන් තහනම් කිරීමටත් පියවර ගෙන ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ. ප්‍රංශයේ ගිනිකොන දෙසින් පිහිටි නයිස් නුවර නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 68 හැවිරිදි කාන්තාවක සහ 52 හැවිරිදි පිරිමියකු මේ දඬුවමට ලක් වී ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ. මේ පිළිබඳව හදිසි විමර්ශනයක් කරන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ප්‍රකාශයට පත්කර ඇත. කෙසේ වෙතත් සයිබර් ප්‍රහාරයෙන් අමාත්‍යාංශ වෙබි අඩවියේ දත්තවලට හානියක් සිදුවී නොමැති බව මේ වනවිට කළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇති බවද සඳහන්.
වී කිලෝ ග්‍රෑම් ලක්ෂ 40ක්, වී අලෙවි මණ්ඩලය ඊයේ (04) වනවිට මිල දී ගෙන ඇති බව එම මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පවසයි. ඊයේ පස්වරුවේ වී අලෙවි මණ්ඩලය විසින් සිදු කරන වී මිල දී ගැනිම් පිළිබඳව ප්‍රගති සමාලෝචන රැස්වීමකදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මේ වනවිට වී අලෙවි මණ්ඩලය විසින් වී කිලෝග්‍රෑම් ලක්ෂ 40ක් මිල දී ගෙන ඇති බවත්, වී මිල දී ගැනීම සඳහා තවදුරටත් අවශ්‍ය තරම් මුල්‍ය ප්‍රතිපාදන ඇති බවයි. කෙසේ වුවද අද (05) සිට සිංහල අලුත් අවුරුදු උත්සවය අවසන් වන තෙක් වී මිල දී ගැනිම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව සඳහන් කළ සභාපතිවරයා අලුත් අවුරුදු නිවාඩුව…
ෆින්ලන්තයේ වැන්ටා නුවර වියටෝලා ප්‍රාථමික පාසලකදී පසුගියදා වෙඩි තැබීමක් සිදු වුනා. 12 හැවිරිදි සිසුවකු විසින් සම වයසේ පසුවන සිසුවකුට සහ සිසුවියන් දෙදෙනකුට මෙලෙස වෙඩි තැබූවේ නවක වදයට ලක්වීම හේතුවෙන් බව සැකකාර සිසුවා එරට පොලිසියට සඳහන් කර ඇත. සැකකාර සිසුවාගේ වෙඩි ප්‍රහාරයට ලක්ව රෝහල්ගත කළ සිසුවා පසුව ජීවිතක්ෂයට පත්වූ අතර, තුවාල ලැබු සිසුවියන් දෙදෙනා වැඩිදුරට ප්‍රතිකාර ලබමින් සිටින බව වැඩිදුරටත් විදෙස් වාර්තා සඳහන් කරයි.
වසර දහයකට පමණ පසුව බෝංචි කිලෝවක තොග මිල ඊයේ දින වනවිට රුපියල් 40ත් 50ත් අතර පහත වැටී ඇති බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙන්දෝ පවසනවා. පසුගිය දින කිහිපයේම දිනෙන් දින ආර්ථික මධ්‍යස්ථානයට එළවළු තොග ලැබීම වැඩිවීමත් නිසා එළවළු මිලදී ගැනීම සඳහා පැමිණෙන වෙළෙන්දන් අඩුවීම එළවළු මිල පහත වැටීමට හේතු වන බව සඳහන් වේ. කෙසේ වෙතත් ඊයේ දහවල් වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු කිලෝ ලක්ෂ දහයකට අධික ප්‍රමාණයක් ලැබුණු බව ආර්ථික මධ්‍යස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.
බන්ධනාගාර නියාමකවරයෙකු සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු, අයිස් මත්ද්‍රව්‍ය ළග තබාගැනීමේ වරදට වීරවිල තිස්සපුර හෝටලයක රැදී සිටියදී අත්අඩංගුවට ගත් බව වීරවිල පොලිසිය සඳහන් කරනවා. හෝටලයක් තුල මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදුවන බවට වීරවිල පොලිසියේ නිළධාරින් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව හෝටලය පරීක්ෂා කිරීමේදී එහි කාමරයක රැදී සිටි සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ළග තිබී අයිස් මත්ද්‍රව්‍ය සොයාගත් බව පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ දකුණු කොරියානු මහජන සමුහාණ්ඩුවේ, ජියොන්ග්සන්ග්බක්-ඩු (Gyeongsangbuk-du) ප්‍රාන්ත ආණ්ඩුකාර ලී චෙයොල් වූ මහතා (Lee CHeol Woo) අතර හමුවක් පසුගියදා ජියොන්ග්සන්ග්බක්-ඩූ ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවැත්විණි. අධ්‍යාපන හා උසස් අධ්‍යාපන, කෘෂිකාර්මික, ධීවර, කාන්තා හා ග්‍රාමීය සංවර්ධන කටයුතු වෙනුවෙන් විශාල ප්‍රතිලාභ රැසක් ලබාදීමට මෙහිදී එකඟ වූ අතර තවත් ව්‍යාපෘති රැසක් කෙරෙහි අවධානය යොමු කෙරිණි. පාසල් සඳහා සුහුරු පන්ති කාමර, උසස් අධ්‍යාපනය නොලබා පාසල් හැරයන්නන් සදහා වන වෘත්තීය පුහුණු ආයතන සඳහා තොරතුරු තාක්ෂණ උපකරණ, විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රවේශ අවස්ථා වැඩි කිරීම, ශිෂ්‍යත්ව අවස්ථා වැඩිකර රට තුළ නේවාසික වීමේ ඉඩකඩ ලබා දීම, සෞඛ්‍ය, ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ ආයෝජනය කිරීම, ධීවර ක්ෂේත්‍රයට නව තාක්ෂණය,…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222