Author: Kesara Athipola
පසුගිය කාලය තුළ ඇතැම් ආනයනික ආහාර ද්‍රව්‍යවලින් අයුතු ලෙස ආදායම් උපයා ඇති ව්‍යාපාරිකයින් සම්බන්ධව හෙළිදරව් වී ඇති බවත් එවැනි පුද්ගලයින්ට එරෙහිව නීතීමය පියවර ගත යුතු බවත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය විසින් 2024 වර්ෂය සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත පර්යේෂණ පත්‍රිකා හඳුන්වා දීමේ වැඩසටහනේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙම චෝදනාව එල්ල වී ඇති ව්‍යාපාරිකයින් මෙන්ම පාරිභෝගික සංවිධානවල නියෝජිතයින් සහ පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් එකම මත වේදිකාවකට කැඳවිය යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. දේශීය බිත්තර පිළිබඳවද අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ පසුගිය කාලය තුළ දේශීය බිත්තර නිෂ්පාදනය අවම…
කොළඹ – බදුල්ල දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් ආරම්භ කර ශත වර්ෂයක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ධාවනය ආරම්භ කෙරුණු “දුන්හිඳ ඔඩිසි සුඛෝපභෝගී සංචාරක දුම්රිය” ගමන් ආරම්භ කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) සිදු විය. කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී සිදුකෙරුණු සර්වාගමික වතාවත් සහ ආශිර්වාද කිරීම් වලින් අනතුරුව පෙරවරු හයයි තිහට ගමන් ආරම්භ කෙරුණු දුම්රිය බදුල්ල දක්වා ධාවනය කිරීමට නියමිත අතර ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් ආරම්භ කරන සංචාරකයින් ඉලක්ක කරගත් තෙවන සුඛෝපභෝගී ඔඩිසි දුම්රිය වන්නේ දුන්හිඳ ඔඩිසි දුම්රියයි. ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශ ලේකම් රංජිත් ගංගානත් රූබසිංහ මහතා, දුම්රිය සාමාන්‍යාධිකාරී එච්. එම්. කේ ඩබ්.බණ්ඩාර මහතා, ඇතුළු ප්‍රවාහන…
සිංහල හා හින්දු අලුත් අවුරුදු මංගල්‍යයේ සුවිශේෂී නැකැත් චාරිත්‍රයක් වන හිසතෙල් ගෑමේ ජාතික උත්සවය අප්‍රේල් 15 වන දා පෙරවරු 10.17 ට වත්තල, හැඳළ පුරාණ රජමහා විහාරයේදී පැවැත්වෙන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පැවසීය. එසේම සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයේ අවසන් නැකැත් චාරිත්‍රය වන පැළ සිටුවීම අප්‍රේල් 18 වනදාට යෙදී ඇති බවත් එය දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් ‘මුරුංගා දිනය’ ලෙස නම් කර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (04) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහෙත් තවමත් රටේ ආර්ථිකය පවතින්නේ ඒදණ්ඩක් මත බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රජයේ වැඩපිළිවෙළ සමඟ ජයග්‍රහණය තෙක් ඉදිරියට යනවාද, නැත්නම් එම වැඩපිළිවෙළෙන් ඉවත්ව රට නැවත ප්‍රපාතයට ඇද දමනවාද යන්න ජනතාව තීරණය කළ යුතු බවද සඳහන් කළේය. 2022 වසර හා සැසඳීමේදී 2023 වසරේ රජයේ ආදායම 50%කට වඩා ඉහළ නංවා ගැනීමට හැකිවී තිබෙන බවත්, ඒ සමගම ජනතාවට ද ප්‍රතිලාභ රැසක් ලබා දී තිබෙන බවත් සිහිපත් කළ ජනාධිපතිවරයා ශක්තිමත් ආර්ථිකයක් සමඟ විශ්වාසයෙන් යුතුව ඉදිරියට යා හැකි පසුබිමක් රට තුළ නිර්මාණය වී තිබෙන බවද පෙන්වා දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ මධ්‍යස්ථානය (රත්නපුර මැණික් කුළුන) විවෘත…
වර්තමාන ආණ්ඩුවෙන් ස්වාධිනව කටයුතු කරන මන්ත්‍රීවරුන් පිරිසක් සමග සමගි ජනබලවේගය අද ගිවිසුමකට එළඹුනා. සමගි ජන සන්ධානය ලෙසින් එළිදැක්වුණු නව සන්ධානයට අදාළ අවබෝධතා ගිවිසුමක් ද මෙහිදි අත්සන් කිරීමටයි කටයුතු කරනු ලැබුවේ. එහිදි සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පක්ස මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර සහ නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ගිවිසුම අත්සන් කර තිබෙනවා. මහාචාර්ය ජී.එල්. පීරිස්, ආචාර්්‍ය නාලක ගොඩහේවා, ඩිලාන් පෙරේරා, වසන්ත යාපා බණ්ඩාර, වෛද්‍ය උපුල් ගලප්පත්ති සහ කේ.පී. එස්. කුමාරසිරි යන මන්ත්‍රීවරුන් මෙහිදි සමගි ජන සන්ධානයට එක්වීමට කටයුතු කළා.
රුසියානු යුද ගැටුම් සමථයකට පත් කිරීමේ මැදිහත්කරුවකු වීම සඳහා ඉන්දියාවේ සහාය ලබාගැනීම අරමුණු කරමින් යුක්රේන විදේශ ඇමැති දිමිත්‍රෝ කුලේබා ඉන්දියාවේ දෙදින සංචාරයක නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. යුක්රේන විදේශ ඇමැතිවරයා ගෝලීය සහ කලාපීය ගැටලු ඇතුළු කරුණු රැසක් ද ඉන්දීය විදේශ ඇමැති එස්.ජයිශංකර් සමඟ සාකච්ඡා කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222