Author: Kesara Athipola

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී. දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේ දී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතී. අද (06) දහවල් 12:12 ට ලෙල්ලෝපිටිය, බලංගොඩ, බුලත්සිංහල,…

තව කියවන්​න

ප්‍රංශ රජයේ මූල්‍ය අනුග්‍රහය යටතේ රුපියල් මිලියන 650ක වියදමින් පොලොන්නරුව මනම්පිටියේ ඉදිකළ පුලතිසි නැවුම් එලකිරි නිෂ්පාදන කර්මාන්ත ශාලාව විවෘත කෙරේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් දිස්ත්‍රික් මට්ටමින් කිරි සැකසුම් මධ්‍යස්ථාන ඉදි කිරීමේ වැඩ සටහන යටතේ මෙම කර්මාන්ත ශාලාව ඉදි කරනු ලැබීය. ඒ අනුව ප්‍රාදේශීය කිරි සැකසුම් මධ්‍යස්ථාන 06ක් ඉදි කිරීමට කටයුතු යොදා ඇති අතර ඉන් තුන්වැන්න ඊයේ(05) විවෘත කරනු ලැබීය. තමන්කඩුව ප්‍රදේශයේ කිරි ගොවීන් 8000කගේ සාමාජිකත්වයෙන් ක්‍රියාත්මක කිරි ගොවි සමූපකාර සමිතිය විසින් මෙම කර්මාන්ත ශාලාවේ කටයුතු පවත්වාගෙන යයි. මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 650කි. මෙම අවස්ථාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර , රාජ්‍ය අමාත්‍යවරුන්…

තව කියවන්​න

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නීතීඥවරයා ඇප මත මුදාහැරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා. රුපියල් ලක්ෂ 5 ක පුද්ගලික ඇපයක් මතයි ඔහුව නිදහස් කිරීමට කටයුතු කර ඇත්තේ. එමෙන්ම සෑම මසකම පළමුවන සදුදා ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ටාර්වරයා හමුවේ පෙනී සිටින ලෙසද නියෝග කර තිබෙනවා.

තව කියවන්​න

වලංගු බලපත්‍ර නොමැතිව අලෙවි කිරීම සඳහා සූදානම් කල වේදනා නාශක ඖෂධ පෙති 5033ක තොගයක් ළඟ තබා ගෙන සිටි සැකකරුවෙක්ව අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව කල්මුණේ ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 63 ක් වන කල්මුණේ, මරදමුනෙයි 6 ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගෙන ඇත.

තව කියවන්​න

2023 මහ කන්නයේ දී ලබා ගත් වී අස්වැන්නෙහි අග්‍ර කොටස උතුම් ජය ශ්‍රී මහා බෝ සමිදුන්ට පූජා කිරීම සඳහා පැවැත්වෙන ජාතික අලුත් සහල් මංගල්‍යය 57 වැනි වරටත් හෙට (06) පැවැත්වීමට නියමිතය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී ජාතික අලුත් සහල් මංගල්‍යය පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

තව කියවන්​න

විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වසම් වල ඉඩම් හිමි ජනතාවට නීත්‍යානුකූල බලපත්‍ර බෙදා දීමේ උත්සවයක් ඊයේ (04) ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. කිසිදු නීත්‍යානුකූල ලියවිල්ලක් නොතිබූ මෙම ජනතාවට තාවකාලික පදනමින් මෙම බලපත්‍රය ලබාදුන් අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ‘උරුමය’ ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහනේදී ඉදිරියේදී මෙම ජනතාවට ඉඩමේ හිමිකම සහිත ඔප්පුවක් ලබාදීමට කටයුතු කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා මෙහිදී අවධාරණය කෙරීය.

තව කියවන්​න

වාහන ආනයන කටයුතු සඳහා සීමා පනවා තිබිය දී ක්ෂේත්‍රයේ අවශ්‍යතාව මත සංචාරක ක්ෂේත්‍රයට අදාළ වාහන 1000 ක් ගෙන්වීම සඳහා පමණක් අවසර දී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වෑන් රථ 750ක් සහ බස් රථ 250ක් ගෙන්වීමට අවසර හිමිව ඇති බවයි. ඒවා ගෙන්වීම සඳහා සංචාරක අමාත්‍යාංශය මගින් අවසර ගත යුතු අතර ඒ අනුව ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුව ඊට අනුමැතිය ලබා දෙන බවයි අමාත්‍යවරයා පැවසුවේ. ලොව පිලිගත් ක්‍රමවේදයන්ට අනුව වසර 6 කට වඩා පැරැණි රථ වාහන සංචාරකයන් ප්‍රවාහනය සඳහා යොදා නොගන්නා බවත් ඩොලර් සංචිතය වෙත අවම බලපෑමක් වන පරිදි මෙලෙස ආනයනය කිරීමට අවසර හිමි වන්නේ…

තව කියවන්​න