- කුවේට් අගමැති හා ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක්
- සියලුම රාජ්‍ය ආයතනවලට අභ්‍යන්තර කටයුතු ඒකකයක්
- වැඩිම සුනඛ සපාකෑම් ගම්පහෙන්
- අදත් ප්‍රදේශ රැසකට වියළි කාලගුණ තත්ත්වයක්
- ගනේමුල්ලේ සංජීවගේ ඝාතනය සිද්ධියට අනුබල දුන් කාන්තාව සෙවීමට මහජන සහය පතයි
- ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ලාංකික පාතාල සාමාජිකයින් දිවයිනට රැගෙන එයි
- විදේශිකයින් රැගත් ත්‍රීරෝද රථයක් අනතුරට
- ප්‍රවීණ ගායන ශිල්පිනි අමිතා වැදිසිංහ අභාවප්‍රාප්ත වෙයි
Author: Kesara Athipola
රට තුළ නව ආර්ථිකයක් නිර්මාණය කරන්නේ තරුණ පරපුර ඉල්ලා සිටින වෙනස ලබා දෙමින් රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙන යාමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එම නව ආර්ථිකය ඇති කිරීමට අදාළ මුලික නීති ලබන මැයි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජුනි මාසයේදී සම්මත කර ගන්නා බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (07) මහනුවර ජනාධිපති මන්දිරයේ පැවැති“ මගෙන් පටන්ගමු මහනුවර දිස්ත්‍රික් තරුණ සමුළුව“ අමතමිනි.
ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය මාර්ගය කරගත්තද නව තාක්ෂණයත් සමග මුසුව නව ලෝකයේ ඉල්ලුමට සැපයුම ලබා දිමේ අරමුණින් ගොවිතැන අතරතුරම ඖෂධීය ගුණයෙන් යුතු දෑ වියලා කුඩු වශයෙන් අලෙවි කරන ව්‍යවසායකයෙක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් වාර්ත වෙයි. මේ සඳහා වෙළපොළේ හොඳ ඉල්ලුමක් පවතින අතර දේශිය ඉල්ලුමට වඩා විදේශිය ඉල්ලුම ඉහල වන බැවින් ව්‍යාපාරය ආරම්භ කර මාසයක් යෑමටත් මත්තෙන් ඔහුට විදේශ රටවලින් ඉල්ලුම් ලැබි ඇත. ඒ සදහා අවශ්‍ය නියදියන් මේ වන විටත් අදාළ රටවලට යොමුකර අවසන්. මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාලුවැව, සීප්පුකුලම ප්‍රාදේශයේ පදිංචි මදුශංක සම්පත් ධර්මසිරි මහතා මෙම ව්‍යාපාර දැනට මාස තුනකට පෙර සිට සිදු කරයි. මානෙල් මල් හා මුරුංගා කොල…
ඉකුත් වසර අවසන් වන විට, චීනයේ විදේශ විනිමය සංචිතය ඇ.ඩොලර් ට්‍රිලියන 3.2 ඉක්මවූ බව චීන ජාතික විදේශ විනිමය පරිපාලනය සඳහන් කරනවා. පසුගියදා නිකුත් කෙරුණු “2023 – චීනයේ ගෙවුම් ශේෂ වාර්තාවේ” මේ බව සඳහන් වන අතර රටේ ජාත්‍යන්තර ගෙවුම් ශේෂය ද සාමාන්‍යයෙන් ස්ථාවර මට්ටමක පවතින බව ද එහි දක්වා තිබේ.
කොම්පඤ්ඥවීදිය, විනිසුරු අක්බාර් මාවත හා උත්තරානන්ද මාවත සම්බන්ධ කරමින් දුම්රිය මාර්ගයට ඉහළින් ඉදිකරන ලද ගුවන් පාලම අද (08) ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජනතා අයිතියට පත් කෙරිණි. මෙම ව්‍යාපෘතියේ අනෙකුත් ඉදිකිරීම් කටයුතු නුදුරේදී අවසන් කිරීමට නියමිත වේ. මෙම සමස්ත ව්‍යාපෘතිය වෙනුවෙන් ඇස්තමේන්තුගත මුදල රුපියල් 5,278,081,272.43ක් බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාව අප්‍රේල් 22 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කෙරීය. එම අවස්ථාවේදී 1, 2, 3, 4, 6, 7 සහ 8 සැකකරුවන් එහිදී නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කළ බවත් 5 වැනි සැකකරුව ඇප මත මුදාහැරී බවත් සඳහන්.
තත්වයෙන් බාල ඖෂධ ගෙන්වීම හේතුවෙන් රට තුල සිදු වූ මිනිස් ජිවිත හානි වලට සාධාරණයක් ලැබෙනු ඇති බවට තමන් විශ්වාස කරන බව විශේෂඥ වෛද්‍ය චමිල් සංජීව මහතා පවසනවා. ඒ මහතා මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතා හිසරදයක් වී ඇති බව සමගි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා. කුමන පුද්ගලයෙකු පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරණයට තරග කළද ඒ කිසිවෙකුටත් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ නොහැකි බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම මන්ත්‍රීවරුන් සහය ලබාදෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා පවසනවා. මේ අනුව ඉදිරියේදී මැතිවරණය සදහා ජනාධිපතිවරයා සන්ධානයකින් තරග කරන බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ජනරැළියකට එක්වෙමින් කියා සිටියේ පොදුජන පෙරමුණ මේ වන විට බෙදීමකට ලක්ව ඇති බවයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222