Author: Kesara Athipola

ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවයට අද ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබෙනවා. ඒ සරත් ගනේගොඩගේ ප්‍රධානත්වයෙන් බවයි සඳහන් වන්නේ. නව අධ්‍යක්ෂ මණ්ඩලය සදහන් පුද්ගලයින් 08 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඇතුලත් වනවා

තව කියවන්​න

දිවයිනේ ඇතැම් දිස්ත්‍රික්කවලට අද දිනය තුලත් මි.මී. 100 ඉක්මවූ තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.එමෙන්ම උතුරු පළාතේ උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවලසවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය…

තව කියවන්​න

අද දිනට යෙදෙන යුද හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව නිලධාරීන් 139 දෙනෙකුට සහ සෙසුනිලයන් 1,273 දෙනෙකුට නිල උසස්වීම් ලබාදී තිබේබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදාව සඳහන් කර ඇත්තේ, ආරක්ෂක අමාත්‍යාංශයේ සහ යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතාගේ නිර්දේශය හා සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අනුමැතිය මත එම උසස්වීම් ලබාදුන් බවයි. ඒ අනුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවන්හි ලුතිනන් නිලයේ නිලධාරීන් සහ උපකරණ පාලක නිලධාරීන් 131 දෙනෙකු කපිතන් නිලයටත්, දෙවන ලුතිනන් නිලයේ නිලධාරීන් 08 දෙනෙකු ලුතිනන් නිලයටත් උසස්වීම් ලබා තිබෙනවා.

තව කියවන්​න

කොළඹ කොටස් වෙළඳපොළ ඊයේ දිනයේදී ඉහළ යාමක් දක්නට ලැබුණා. සියලු කොටස් මිල දර්ශකය ඒකක 6.46කින් ඉහළ ගොස් සටහන් වූයේ ඒකක 12,171.10ක් ලෙසයි. එස් ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 4.93කින් ඉහළ ගොස් ඒකක 3595 .73ක් ලෙස දැක්වුණා. දිනයේ සමස්ත වෙළඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 1.39ක් වනවා

තව කියවන්​න

හික්කඩුව වෙරළ තීරයේ දියනාමින් සිටි විදෙස් ජාතිකයින් දෙනෙකු දියවැලකට හසුව ගසාගෙන යමින් සිටිය දී බේරාගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ, හික්කඩුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී අනතුරට පත් දෙදෙනාගේ දිවි බේරාගෙන ගොඩබිමට ගෙනැවිත් ඇති බවයි එලෙස අනතුරට පත්ව ඇත්තේ 20 හැවිරිදි සහ 30 හැවිරිදි අමෙරිකානු සහ ස්විස්ටර්ලන්ත ජාතිකයෙකු වනවා.

තව කියවන්​න

ක්‍රීඩිකාවන් අතර තරගය අද ඩුබාහිහිදී පැවැත්වෙනවා. ඒ මෙරට වේලාවෙන් අද රාත්‍රී 7.30 යි පළමු තරග දෙකෙන් අහිමිරි පරාජයන්වලට මුහුණු දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මෙම තරගයට පිවිසෙන්නේ මෙවර ලෝක කුසලානයේ සිය පළමු ජය සෙවීමේ අරමුණ ඇතිවයි ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මෙම තරගය සහ නවසීලන්තය සමග පැවැත්වෙන තරගයේ ජය තීරණාත්මක වන්නේ මීළඟ කාන්තා පන්දුවාර 20 ලෝක කුසලානයට සෘජුවම සුදුසුකම් ලබා ගැනීමටයි.

තව කියවන්​න

ඇල්පිටිය පොලිස් වසමේ ඇල්පිටිය මහජන ක්‍රීඩාංගණය ආසන්නයේ අතුරු මාර්ගයක් අසල ඇති ළිඳක් තුළ තිබී තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 23ක් වූ වැයිහේන, මත්තක ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මියගිය තරුණයා ඊට පෙරදින ඇල්පිටිය මහජන ක්‍රීඩාංගණයේ පැවති සංගීත ප්‍රසංගයක් නැරඹීම සඳහා ගොස් ඇතැයි අනාවරණය වී තිබෙනවා . ඇල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

තව කියවන්​න

බංග්ලාදේශයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. උතුරු දිග බංග්ලාදේශයට අයහපත් කාලගුණයෙන් වැඩිම බලපෑම් එල්ල වී ඇති අතර ලක්ෂයකට අධික පිරිසක් ඉන් පීඩාවට පත්ව ඇති බව එරට බලධාරීන් සඳහන් කරනවා . අධික වර්ෂාපතනයත් සමඟ ගංවතුර තත්ත්වයක් ද හටගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ . ප්‍රධාන ගංගා රැසක් පිටාර ගැලීමත් සමඟ ප්‍රදේශ රැසක් තවමත් ජලයෙන් යටව ඇති බව වාර්තා වෙනවා . ගංවතුරෙන් කුඹුරු හා සත්ත්ව ගොවිපළවලට ද හානි සිදුව තිබෙනවා. ගංවතුරට මැදිව සිටින ජනතාව බේරා ගැනීම සඳහා සහන කණ්ඩායම් යුහුසුළුව ක්‍රියාත්මක බවයි බංග්ලාදේශ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ. වාර්ෂිකව බංග්ලාදේශයේ මිලියන 3යි දශම 5ක පමණ පිරිසක් ගංවතුර…

තව කියවන්​න

2023 වර්ෂයට අදාළව වෛද්‍ය සැපයුම් අංශය සිදුකළ එන්නත් මිලදී ගැනීමකදී රජයට රුපියල් මිලියන 97ක පාඩුවක් සිදුව ඇති බවට නීතිපතිවරයා ඊයේ මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කලා. ඒ අනුව, මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අල්ලස් කොමිසමට නියෝග කළේ, පැමිණිල්ලට අදාළව ඉදිරි පියවර ගන්නා ලෙසයි. ප්‍රශ්නගත හියුමන් එන්නත් මිලදී ගැනීමේදී වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයාව සිටි කපිල වික්‍රමනායක මහතාගේ පාලන සමයේ සිදුවූ තවත් වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කලා එම කොට්ඨාසය වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මීණී ගිරිහාගම මෙනෙවිය සඳහන් කළේ, ”ලැක්ටියුලෝස්” නම් ඖෂධය මිලදී ගැනීමේදී මෙම වංචාව සිදුව ඇති බවයි. කරුණු සලකා බැලූ මාලිගාකන්ද…

තව කියවන්​න

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, අද සිට ලබන 15 වැනිදා දක්වා වූ කාලය තුළදී මෙලෙස උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කෙරෙන බවයි. ඒ අනුව, අදාළ කාල සීමාව තුළදී දුම්රිය ධාවන වන්නේ කොළඹ – කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා පමණක් බවයි සඳහන් වන්නේ. ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතියක් හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනය සීමා කරන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

තව කියවන්​න