Author: Kesara Athipola

ශ්‍රීපාද සමනල අඩවියේ පැතිර යමින් පවතින කොයිනිජියා මොලිස් විද්‍යාත්මක (Koenigia Mollis) නමින් හැඳින්වෙන ආක්‍රමණශීලී ශාකය, පැතිරීම පාලනය කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විශේෂ සාකච්ඡාවක් වාරිමාර්ග අමාත්‍යාංශයේ දී පැවැත්විණි. අදාළ ශාකය හේතුවෙන් ජෛව විවිධත්වයට ඇතිකරන බලපෑම සහ එම ශාකය ඉවත් කිරීම සඳහා විද්‍යාත්මක මෙන්ම තාක්ෂණික ක්‍රමවේදයන් හඳුනා ගැනීමට පියවර ගන්නා ලෙස මෙහිදී උපදෙස් දුන් අමාත්‍යවරිය ඒ සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් ලබා දෙන ලෙසට ද වනජීවි සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්වරුන්ට නියම කළාය. අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පෙන්වා දුන්නේ මෙම ශාකය ක්‍රමිකව ඉවත් කිරීම සඳහා යුනෙස්කෝ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතයින්,…

තව කියවන්​න

දකුණු ගාසා තීරයේ මෙහෙ­යු­ම්වල නිර­තව සිටින යුද හමු­දාව අවම කරන බව ඊශ්‍රා­ය­ලය ප්‍රකාශ කර තිබේ. එම ප්‍රකාශයත් සමඟ අව­තැන් වී සිටි පල­ස්තීන ජන­තාව නැවත එම පළාතේ පිහිටි ඛාන් යූනිස් නුවර බලා පැමි­ණෙ­මින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනා­ගත යුද සැල­සුම් සඳහා සූදා­නම් වීමට දකුණු ගාසා තීර­යෙන් සිය හමු­දාව ඉවත් කර­මින් සිටින බවට ඊශ්‍රා­යල ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය ප්‍රකාශ කළ ද, ඊශ්‍රා­ය­ලය එවැනි පිය­ව­රක් ගෙන ඇත්තේ ජාත්‍ය­න්තර බල­පෑම් වර්ධ­නය වීම හේතු­වෙන් බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

තව කියවන්​න

ගම්පහ ප්‍රසිද්ධ බාලක පාස­ලක පැවැති ක්‍රීඩා උත්ස­ව­යක දී පොලිස් ශිෂ්‍ය භට­ කණ්ඩායමක් පොලිස් විශේෂ කාර්ය බළ­කායේ කැලෑ නිල ඇඳු­මට සමාන ඇඳු­මින් සැරසී අවි සංද­ර්ශ­න­යක නිරත වී ඇති පුවතක් පසුගියදා වාර්තා විය. කෙසේවෙතත් මෙම සිදුවීම සිදුව ඇත්තේ එම ශිෂ්‍ය භට­යන් අධී­ක්ෂ­ණ­යට පත්කර සිටින පොලිස් නිල­ධා­රීන්ගේ අනු­දැ­නුම මත දැයි සොයා විම­ර්ශ­න­යක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක නියෝජ්‍ය පොලි­ස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳ­හන් කර තිබේ.

තව කියවන්​න

නාවලපිටිය දොලොස්බාගේ සිට නාවලපිටිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක් මාර්ගය අසල පිහිටි කන්දක ගැටිමෙන් එම බස් රථයේ ගමන් ගත් පාසල් ළමුන් තිදෙනෙකු, මගින් පස්දෙනෙකු සහ බස් රථයේ රියදුරා තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසීය. මෙම අනතුර සිදු වි ඇත්තේ අද දින උදැසන 6.45 ට පමණ නාවලපිටිය දොලොස්බාගේ ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය උඩුවැල්ල ප්‍රදේශයේදිය. බස් රථය අනතුරට පත් වු ස්ථානයේ මාර්ගයේ අනෙක් පස මිටර් 300 ක පමණ අධික ප්‍රපාතයක් සහිත ප්‍රපාතයක් පිහිටා ඇති බවත්, බස් රථයේ රියදුරා බස් රථය ප්‍රපාතයට පෙරළීම නවතා සිදු වීමට ගිය විශාල අනතුරක් වලක්වාගෙන ඇති බවයි පොලිසිය කියා සිටියේ.…

තව කියවන්​න

බන්ධනාගාරගත රැඳවියන්ට අමුත්තන් පෙන්වීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක බව වාර්තා වේ. ඒ රාමසාන් උත්සවය සහ සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් බවයි බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී.දිසානායක මහතා පැවසුවේ. ඒ අනුව ලබන 11,12, සහ 13 යන දිනවල මෙම වැඩසටහන ක්‍රියාත්මක බව ඔහු සඳහන් කළා. ‍රැඳවියන්ගේ ඥාතින්ට නිවසින් රැගෙන එන ආහාර, රස කැවිලි, සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් අයෙකුට සරිලන ප්‍රමාණයක් පමණක්, පවතින නීතිරීති හා නියමිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ දීමට සියලුම බන්ධනාගාර ආයතන කටයුතු සලසා ඇති බවද සඳහන්.

තව කියවන්​න