Author: Kesara Athipola

රත්නපුර – කොළඹ මාර්ගයේ මාදම්පේ ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් ධාවනය අතරතුරදී අද උදෑසන ගිනි ගෙන තිබෙනවා. අද උදෑසන 07.30ට පමණ මෙලෙස ගිනි ගැනීමකට ලක්ව ඇත්තේ ඇඹිලිපිටිය සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක්. කෙසේ නමුත් ගිනි ගැනීම හේතුවෙන් කිසිකුටත් ජීවිත හානි හෝ බරපතළ හානි සිදුවී නොමැති බවයි සදහන් වන්නේ. ගින්න මේ වනවිට මැඩපවත්වා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ.

තව කියවන්​න

උතුරු කොරියාව විසින් දකුණු කොරියාවට ගමන් ගන්නා සියලු මාර්ග වසා දමා තිබෙනවා. උතුරු කොරියාව ඊයේ සිට දකුණු කොරියාවට ගමන් ගන්නා මහාමාර්ග හා දුම්රිය මාර්ග සියල්ල මෙසේ වසා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ඒ දෙරට අතර සම්බන්දතා සම්පූර්ණයෙන්ම නවතා දැමීමේ අරමුණින්. කොරියානු මහජන හමුදාව පවසන්නේ මෙය යුද්ධයක් ඇති වීම වැලැක්වීම සඳහා ගත් ස්වයං ආරක්ෂක පියවරක් බවයි. දකුණු කොරියාව ඇමරිකාව සමග යුද අභ්‍යාසවලට එක්වීමද මෙවැනි තීරණයක් ගැනීමට හේතු වී ඇතැයි විදෙස් වාර්තා සදහන් කරනවා. දකුණු කොරියාවට දිවෙන මහා මාර්ග හා දුම්රිය මාර්ග කලාතුරකින් භාවිතා වන අතර පසුගිය වසර පුරා උතුරු කොරියානු බලධාරීන් එම මාර්ග කඩා ඉවත් කර තිබෙනවා. උතුරු කොරියානු නායක…

තව කියවන්​න

එක්සත් ජනපද පැසිෆික් බලඇණියේ අණදෙන නිලධාරි අද්මිරාල් ස්ටීව් කේලර්, අද දිවයිනට පැමිණෙනවා. ඔහු 2021 වසරෙන් පසු ශ්‍ර ී ලංකාවට පැමිණෙන ඉහලම මට්ටමේ එරට හමුදා නිලදාරියායි. මෙම සංචාරයේදී අද්මිරාල් කේලර් සවිමත්, තිරසාර, නිදහස් සහ විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා, එක්සත් ජනපදය සහ ශ්‍ර ී ලංකාව අතර පවතින ශක්තිමත් සහයෝගිතාවය යළි තහවුරු කරනු ඇති බව එක්සත් ජනපද තානාපති කාර්යාලය පැවසුවා. ඉන්දු පැසිෆික් කලාපයේ සාමය සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීමේ ප්‍රධාන හවුල්කරුවෙකු වන ශ්‍ර ී ලංකාව සමඟ ආරක්ෂක සබඳතා ශක්තිමත් කිරීම සඳහා එක්සත් ජනපදයේ ඇති, දැඩි කැපවීම මෙම සංචාරය මගින් අවධාරණය කරන බවද ඔවුන් නිකුත් කළ නිවේදනයක සදහන්. මේ අතර, ත්‍ර ිවිධ හමුද සාමාජිකයන්ට…

තව කියවන්​න

කාන්තා 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ ශ්‍රි ලංකා කණ්ඩායම සහභාගී වූ තුන්වැනි තරගයත් ඉන්දියාව හමුවේ ඊයේ පරාජයට පත්වුනා. තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දිය කණ්ඩායමේ නායිකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ඉන්දීය කණ්ඩායම ලකුණු 172ක් රැස් කිරිමතක්යි සමත් වුනේ. එම ලකුණු සංඛ්‍යාව වාර්තා අතරට එක්වුණේ මෙවර කාන්තා 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි. තරගය ජයගැනීම සඳහා ලකුණු 173ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාවට පන්දුවාර 19යි පන්දු 5ක් තුළ සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 90ක් පමණි. ඒ අනුව ඉන්දියාව කණ්ඩායම ලකුණු 82…

තව කියවන්​න

ශක්තිමක් විපක්ෂයක අවශ්‍යතාව රට තුළ පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක මහතා පවසනවා. කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගිම සිය අපේක්ෂාව බවයි. ජනතාව මහ මැතිවරණයේදී විපක්ෂය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ඇති බවයි දුමින්ද දිසානායක මහතා සඳහන් කළේ.

තව කියවන්​න

ජාතික ජන බලවේගයේ රජයක් තුළ නිසැක වශයෙන්ම දුෂිතයින්ට දඩුවම් ලබා දෙන බව එහි විධායක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වසන්ත සමරසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා. ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සදහා අවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීමට රජය මැදිහත් වී කටයුතු කරන බවයි වසන්ත සමරසිංහ මහතා සදහන් කළේ.

තව කියවන්​න

ශ්‍රි ලංකාවේ වතිකාන තානාපති අති උතුම් බ්‍රයන් උඩෙයිග්වේ හිමිපාණන් ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. ඒ අනුව, නව ජනාධිපතිවරයාට සිය සුභපැතුම් එක්කල වතිකාන තනාපතිවරයා, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සුභපැතුම් ද ජනාධිපතිවරයා වෙත එක්කළා. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ද වතිකාන තානාපතිවරයා මෙහිදී කණගාටුව පළ කර තිබෙනවා. ඒ පිළිබද විනිවිදභාවයෙන් සහ විශ්වාසනීයත්වයෙන් යුතුව පරීක්ෂණ පැවැත්වීම සදහා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මුලපිරීමද මෙහිදී වතිකාන තානාපතිවරයා පැසසුමට ලක් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ. එමෙන්ම වින්දිතයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට යුක්තිය හා සාධාරණය ඉටු කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා ගෙන යන උත්සහයට වතිකානයේ පූර්ණ සහය ලබාදෙන බවට ද ශ්‍රි ලංකාවේ වතිකාන…

තව කියවන්​න

එළඹෙන මහ මැතිවරණයේදී සර්ව ජන බලය පක්ෂයට සහය ලබා දෙන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. සර්ව ජන බලය පක්ෂ මුලස්ථානයේදී මාධ්‍යට අදහස් දක්වමින් මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළා. මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුත්‍රයා වන දහම් සිරිසේන මහතා සර්ව ජන බලය පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නායකයා ලෙස ද කටයුතු කරනවා. ඒ අනුව ඔහුට සහ සර්ව ජන බලවේගයට සිය පුර්ණ සහය ලබා දෙන බවයි මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේ.

තව කියවන්​න

පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද මධ්‍යම රාත්‍රි 12 න් අවසන් වන බව මැතිවරණ කොමිසම පවසනවා. මහ මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම පසුගිය පළමු වනදා සිට 08 වනදා දක්වා සිදු කෙරුණා. කෙසේවෙතත් මැතිවරණය කොමිසම විසින් අදාළ කාලය අද මධ්‍යම රාත්‍රි 12 දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබුණා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ මෙතෙක් තැපැල් ඡන්ද අයදුම්පත් භාර නොදුන් රාජ්‍ය සේවකයින් ඔවුන් රාජකාරී සිදුකරන ආයතන ප්‍රධානියා මගින් සහතික කළ අයදුම්පත් නිවස පිහිටි දිස්ත්‍රික්කයේ තේරීම්භාර නිලධාරියා වෙත අද දිනය තුළ ලබා දිය යුතු බවයි.

තව කියවන්​න

මිල්ටන් සුළි කුණාටුව ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයට කඩා වැදී තිබෙනවා. මේ වන විටත් එම ප්‍රාන්තයේ නගර රැසකට තද සුළං සහ වැසි පවතින බවයි විදෙස් වාර්තා සදහන් කළේ. සුළි කුණාටුවේ පෙර සූදාමකින් සිටි ෆ්ලොරීඩා බලධාරීන් දහස් සංඛ්‍යාත ජනතාවට නිවාසවලින් ඉවත් කර ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබුණා.

තව කියවන්​න