- කොළඹ දිස්ත්‍රික්කයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මෙම මස 09 වැනිදා
- ශ්‍රී පාද වන්දනාවේ පැමිණි බැතිමතෙකු මියයයි
- දුම්රිය කිහිපයක ආසන වෙන් කිරීමේ පහසුකම ඉවතට
- වෛද්‍යවරුන් රට හැර යාමේ අවධානමක්
- මහින්ද රාජපක්ශ සහ ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්
- ජනාධිපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් අතර හමුවක්
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට
- කොළඹ ලෝටස් පාර වැසෙයි
Author: Kesara Athipola
පාස්කු ප්‍රහාරය පිළිබඳව දැනට ප්‍රසිද්ධ කර නොමැති ජනාධිපති විමර්ශන වාර්තා දෙක ඉදිරි සතිය තුළ ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධියට පත් නොකරන්නේ නම් තමන් ඒවා ප්‍රසිද්ධ කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළා. ඊයේ දිනයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින්ඔ ඔහු සඳහන් කළේ, එම වාර්තා අස්ථානගතවීමට ලක්ව හෝ පිටු ගැලවීමකට ලක්වී ඇති බවට පලවන වාර්තා අසත්‍ය බවයි. චැනල් 4 නාලිකාව සිදුකළ වාර්තා වැඩසටහන සහ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි අංශවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඇතැම් පිටු අස්ථානගත වී ඇති බවට පසුගිය කාලයේදී වාර්තා වූ අතර පසුගියදා පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත්…
නිරන්තරයෙන් ඇතිවන ගංවතුර පාලනය සඳහා නිශ්චිත හා තිරසර වැඩපිළිවෙළක් අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරනවා. ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ, ආපදා කළමනාකරණ සහ මුදල් අමාත්‍යාංශවල නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේදී පැවති විශේෂ සාකච්ඡාවකදීයි. මේ අතර පවතින ආපදාවලින් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සදහා තවත් රුපියල් මිලියන 50ක මුදලක් වෙන් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බව ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් කේ.ජී. ධර්මතිලක මහතා හට සදහන් කළා. ඒ ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
සැප්තැම්බර් මස 21 වන දින සිඩ්නි සිට කොළඹ බලා පියාසර කරමින් තිබූ ඹඛ -607 අංකය දරන ගුවන් යානයේ සිදුවීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව එම නිවේදනයේ සදහන්ව ඇත්ත අදාළ ගුවන් යානයේ සේවය කළ ප්‍රධාන නියමුවා සහ ඔහුගේ සහායක නියමුවාගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇති බවයි. මේ වන විටත් සිදුවීමට අදාළව පුළුල් විමර්ශනයක් ආරම්භකර තිබෙනවා. එම අවස්ථාවේ යානයේ සිටි ගුවන් නියමුවන් දෙදෙනා අතර ඇති වී තිබූ මතභේදාත්මක තත්වයක් හේතුවෙන් සහායක නියමුවාට පාලක මැදිරියට පැමිණීමට නොහැකි වන ලෙස ප්‍රධාන නියමුවා විසින් බාධා කිරීමක් සිදු කර තිබුනා. මගී ආරක්ෂාව සහතික කිරීම සහ සියලු නියාමන අවශ්‍යතා සමඟ…
පක්ෂය විසින් ගත් ඇතැම් තීන්දු ගැටළු සහගත බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක් වෙමිනුයි ඔහු මේ බව සදහන් කළේ. මේ අතර හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ධුරයෙන් විශ්‍රාම ගතයුතු කාලය එළැඹ ඇති බව ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කලේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
කොළඹ අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් අද දිනයේ වසා තැබෙන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පවසනවා. පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දකුණු පළාතේද පාසල් කිහිපයක් අද දින වසා තැබීමට තීරණය කර තිබෙනවා. දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් පරිදි මෙම තීරණය ක්‍රියාත්ම කරන බවයි දකුණු පළාත් ආණ්ඩුකාරවර මාධ්‍ය ඒකකය පවසන්නේ. ඒ අනුව අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් 5ක් සහ ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් අද වසා තැබෙනු ඇති එමෙන්ම දිවයිනේ සෙසු පාසල් පැවැත්වීම සම්බන්ධයෙන්ද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. එම නිවේදනයේ දැක්වෙන්නේ පාසල්වලට නිවාඩු ලබාදීමේ දී පළාත් ප්‍රධාන ලේකම්, පළාත් අධ්‍යාපන ලේකම් හෝ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් සුදුසු පරිදි අවශ්‍ය…
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් සහ දේශපාලන පක්ෂ ලේකම්වරුන් අතර හමුවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ 2024 මහ මැතිවරණය සම්බන්ධයෙන් සාකච්චා කිරීම සදහායි. පාර්ලිමේන්තුව මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිෂන් සභාව , දේශපාලන පක්ෂ ලේකම්වරුන් හමුවන පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්. එමෙන්ම අපේක්ෂකයකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල මෙහිදී තීරණය කිරීමටද නියමිත වනවා.
බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. එමෙන්ම බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 තරමක තද වැසි ඇතිවිය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශ වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන්.
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගය අද පැවැත් වෙනවා. දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගය අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගය කඩුලු 5කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුනා. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන 20යි 20 තරගාවලිය තරග 3කින් සමන්විත වෙනවා.
කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර පීලිපැනීමක් හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, අද පෙරවරු 7ට පමණ මඩකලපුව සිට කොටුව බලා ධාවනය වූ මීනගයා නගරාන්තර දුම්රියේ එංජිම මෙලෙස පීලිපැනීමකට ලක්ව ඇති බවයි. මේ හේතුවෙන් කොළඹ කොටුව සහ මරදාන අතර දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව සඳහන්. ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය සහ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයන් සිදුවිය හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස් තිබෙනවා. බටහිර ඉවුරේ ගොඩබිම් සටන්වල නිරත ඊශ්‍රායල හමුදා ඊයේ පලස්තීනුවන් 64 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. නැබ්ලස් ආණ්ඩුකාරවරයා සඳහන් කළේ මෙය සැලසුම් සහගත ඝාතනයක් බවයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222