Author: Kesara Athipola

ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් රට පුරා ක්‍රියාත්මක අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ අස්වැසුම ප්‍රතිලාභීන්, වකුගඩු දීමනාලාභීන්, ආබාධිත ආධාරලාභීන්, සමෘද්ධිලාභීන්, වැඩිහිටි දීමනාලාභීන් හා අනිකුත් රෝගාධාරලාභීන් සුදුසුකම් ලබයි. මෙම වැඩසටහනින් පවුල් ලක්ෂ තිස් නවයකට සහල් බෙදාදීම සඳහා රුපියල් බිලියන 126.1 රජය වැය කරන අතර කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් තෝරාගත් පවුල් එක් ලක්ෂ අසතුන් දහසකට මෙම ප්‍රතිලාභය ලැබීමට හිමිකම් ලබයි. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් ලබාදීමේ ජාතික වැඩසටහන සංකේතවත් කරමින් කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ප්‍රතිලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ වැඩසටහන ඉකුත් 22දා මට්ටක්කුලිය ශ්‍රී වික්‍රමාරාමයේදී සිදුකෙරිණි. එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසා…

තව කියවන්​න

2024 යල කන්නයේ වී වගාව සඳහා යෙදවීමට රජය විසින් මුල්‍යමය සහනාධාරයක් ගොවි ජනතාවට ලබා දීමට තීරණය කර ඇත. මේ සම්බන්ධව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සන්දේශයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පසුගිය මාර්තු මාසයේ දී හිමි විය. ඒ අනුව හෙක්ටයාර් එකකට රුපියල් 15,000ක් මුදලක් බැගින් මෙවර යල කන්නයේදීත් වී වගා කරන ගොවි ජනතාව සඳහා ලබා දීමට කටයුතු යොදා තිබේ. මෙම මුදල යොදාගනිමින් පොහොර මිල දී ගැනීම හෝ වී වගාව සඳහා වන වෙනත් කවර කටයුත්තක් සඳහා වුව ද මෙම මුදල යොදා ගැනීමට පිළිවන. මෙම මුදල් මෙතෙක් ලැබී නැතැයි ඇතැම් ගොවි සංවිධාන විසින් කරන ලද…

තව කියවන්​න

ජපාන තානාපතිවරයා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් ජපාන තානාපති මිසුකොශි හිඩේකි මහතා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර හමුවක් සවස ජපාන තානාපති නිල නිවසේ දී පැවැත්විණ. ජපාන සහයෝගිතාවය යටතේ විදුලිබල ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක වන වැඩසටහන්, විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය විසින් ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනට සහ බලශක්ති කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට ලබාදෙන මූල්‍ය සහ තාක්ෂණික සහය, විදුලිබල ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනයට ජපාන රජය ලබාදෙන ප්‍රතිපත්තමය මූල්‍ය ආධාර, න්‍යෂ්ටික බලාගාර වැඩසටහනේ නීතිරාමුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ක්‍රියාත්මක කරගෙන යන වැඩසටහන පිළිබඳව මෙහි දී සාකච්ඡා කර තිබේ. ජපාන තානාපතිවරයා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට සහ…

තව කියවන්​න

මෙම වසරේ මාර්තු මාසයේ උද්ධමන අනුපාතය 2.5% දක්වා අඩු වී ඇති අතර පෙබරවාරි මාසයේ දී එම උද්ධමනය  අනුපාතය 5.1% ලෙස පැවති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පෙන්වා දෙයි. අමාත්‍යවරයා සඳහන් කරන්නේ ආහාර උද්ධමනය 5% මට්ටමේ පවත්වාගෙන යාමට හැකි වී ඇති අතර ආහාර නොවන උද්ධමනය 0.7% දක්වා පහළ ගොස් තිබෙන බවයි. 2022 දී ශ්‍රී ලං⁣කාවේ උද්ධමනය 70%ක් දක්වා ඉහළ ගිය අතර ආහාර උද්ධමනය දැක්වුණේ 95%ක් ලෙසයි. උද්ධමනය පහළ යාම මගින් භාණ්ඩ මිල ක්ෂණික අඩුවීමක් සිදු නොවුණ ද මිල ඉහළ යාමේ සීඝ්‍රතාව මන්දගාමී වීමක් සිදු වන බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

තව කියවන්​න