Author: Kesara Athipola

කොළඹ වරාය නගර පරිශ්‍රයේ පිහිටුවන ලද “නිහොන්බෂි (Nihonbashi) ජපන් අවන්හල විවෘත කිරීම පසුගියදා පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. 1995 වසරේ ගාලු මුවදොර ටෙරස්හි ආරම්භ කළ පළමු නිහොන්බෂි ජපන් අවන්හල මෙරට සුප්‍රසිද්ධ සූපවේදියෙකු වන දර්ශන මුනිදාස මහතා විසින් මෙරටට දායාද කරන ලද ප්‍රමුඛ පෙළේ අවන්හලකි. ගතවුණු වසර 29ක් පුරාවට මෙම අවන්හල දෙස් විදෙස් සංචාරකයන් ඇතුළු මෙරට ජනතාවට ප්‍රණීත ජපන් ආහාර වේලක රස බැලීම සඳහා අවස්ථාව සලසා දී ඇත. අවන්හල නිල වශයෙන් විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අතර පැමිණ සිටි පිරිස සමඟ සුහද කතාබහක ද නිරත විය. එම අවස්ථාවට ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය…

තව කියවන්​න

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නිලධාරියකු අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන තුරු, දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරේ රාජකාරී ආවරණය කිරීම සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) එස්.එස් මුදලිගේ මහතා පත්කර ඇත. ප්‍රවාහන හා මහමාර්ග අමාත්‍යංශ ලේකම් රංජිත් ගංගානාත් රූබසිංහ මහතා විසින් සිදුකරන ලද මෙම පත්වීමට අදාළ පත්වීම් ලිපිය ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අමාත්‍යාංශ කාර්යාලයේ දී එස්.එස් මුදලිගේ මහතා වෙත පිරිනමන ලදී. ඒ අනුව ඒ මහතා දැනට දරනු ලබන අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) තනතුරට අමතරව දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරේ වැඩ ආවරණය කිරීම…

තව කියවන්​න

ලෝක මැලේරියා දිනය ඊයේ (25) දිනයට යෙදී තිබුණි. ඒ වෙනුවෙන් පවත්වන ලද ජාතික උත්සවය සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ පුර්ණ ආශිර්වාදය සහ මගපෙන්වීම යටතේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල මැලේරියා මර්දන ප්‍රාදේශීය ඒකක පරිශ්‍රයේ දී පවත්වන ලද අතර ජනතාව දැනුවත් කිරීමේ පා ගමන එම පරිශ්‍රයෙන් අරම්භ කර කුරුණෑගල නගරය ආවරණය වන පරිදි ගමන් ගන්නා ලද අතර මේ සදහා දිස්ත්‍රික්ක 25 නියෝජනය කරමින් මැලේරියා මර්ධන ව්‍යාපාරයේ ප්‍රාදේශීය ඒකක 27 නියෝජනය කරමින් සෞඛ්‍ය වෘත්තිකයින් සහභාගි විය. සෑම වසරකම අප්‍රේල් මස 25 වන දින ලෝක මැලේරියා දිනය සමරනු ලබන අතර මෙවර තේමාව වන්නේ ‘‘වඩා සාධාරණ…

තව කියවන්​න

ජනතාව යළි අරගලයකට නොයන ආර්ථික තත්ත්වයක් රට තුළ නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. කඩා වැටුණු ආර්ථිකය වසර දෙකක් තුළ යළි ගොඩනැඟීමට හැකිවූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා නැවත කඩා නොවැටෙන ආර්ථිකයක් රට තුළ ඇතිකර ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට කටයුතු කරන බව ද කියා සිටියේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ, ITC රත්නදීප අධි සුඛෝපභෝගි හෝටලය විවෘත කිරීමේ උත්සවයට ඊයේ (25)එක්වෙමිනි . ගාලුමුවදොර ඉදිකර ඇති ITC රත්නදීප හෝටලය ඉන්දියාවේ ITC හෝටල් සමූහය විසින් ඉන්දියාවෙන් පිටත ඉදිකළ පළමු හෝටලය වේ.

තව කියවන්​න

මෙම වසරේ පළමු කාර්තුව තුළ රුපියල් බිලියන 834ක රාජ්‍ය ආදායමක් උපයා ගැනීමට හැකි වී තිබෙන බවත් ඒ හරහා අපේක්ෂිත රාජ්‍ය අදායම් ඉල්ලක්ක අභිබවමින් 6%ක වර්ධනයක් පෙන්නුම් කරන බවත් අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. රටේ පවතින විධිමත් මූල්‍ය කළමනාකරණය සහ ආදායම් ලැබෙන රටාව අනුව සළකා බැලීමේදී 2024 වසර අදායම් ඉලක්ක සපුරාගත හැකි වසරක් වනු ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (25) ජනාධිපති මාධ්‍ය…

තව කියවන්​න