- දකුණු ආසියානු රට හරහා දිවීමේ පදක්කම්ලාභීන් කටුනායකට
- රක්ෂිතයකට ගිනි තැබූ 07ක් අත්අඩංගුවට
- කෙහෙළියගේ සහ පවුලේ අයගේ වත්කම් ගැන අධිකරණයෙන් තීරණයක්
- කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක දී අත් අඩංගුවට
- විදෙස් ජාතික කාන්තාවක් දියේ ගිලී මරුට
- ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂයට ජය
- 16 හැවිරිදි දැරියක් අතුරුදන්
- ගුවන් හමුදා පාපැදි සවාරිය ලබන 28 වනදා සිට
Author: Kesara Athipola
2024 වසරේ ගතවූ මාස 04 ක කාලය තුළ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371 ක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත ලැබී තිබේ. කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා සඳහා බඳවා ගැනීම් සිදු කිරීම, වලංගු රැකියා ඇණවුමක් නොමැතිව විදේශ රැකියා ලබා දීම සඳහා මුදල් අය කිරීම, සංචාරක වීසා මගින් තැනැත්තන් විදේශ රැකියා සඳහා යොමු කිරීම ආදී පැමිණිලි කාර්යාංශය වෙත ලැබී තිබේ. මෙසේ කාර්යාංශය වෙත ලද පැමිණිලි අතරින් පැමිණිලි 495 ක් සඳහා විසඳුම් මෙම කාල සීමාව තුළදී ලබා දී ඇති අතර පැමිණිලිකරුවන්ට රු 53, 509,520.00 ක මුදලක් යළි අය කර දීමට ද විමර්ශන නිලධාරීන් සමත් වී තිබේ. තවත් පැමිණිලි 680…
රඳවා ගැනීමේ බද්දෙන් අපහසුවට පත්ව සිටින වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙළක් යටතේ සහන සැලසීමට විශේෂ අවධානය යොමු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. මෙරට වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් අය කෙරෙන බැංකු පොලී අනුපාත සම්බන්ධව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී නැගූ පැනයකට පිළිතුරුදෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය. රුපියල් ලක්ෂයට වඩා මාසික පොලිය අඩු පිරිසගෙන් රඳවා ගන්නා පොලිය වහාම ඉවත් කිරීම වෙනුවෙන් දැනට රජයේ මුදල් ප්‍රවාහ අනුව විධිමත් ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මේ වන විටත් අදාළ ප්‍රතිපූර්ණ කටයුතු සඳහා බිලියන හතළිහකට ආසන්න මුදලක් වර්ෂයකට යෙදවිය යුතුව පවතින බවත් පෙන්වා…
ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ස්වීඩනය වෙත පිටත්ව ගොස් තිබෙනවා. ඊයේ රාත්‍රියේ ඔහු දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බවයි අප ගුවන්තොටුපොල වාර්තාකරු සඳහන් කළේ. එරට පැවැත්වෙන ජනහමුවක් සහ සුහද හමු කිහිපයක් සඳහා සහභාගී වීම වෙනුවෙන් අනුර කුමාර දිසානායක මහතා මෙම සංචාරයේ නිරත වනවා.
පක්ෂ විනය කඩකරමින් සමගි ජන බලවේගය සමග ගිවිසුම්ගත වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනාගෙන් නිදහසට කරුණු විමසීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කළ බවට වාර්තා වනවා. පක්ෂයේ විනය කමිටුව ලබාදුන් නිර්දේශ අනුව මෙම තීරණය ගත් බව සඳහන්. මහාචාර්ය ජී. එල් පීරිස් , ආචාර්ය නාලක ගොඩහේවා , ඩිලාන් පෙරේරා , වසන්ත යාපා බණ්ඩාර , වෛද්‍ය උපුල් ගලප්පත්ති සහ කේ.පී.එස්. කුමාරසිරි යන මන්ත්‍රීවරුන් පසුගියදා සමගි ජන බලවේගය සමග ගිවිසුම් ගත වුණා.
ටැන්සානියාවේ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 155 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එමෙන්ම තවත් පුද්ගලයින් 236 දෙනෙකු තුවාල ලබා ඇති බවය විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. එරට බොහෝ ප්‍රදේශවල දින කිහිපයක සිට පවතින දැඩි සුළං, ගංවතුර හා නායයෑම් හේතුවෙන් පීඩාවට පත්ව ඇති පුද්ගලයින් ගණන ලක්ෂ 2කට අධික බව සඳහන්. නිවාස 10,000කට වැඩි සංඛ්‍යාවකට ඉන් හානි සිදුවී ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222