Author: Kesara Athipola

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. ඇමෙරිකා එක්සත් ජනපදයේ සහාය ඇතිව මෙරට කිරි නිෂ්පාදනය නවීකරණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර එම වැඩසටහන මඟින් දිවයින පුරා දැනට ක්‍රියාත්මක කිරි නිෂ්පාදනය ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘති තවදුරටත් දිරිමත් කරනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. රජයේ කෘෂි නවීකරණ වැඩසටහන පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ඇලෙක්සිස් ටේලර් මහත්මියව දැනුවත් කළ අතර මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රය සඳහා තරුණ පුරපුර ආකර්ශණය කර…

තව කියවන්​න

පරිභෝජනයට නුසුදුසු සහල් අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක දිවා ආහාර වැඩසටහනට අදාළ නොවන බවත් එය ලෝක ආහාර වැඩසටහන (world Food programme) මගින් අතිරේකව ලබා දෙන සහල් පැකට් වගයක් බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායකවරයා විසින් අසන ලද ප්‍රශ්නයටකට පිළිතුරු ලබා දෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මුදල් වියදම් කර දරුවන්ට නුසුදුසු ආහාර ලබා නොදෙන බවත් ඒ පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් මගින් පළාත් නිලධාරීන්ට යොමු කර පී එච් අයි මගින් ද වරින්වර පරීක්ෂා කිරීම් සිදු කරන ලෙසත් උපදෙස් ලබා දී ඇති බවයි.

තව කියවන්​න

රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ රජයේ නිශ්චිත නියාමනයක් පවත්වා ගනිමින් නිශ්චිත බදු මුදල් අය කරගනිමින් එම ආයතන සම්බන්ධයෙන් රජයේ බර අඩු කරගනිමින් වඩාත් පුළුල් ප්‍රතිපත්ති රාමුවක් තුළ එම ආයතනවල ව්‍යවසායකත්ව කටයුතු පෞද්ගලික අංශයට පැවරීම බවත් ඒ ඒ ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව හඳුනාගත් සුවිශේෂ හේතු පවතින බවත් ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. ලාභ ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නැගූ පෑනේ එකට පිළිතුරු දෙමින් ඊයේ පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ඇතැම් රාජ්‍ය ව්‍යාපාර නිසි ප්‍රතිපත්ති රාමුවක් තුළ සහ ව්‍යවසායකත්වයක් තුළ ක්‍රියාත්මක නොවීම නිසා වසරකට රුපියල් බිලියන 500කට ආසන්න අලාභ රටේ ජනතාව මත බදු…

තව කියවන්​න

දැනට අතරමග නැවතී ඇති අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවැනි අදියර නැවත ආරම්භ කිරීම සඳහා මූල්‍ය පහසුකම් ලබා දීමේ කාල රාමුව දිගු කිරීමට මුදල් රාජ්‍ය ආමත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී ජපාන අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය (JICA) එකඟත්වය පළ කරයි. ඒ අනුව හැකි ඉක්මණින් ඊට අදාළ වැඩ කටයුතු යළි ආරම්භ කිරීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ජල සම්පාදන සහ ජලපවාහන මණ්ඩලය වෙත උපදෙස් ලබා දුන්නේ ය. ඊට අදාළ විශේෂ සාකච්ඡාවක් මුදල් අමාත්‍යාංශයේ දී පැවැත් වුණේ ජපාන අන්තර්ජාතින සහයෝගීතා ඒජන්සියේ මෙරට ප්‍රධානී යමඩා ටෙට්සුයා මහතා ඇතුළු පිිරිසකගේ සහභාගීත්වයෙනි.

තව කියවන්​න